මන්නේ පන්නරය | සිළුමිණ

මන්නේ පන්නරය

එක්තරා ගැමි­යෙක් හේනේ පිටියේ වැඩ සඳහා ශක්ති­මත් මන්න­යක් සාදා ගැනී­මට පහළ කම්මලේ ආචා­රි­යාට පිරි­සුදු ව‍ා‍ෙන් තල­යක් දී මන්න­යක් සාදා දෙන ලෙස කීවේය. කම්හ­ල්කරු කල­කට පසු ඉස්ත­රම් ව‍ානේ තල­යක් දුටු නිසා එය බාර­ගෙන අස­වල් දවසේ එන්න යැයි ගැමි­යාට පැව­සීය. මෙවැනි ඉස්ත­රම් වානේ තල­ය­කින් මන්න­යක් සාද­න­වාට වඩා මට මේස පිහි හත අටක් සාදා ගත්තා­නම් ලොකු මුද­ල­කට විකුණා ගත හැකි­යැයි සිතූ කම්ම­ල්කරු පරණ අමු යකඩ කෑල්ලක් ළිපේ දමා රත්කර තලා මන්න‍ා තල­යක් හා කැති බෙර­යක් සමඟ මිට ගසා තැබීය.

නිය­මිත දින පැමිණි ගැමි­යාට මන්නය දුන් කම්හ­ල්කරු කුලිය ද ලබා ගත්තේය. ගැමි­යාද ඉතා සතු­ටින් ‘මන්නය’ බාර ගෙන ගෙදර ගොස් බිරි­යට පෙන්වූ­යෙන් ඇය මන්නේ­නම් හේනේ වැඩට නෙවෙයි. කොස්, දෙල් කපන්න මැල්ලු­මක් ලියා ගන්න මේක හොඳ කුස්සි­යට යැයි කිවේය.

දව­සක් දෙකක් ‘හේනේ’ වැඩ­පළ කරලා බලලා දෙන්නම් කෝ යනු­වෙන් පැවසූ ගැමියා උදය කාලයේ හේනට ගොස් කුඩා පඳුරු කීප­යක් කපා දමා වැර­නිය පඳු­ර­කට තර­මක් වේග­යෙන් මන්නා පහ­රක් එල්ල කළේය. මන්නය දෙකට කැඩී තලය පැත්ත­ක­ටත් මිට පැත්ත­ක­ටත් විසි විය.

මෙයින් සිත් තැවු­ලට පත් ගැමියා මන්නා තලය අතට ගෙන දෙපැත්ත හරවා බලා තමා දුන් ‘වානේ’ තල­යෙන් නොව වෙනත් අමු යකඩ කෑල්ලක් රත්කර තලා මන්නය අටවා දුන් බව තේරුම් ගත්තේය. කම්හල් හිමියා රැවටු බව දැන­ගත් ගම­රාල තල­යත් මිටත් ගෙන ගොස් පෙන්නා මෙසේ කීවේය.

පිරි­සුදු වානේ ‘තල­යක්’ නේ දුන්නෙ මම
අමු යක­ඩය තලා ‘පන්නරේ’ නැතිව මෙම
‘මන්නය’සදා දුන්නත් එය නොනිමි නිම
මල නහ­ය­වත් නොකැ­පෙ­න්නට කරුණ කිම

ගැමියා ඇසු ප්‍රශ්න­යට පිළි­තුරු වශ­යෙන් කම්හ­ල්කරු තර­මක ‘දෙගි­ඩි­යා­ව­කින්’යුතුව මෙසේ පිළි­තුරු දුනේ­නේය.

පොල් කටු අඟුරු තිබුණේ නෑ. ඇති තරම
කුස්සියෙ’ ළිපෙයි යක­ඩය ගිනි දැම්මේ මම
අඹු­වත් ගමට ගොස් දරු­වන් කැටුව හැම
කවු­රුත් හිටියෙ නෑ අදි­නට ‘මයින’ හම

සරීනා රහීම්
කොළඹ - 02


පවු­ලක බර කරට ගත් දරු දෙදෙ­නෙක්

දරු­වන් දෙම­වු­පි­යන් අතර ඇති සහ­ස­ම්බ­න්ධ­තාව කෙත­රම් හෘද­යාං­ගම වුවද ඇතැම් විට දරු­වන් විසින් අත­හැර දමන ලද විය­පත් දෙමා­පි­යන්ගේ දුක් අඳෝනා කොතෙ­කුත් අස­න්නට ලැබේ. නමුදු මේ කිය­න්නට සුදා­නම් වන්නේ බෝසත් දරු­වන් දෙදෙ­නෙ­කුගේ කතා­වකි.

පොළො­න්රුවේ වෙසෙන තිලක් ගාමිණි ජය­ර­ත්නට ස්ථිර රැකි­යා­වක් නොති­බිණි. ඔහුගේ එකම ආදා­යම් මාර්ගය වූයේ ඉංග්‍රිසි විෂය ඉගැ­න්වි­මය. මෙය ඔහුට හොඳ ආදා­යම් මාර්ග­යක් විය. මේ ආදා­යම් මාර්ගය ඔහුට තම බිරි­යත් දරු­දෙ­දෙ­නාත් පෝෂ­ණය කිරී­මට ප්‍රමා­ණ­වත් විය. නමුත් ඔවුන්ගේ ජීවි­ත­ව­ලට කණ­කොකා හඬ­න්නට වැඩි කලක් ගත නොවූයේ තිලක් ගාමි­ණීගේ බිරිය හදි­සි­යේම රෝගී­වී­මත් සම­ඟය. හෘද­යා­බා­ධ­ය­කින් පෙළෙ­න්නට වූ ඇයගේ රෝගී තත්ත්වය වෙනු­වෙන් විශාල මුද­ලක් වැය කර­න්නට මෙන්ම ඇය රැක බලා­ග­න්නට ද තිලක්ට සිදු­විය. පාසල් වියේ පසු­වන දෙද­රු­වන්ට මව රැක ගැනීම අසී­රුය. මේ නිසා ගාමි­ණිට පෞද්ග­ලික පන්ති පැවැ­ත්වීම අසීරු විය. මේ නිසා ඔවුන්ට ජීවත් වීමට තිබූ එකම ආදා­යම් මාර්ග­යද අැහි­රිණි.

අව­සා­නයේ පවුලේ බර කරට ගත්තේ දෙද­රු­වන්ය. තෝපා වැව මහා විද්‍යා­ලයේ දහ­තුන වසරේ ඉගෙ­නුම ලබන සකු­න්තලා දිය­ණිය හා අභය මහා විද්‍යා­ලයේ පහ­ව­සරේ ඉගෙ­නුම ලබන සකු­න්තල පුතු පවුලේ ආර්ථි­ක­යට ශක්ති­යක් වූහ.

“අපට බොහෝ ආර්ථික අමා­රු­කම් තියෙ­නවා. උදව් කරන්න කෙනෙක් නැහැ. බිරි­යට බෙහෙත් ගන්න පරී­ක්ෂණ කරන්න හුඟක් මුදල් වැය වෙනවා. කර­න්නම දෙයක් නැති තැන මම මව් ගුණ කවි­යෙන් ලියා දුන්නා. දුවයි පුතයි දෙන්නා මේ කවි බණ ගායනා කර­නවා. අපි දරුවෝ තනි­යම යවන්නේ නැහැ. මම දරු­වන්ගේ තනි­යට යන්නේ රෝගී බිරි­යත් අර­ගෙන. දරුවෝ දෙන්න­ගෙත් එකම බලා­පො­රො­ත්තුව අම්මා සුව­පත් කිරීම. මම ඉංග්‍රිසි දෙමළ සිංහල භාෂා තුනින්ම පන්ති කෙරුවා. ඒ දව­ස්වල අප බොහොම හොඳින් ජීවත් වුණා.” ගාමිණි පව­සන්නේ කන­ගා­ටු­වෙනි.

දැන් ඔවුන් දවස ගෙවන්නේ දිය­ණි­යත් පුතාත් කවි බණ කීමෙන් සොයා ගන්නා මුද­ලෙනි. එයින් වැඩි කොට­සක් වැය වන්නේ මවගේ ප්‍රති­කාර සඳ­හාය.

“අපි ඉගෙන ගන්න ආසයි. ඒත් අම්මා අස­නී­පෙන් ඉන්නවා අපිට බලන් ඉන්න බැහැ. තාත්තාට අම්මා දාලා කොහේ­වත් යන්න බැහැ. ඉස්සර අපිට හොඳ ගෙයක් තිබුණා. දැන් අපේ ගේත් හොඳ­ටම අබ­ලන් වෙලා. කවි බණ කියන්න යන්නේ කවුරු හරි ආරා­ධනා කළොත් . ඒත් හැම­දාම එහෙම යන්න ලැබෙන්නේ නැහැ. කවුරු හරි අපට උදව් කර­නවා නම් ඒක ලොකු පිනක්.”

සකු­න්තලා කරන්නේ අහිං­සක ඉල්ලී­මකි. මේ දරු­ප­වුල වෙනු­වෙන් ඔබට කළ හැකි යමක් වේ නම් එය මහඟු පින්ක­මකි.

එච්. එල්. තිලක් ගාමිණි ජය­සිංහ
දුර­ක­ථන අංකය-076-8947062
ගිණුම් අංකය-8880031328
කොම­ර්ෂල් බැංකුව - පොළො­න්න­රුව ශාඛාව

හේමන්ත බණ්ඩාර
ජය­න්ති­පුර සමූහ

Comments