ගමින් ගමට යන මහි­න්දගේ ජංගම පුස්ත­කාලේ | සිළුමිණ

ගමින් ගමට යන මහි­න්දගේ ජංගම පුස්ත­කාලේ

රු­වන් අත­රට පොත් ගෙන ගිය දිනක්

සර­සවි දිවි­යේදී ලද ශිෂ්‍යත්ව ආධාර මුද­ලින් ගත් පොත් සඟරා පරෙ­ස්සම් කර දරු­වන්ට දුන්නා. සියල්ල සිදු­වන්නේ විශ්වා­සය මතයි. මට දරු­වන් අවි­ශ්වාස නෑ

මුහුණු පොතට අන්ත­ර්ජා­ල­යට දරු­වන් ඇබ්බැ­හි­වන යුග­යක පොත පතට දරු­වන් නැඹුරු කිරීම අද වන විට එක්තරා විදිහේ අභි­යෝ­ග­යකි. මේ නව තාක්ෂ­ණ­යෙන් ඈත්ව සිටිය ද ඇතැම් දරු­වන්ට පාසල් පෙළ පොත් හැරුණ විට බාහිර පොත පත මිලට ගන්නට තරම් වත්ක­මක් නැත. මේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් දෙන්නට කෙනෙක් ඉදි­රි­පත් වන්නේ නම් එය යුගයේ හැටි­යට සද්කා­ර්ය­යකි. තමන් පොතින් පතින් උගත් දෙයින්, තම ගම් ප්‍රදේ­ශයේ දරු­වන්ට දැනුම ලබා දීම­ටත් ඔවුන් පොත පත කෙරෙහි නැඹුරු කර­වී­ම­ටත් සාමාන්‍ය මිනි­සෙකු ඇරඹී අපූරු කාර්ය­යක් පිළි­බ­ඳය මේ තොර­තුර.

මෙහි පුරෝ­ගා­මියා වන්නේ මහින්ද දස­නා­යක මහ­තාය. අර­ණා­යක ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අය­ත්‍ ­කෙ­සෙ­ල්වත්ත ග්‍රාම සේවා වසමේ වඩු­මුල්ල ඔහු ජීව­ත්වන ගම්මා­න­යයි. යටි­ය­න්තොට ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ලයේ ළමා රක්ෂක නිල­ධා­රි­යකු ලෙස කට­යුතු කරන ඔහු දැයේ දරු­වන් කෙරෙහි දක්වන්නේ අසී­මිත කරු­ණා­වකි. සිය රාජ­කා­රි­යට අම­ත­රව ඔහු විසින් දැනට නොමිලේ ජංගම පුස්ත­කාල සේවා­වක් පව­ත්වා­ගෙන යයි. එය ආරම්භ කෙරුණේ මේ වසරේ ජන­වාරි මාස­යේය.

තමන් පවත්වා ගෙන යන ජංගම පුස්ත­කා­ලය ආරම්භ කිරීමේ අද­හස පිළි­බඳ මහින්ද පව­සන්නේ මෙවැනි කතා­වකි.

“මම හෙට්ටි­මුල්ල බණ්ඩා­ර­නා­යක මහා විද්‍යා­ල­යෙන් අධ්‍ය­ප­නය ලබා අන­තු­රුව රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ ජල සම්පත් කළ­ම­ණා­ක­ර­ණය පිළි­බඳ උපා­ධි­යක් ලබා ගත්තා. විශ්ව­වි­ද්‍ය­ලයේ සිටින කාලයේ පොත­පත කිය­වී­මට අම­ත­රව සමා­ජයේ විවිධ පුද්ග­ල­යන් අසුරු කර­න්න­ටත් ලැබුණා. විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වසරේ ඉන්න කාලයේ වවු­නි­යාව, මැද­ව­ච්චිය වැනි ප්‍රදේ­ව­ලට යන්න අව­ස්ථාව ලැබුණා. එහි දී අපි විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය­යන් වශ­යෙන් යුද්ධ­යෙන් බැට කෑ සමා­ජයේ දරු­වන්ගේ ප්‍රශ්න දැක්කා. ළමා අප­චාර, මත් ද්‍රව්‍ය­ය­ව­ලට ළම­යින් යොමු­වීම. එහි දි තමයි මේ අනා­ගත පර­පුර වෙනු­වෙන් යමක් කළ යුතුයි කියන සංක­ල්පය මුලින්ම හිතට ආවේ. එහෙම ඉන්න­කොට තමයි 2014 වර්ෂයේ ජාතික ළමා රක්ෂක අධි­කා­රි­යට අනු­යු­ක්තව යටි­ය­න්තොට ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ල­යට රැකි­යාව ලැබුණේ. ලැබුණු රැකි­යා­වත් ළම­යින්ට සම්බන්ධ ම දෙයක් නිසා මගේ අර­මුණ සම්පුර්ණ කර ගැනීම තවත් පහසු වුණා.

ළමා මනස සකස් කළොත් රටේ අනා­ග­ත­යට හොඳ පුර­වැ­සි­යෙක් හදන්න පුළු­වන්. ඒ නිසා ළමු­යින් අතර හොඳ ගුණ ධර්ම වර්ධ­නය කළ යුතුයි. එම නිසයි මෙම ජංගම පුස්ත­කාල වැඩ සට­හන පටන් ගත්තේ. මම විශ්ව­වි­ද්‍යා­ලයේ ඉන්න කාලයේ ශිෂ්‍ය­ත්ව­යක් වශ­යෙන් රුපි­යල් 1900 ක් ලැබුණා. මම එම මුද­ලින් පොත්, සඟරා ආදිය ගෙන තිබුණා. ඒවා ද උප­යෝගි කර­ගෙන යතුරු පැදි­යෙන් දැනට මාස 7 ක විතර සිටයි මේ වැඩ සට­හන පටන් ගත්තේ.”

මහින්ද විසින් එක් ග්‍රාම සේවා වස­ම­කින් ආරම්භ කළ මේ ජංගම පුස්ත­කා­ලය ඉන්පසු අනෙක් ග්‍රාම සේවා වස­ම්වල ද ව්‍යාප්ත කරනු ලැබීය. දැන් ඔහුට කාගේ කාගේත් උදව් ලැබෙ­න්නේය. ඔහු ගම්මා­න­වල පොදු ස්ථාන­ව­ලට පොත් රැගෙන යන්නේ තම රාජ­කාරී වේලා­වෙන් පසුය. එලෙස රැගෙන යන්නේ යතුරු පැදි­යෙනි. ඔහුගේ ජංගම පුස්ත­කා­ලයේ එක්තරා ක්‍රම­වේ­ද­යක් තිබේ.

“මම කිසිදු මුද­ලක් අය කරන්නේ නෑ.නොමි­ලේ­මයි එම සේවා­වන් කරන්නේ. මේ සතියේ ලබා­දුන් පොත් ඊළග සතියේ භාර­දිය යුතුයි. ඒ පොත අවශ්‍ය නම් ඊළඟ සතිය දක්වා පරි­ශී­ල­නය කළ හැකියි. අපි එකි­නෙකා මත තියෙන විශ්වා­සය මතයි පොත් බාර දෙන්නේ. ළමයි ගැන මට අවි­ශ්වා­ස­යක් නැහැ. ඒ වගේම තමයි පොත් ගෙනි­යන්න එන දරු­වන් එකට රැස් වුණාම මම ඔවුන්ට පුංචි දේශන පව­ත්ව­නවා. පොත පත ගැන මෙන්ම ලෝකය ගැන. මෙම සද් කාර්යයේ දි මගේ තේමා පාඨය වන්නේ ‘මම පොතයි’ යන්නයි. එය තෝරා ගත්තේ ළම­යින්ට සරල තේරුම් ගත හැකි වචන මාලා­වක් නිසයි. දැනට කෑගල්ල හා අර­ණා­යක යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ව­ලට අයත් ගම්මා­න­වල සිදු කර­ගෙන යන මෙම කට­යුත්ත ඉදි­රි­යේදී තවත් පුළුල් කිරී­මට කට­යුතු කර­නවා. ඒ අනුව යටි­ය­න්තොට ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­ස­යට අයත් වේවැ­ල්ත­ලාව වගේ දුෂ්කර මෙන්ම දෙමළ දරු­වන්ට මෙම සේවාව ආරම්භ කිරී­මට උත්සහා කර­නවා. දැනට ළම­යින්ගේ මෙන්ම වැඩි­හි­ටි­යන්ගේ දැඩි උන­න්දු­වක් තියෙ­නවා මෙම වැඩ සට­හන සඳහා. දැන­ට­මත් පොත් හා පොත් ලබා ගැනීම සදහා මුදල් දීමට කැමති අය බොහෝ දෙනා ඉදි­රි­පත් වෙලා ඉන්නවා. නමුත් මම කිසිම කෙනෙ­කු­ගෙන් මුදල් ගන්නේ නැහැ. ඒත් යම් අයෙක් මට පොත් දෙනවා නම් ඒවා මගේ නිවෙ­සට හෝ යටි­ය­න්තොට මගේ කන්තෝ­රු­වට ඇවිත් මා හමුවී දෙන්න කියන කාරු­ණික ඉල්ලීම විත­රයි කරන්නේ.” දස­නා­යක මහතා පව­සයි.

ඩබ්ලිව්. රෝහණ
බුල­ත්කො­හු­පි­ටිය සමූහ

Comments