පැය 22න් කොළඹ කුණු හමා­රයි | සිළුමිණ

පැය 22න් කොළඹ කුණු හමා­රයි

* කුණු­ව­ලට අලුත්ම විස­ඳු­මක්
* විස­ඳුම දුන්නේ බැක්ටී­රියා 3ක්
* විනි­ම­යත් ඉති­රියි. කොම්පෝ­ස්ට්ව­ලින් ආදා­යම් 
* අඩු ඉඩක්. කසළ වෙන් කිරී­මක් නෑ

කුණු කර­ද­ර­කාරී ප්‍රශ්න­යක්ව බොහෝ කල් ගත වී ඇත. එයට පිළි­යම් සෙවී­මට අපි බොහෝ ප්‍රමාද වූයෙමු. එහෙත් පමා වී හෝ නිසි පිළි­ය­මක් කරා යොමු වීම වැද­ගත්ය. කැමැති වූවද අක­මැති වූවද අපේ නිවෙසේ, කාර්යා­ලයේ, නිෂ්පා­ද­නා­ගා­රයේ තේ කඩයේ කුණු මහ මඟට ඇද දමා නිද­හස් වීමට අපි කැමැ­ත්තෙමු. කුණු­ව­ලින් තොර රටක් නිර්මා­ණය කර ගැනීම එයින් ම සිහි­න­යක් වේ.

කුණු ප්‍රති­ච­ක්‍රී­ක­රණ මධ්‍ය­ස්ථාන බොහො­ම­යක් තිබේ. කුණු කඳු ද තිබේ. අලු­ව­ක්කාලු වැනි කුණු වළ­වල් ද තිබේ. එහෙත් කුණු­ව­ලින් තොර රටක් දැකීමේ සිහි­නය සිහි­න­යකි. තව­මත් කුණු ප්‍රශ්නය එලෙ­ස­මය. කුණු රටට ගැට­ලු­වක් නොවී­මට නම් දින­කදී රටේ නිප­ද­වෙන කුණු ප්‍රමා­ණය පසු දින වන විට අව­සන් විය යුතුය. මෙරට තව­මත් එවන් ක්‍රම­වේ­ද­යක් සැකැසී නොමැත. කොම්පෝස්ට් සක­සන තෙක් කුණු ගොඩ ගසා තැබේ. අලු­ව­ක්කාලු දක්වා ගෙන­ය­න­තෙක් කුණු ගොඩ ගසා තැබේ. මේ කුණු වෙන්කර ගැනී­මට වෙනම සේවක පිරි­සක් අව­ශ්‍යය. එහෙත් ඒ සඳහා යොමු කර ගත හැකි සේවක පිරිස සීමි­තය. අනි­යම් හෝ තාව­කා­ලික පත්වීම් ලබා ස්ථීර පත්වීම් ලබන කම්ක­රුවෝ කුණු හා රැඳෙන්නේ නැත. නැති­නම් නිවාඩු ලබති. එය මානු­ෂීය ප්‍රශ්න­යකි. ලංකාවේ පොදු ප්‍රශ්න­යක් වූ කුණු­ව­ලින් නිද­හස් නගර සභා ප්‍රාදේ­ශීය සභා ඇත්තේ අත­ළො­ස්සකි.

අද එන කුණු හෙට ඉව­රයි

අද නිප­ද­වෙන කුණු හෙට උදෑ­සන වන­විට ඉව­ත්කි­රීම සිහි­න­ය­කැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය සිහි­න­යක් නොවේ. බොහෝ රට­වල ක්‍රියා­ත්මක තිර­සාර ප්‍රති­ච­ක්‍රී­ක­රන ක්‍රම­වේ­දය ඔස්සේ කුණු වටිනා සම්ප­තක් සේ සලකා කළ­ම­ණා­ක­ර­ණය කෙරේ. කළ­ම­ණා­ක­ර­ණය කර­මින් ඉන් විශාල ධන­යක් උප­යයි. එහෙත් ලංකාවේ නිවැ­රදි තිර­සර ක්‍රම­වේ­ද­යක් භාවිත නොකි­රීම ගැට­ලු­වට විස­ඳුම් පමා කර තිබේ. ශ්‍රී ලංකාවේ අපි තව­මත් භාවිත කරනු ලබන්නේ ප්‍රාථ­මික අඩු කාර්ය­ක්ෂ­ම­තා­වෙන් යුත් සංකීර්ණ ක්‍රම­වේ­ද­යන්ය. කසළ අවම කිරීම කෙරෙහි අප තවම අව­ධා­නය යොමු කොට නැත. නැවත භාවි­තය කෙරෙහි අප තව­මත් අව­ධා­න­යක් යොමු කර ඇති බවක් නොපෙනේ. එහෙත් ප්‍රති­ච­ක්‍රිය කර­නය කෙරෙහි අපි අව­ධා­නය යොමු කර ඇත්තෙමු. එහෙත් එය කාර්ය­ක්ෂම ක්‍රියා­ව­ලි­යක් නොවේ.

ගොඩ­ගැ­සීම හෝ වැළැ­ලීම කිසි­සේත් කසළ කළ­ම­ණා­ක­ර­ණ­යෙහි නිවැ­රදි ක්‍රම­වේ­ද­යන් නොවේ. ගොඩ­ගැ­සිම වෙනු­වට වැළැ­ලීම භාවිත කළ ද අලු­ව­ක්කාලු කසළ අංග­නය භාවි­ත­යට ගත හැකි කාලය සීමි­තය. එය වසර සීය­යක් හෝ දෙසි­ය­යක් පමණ විය හැකිය. එහෙත් ලංකාවේ කුණු නිමා වන්නේ කව­දාද?

ලංකාවේ නාග­රික අප­ද්‍රව්‍ය අත­රින් 40-75% කාබ­නික හෙවත් දිරා­යන අප­ද්‍රව්‍ය වේ. මේ කසළ කළ­ම­ණා­ක­ර­ණයේ අභි­යෝ­ගා­ත්මක කොට­සයි. දුඟද හා අප ජලය පරි­සර දුෂ­ණය, මැසි මදුරු උව­දුරු, සෞඛ්‍ය, භූගත ජල දූෂ­ණය, ජල­මූ­ලාශ්‍ර අප­වි­ත්‍ර­වීම කෙරෙහි බල පෑම් කරනු ලබන්නේ කාබ­නික අප­ද්‍රව්‍ය වේ.කොළඹ මධ්‍යම වෙළෙඳ පොළ, දඹුල්ල, මීගොඩ , රත්ම­ලාන වැනි ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල අප­ද්‍රව්‍ය මාළු වෙළෙ­ඳ­පොළ අප­ද්‍රව්‍ය කාබ­නික අප ද්‍රව්‍ය ලෙස රැස් වේ. මේ අප­ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට ක්‍රමි­කව පත් වීමට දින 80-90 අතර කාල­යක් ගතවේ. එම කාලය එක් දිනක් දක්වා අඩු­කර ගත හැකි උසස් තාක්ෂ­ණ­යෙන් පෝෂිත පාරි­ස­රික පද්ධ­ති­යක් හඳුන්වා දිමට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සමා­ජීය විද්‍යා පීඨ පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නයේ ආචාර්ය ඇම්. ජී. කුල­රත්න මහතා ඇතුළු කණ්ඩා­යම සමත්ව සිටී.

පැය දෙකෙන් දෙකට යන්ත්‍ර­යට අප­ද්‍රව්‍ය

කාබ­නික ද්‍රව්‍ය දීරා­පත් වීම වේග­වත් කිරීමේ ජීව තාක්ෂ­ණික ක්‍රම­වේ­දය ERS (Environmentd Recyclinn System) ඒ යාන්ත්‍ර­ණ­යයි. මේ යන්ත්‍ර­යට පැය දෙකෙන් දෙකට අප­ද්‍රව්‍ය යොමු කළ හැකි අතර පැය 22කින් කොම්පෝස්ට් නිෂ්පා­ද­නය වී පිට­තට පැමිණේ. ද්‍රව­මය අප­ද්‍රව්‍ය, ගලි අප­ද්‍රව්‍ය, මේ යන්ත්‍රය හරහා කොම්පෝස් බවට පත්කර ගත හැකිවේ. අප ජලය මේ යන්ත්‍ර­යට යොමු කොට අප­ද්‍රව්‍ය ඉවත් කර කොම්පෝස්ට් නිප­දවා පිරි­සිදු ජලය පරි­ස­ර­යට මුදු හැරිය හැකි වේ. ඒ සඳහා ගත­වන කාලය පැය 22ක් පමණි. කුණු සඳහා දුර්ග­න්ධය වළ­ක්වන රසා­ය­නික යෙදීම අවශ්‍ය නොවන අතර යන්ත්‍ර ක්‍රියා­කා­රී­ත්වය මගින් අප­ද්‍ර­ව්‍යන්ගේ දුර්ග­න්ධය නසා දමයි.

මෙසේ දින­පතා රැස්වන කාබ­නික අප ද්‍රව්‍ය කොම්පොස්ට් බවට පත්කී­රීම මගින් වගා­වන්ට අවශ්‍ය පොහොර ආන­ය­නය අවම කර ගත හැකිය. කොම්පොස්ට් අලෙ­වි­යෙන් ආදා­යම් බලා­පො­රොත්තු නොවන්නේ නම් නිප­ද­වනු ලබන කොම්පෝස්ට් රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු ඉඩ­ම්ව­ලට මුදා හැරිය හැකිය.

ඉතාම වැද­ගත් කාර­ණය වන්නේ වීදුරු, යකඩ, ලී, ප්ලාස්ටික්, ඉටි­කොළ වැනි ද්‍රව්‍ය කළ­මණා කර­ණ­යට මින් පහ­සු­වක් සැලැ­සී­මයි. ERS යන්ත්‍රය තුළට කිසි සේත් ම කසළ වෙන්කොට යොමු කළ යුතු නොවේ. නගර සභාව කසළ වෙන් කර රැස් කිරී­මට ජනයා දැනු­වත් කර ඇත. නිෂ්චිත දින­කට ගෙන­යන තුරු කසළ නිවෙසේ රඳවා ගැනී­මට ජන­යාට සිදුවේ. ඒ කර­ද­ර­යෙන් ජනයා මුද­වා­ලී­මට ද කසළ වෙන් කිරී­මට යන විය­දම අවම කර ගැනි­මට ද ප්‍රති­ච­ක්‍රි­ක­රණ ක්‍රියා­ව­ලි­යෙදී මේ ERS යන්ත්‍රය භාවි­ත­යෙන් හැකි­යාව ලැබේ. කාබ­නික නොවන දිරා නොයන කසළ යන්ත්‍ර­යෙන් පිට­තට පැමිණි පසු ඒවා ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය සඳහා යොමු කළ හැකිය. කුණු කඳු ගොඩ ගසා­ගෙන කසළ තේරීමේ කාර්ය නවතා ලීමට ERS යන්ත්‍ර­යට හැකි­යාව තිබේ. එය මේ යන්ත්‍රයේ ඇති සුවි­ශේෂි වාසි­යයි.

මිරි­දිය මත්ස්‍ය කර්මා­න්තය හා සුරතල් මසුන් සඳහා විනි­මය වැය කර­මින් අපි මත්ස්‍ය ආහාර ආන­ය­නය කරමු. රට­වටා කර­වල වාඩි, මාළු වෙළෙඳ සැල් ආදි­යෙහි රැස් වන සත්ව අප­ද්‍රව්‍ය, ටැන්කි පිරි­සිදු කර­න්නන්, කලපු ආඳා හා වැව්පො­කු­ණු­වල වෙසෙන පරි­භෝ­ජ­න­යට නොගන්නා මසුන්, සත්ව ගොවි­පළ ඉව­ත­ලන ද්‍රව්‍ය එක්කර මේ යන්ත්‍රය භාවි­ත­යෙන් අපට මත්ස්‍ය ආහාර නිෂ්පා­ද­නය කිරී­මට හැකි­යාව තිබේ. රට­වටා ඇති මත්ස්‍ය වෙළෙඳ සැල්හි අප ද්‍රව්‍ය­පැය 22ක් තුළ මත්ස්‍ය ආහාර ලෙස සකසා විදේශ විනි­මය ඉතිරි කර ගැනී­ම­ටත් ආදා­යම් ඉප­යි­ම­ටත් අපට හැකි­යාව ලැබේ.

මෙට්‍රික් ටොන් 100ක ධාරි­තා­වක්

රට­වටා ඇති එළ­වළු වෙළෙඳ සැල් හා ආර්ථික මධ්‍ය­ස්ථා­න­ව­ලින් ඉව­ත­ලන පල­තුරු හා එළ­වළු වැනි ආහාර ද්‍රව්‍ය ERS යන්ත්‍රය භාවි­ත­යෙන් සත්ව ආහාර ලෙස සැකැ­සීමේ හැකි­යාව තිබේ.

එවිට වෙළෙඳ පොළ වෙත එළ­වළු පල­තුරු හෝ ධාන්‍ය රැගෙන එන ලොරියේ නැවත පොහොර සත්ව ආහාර හෝ මත්ස්‍ය ආහාර රැගෙන ගොස් ගමේ බේදා­හැ­රිය හැකි­විම ගොවි­ය­න්ටද ප්‍රවා­හ­ක­යා­ටද වාසි­ස­හ­ග­තය.

රසා­ය­නික ද්‍රව්‍ය භාවි­තය හේතු­වෙන් ගැටලු බොහෝ­ම­ය­කට මෙය පිළි­තු­රක් වනු ඇතැයි ආචාර්ය එම්. ජී. කුල­රත්න මහතා පව­සයි.

ජනා­කීර්ණ ප්‍රදේ­ශ­යන්හි වාහන තද­බ­දය මැද කුණු ඉවත් කිරිමේ අව­ශ්‍ය­තා­වක් මේ යන්ත්‍රය හේතු­වෙන් ඇති නොවේ. කාල කළ­ම­නා­ක­ර­ණ­යෙන් යුතුව තද බදය අඩු වේලා­ව­න්හිදි හෝ රාත්‍රියේ කසළ ප්‍රව­හ­නය කළ හැකිවේ.

වර­කට ERS යන්ත්‍ර­යට මෙට්‍රික් ටොන් 100 දක්වා ධාරි­තා­වක් මේ යන්ත්‍ර­යට යොමු කළ හැකිය. නගර සභා­වන්ට අවශ්‍ය පරිදි මෙට්‍රික් ටොන් 2 -100 අතර ධාරි­තා­ව­යෙන් යුතු යන්ත්‍ර ලබා­ගත හැකිවේ. මෙට්‍රික් ටොන් 100 ක ධාරි­තා­ව­යෙන් යුත් යන්ත්‍ර­යක් භාවි­ත­යෙන් කොළඹ නග­රයේ කුණු එක් දිනක් තුළ කොම්පෝස්ට් කර පොලි­තින්, ප්ලාස්ටික්, විදුරු, ගල් හා යකඩ වැනි නොදි­රන ද්‍රවය වෙන්කර ප්‍රති­ච­ක්‍රිය ක්‍රියා­ව­ලි­යට යොමු කිරී­මට ද අව­ස්ථාව සැලැසේ.

අවම මිනිස් ශ්‍රම­ය­කින් යන්ත්‍රයේ ක්‍රියා­කා­රී­ත්වය පාල­නය කළ හැකි අතර පිරි­සිදු බවින් යුතු කොම්පෝස් , සත්ව ආහාර හෝ මත්සය ආහාර අලෙ­වි­යට සූදා­නම් කිරී­මට යම් පම­ණක මිනිස් ශ්‍රම­යක් අවශ්‍ය වේ.

අප­ද්‍රව්‍ය කළ­ම­ණා­ක­ර­ණයේ නෛතික බල­යක් ඇති ආය­ත­න­යන්ට තමන්ට අවශ්‍ය ධාරි­තා­වෙන් යුතුව යන්ත්‍ර ලබා ගත හැකිය. මේ යන්ත්‍රයේ වැඩි කොට­සක් ලංකවේ නිප­දවා ගත­හැකි බැවින් යන්ත්‍රයේ ප්‍රධාන තාක්ෂ­ණික ඒක­කය වන ERS කොටස පම­ණක් ආන­ය­නය කළ හැකි බව පව­සන ආචාර්ය කුල­රත්න මේ යන්ත්‍රය මගින් කුණු ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය සඳහා වැය වන භූමි ප්‍රමා­ණය අවම වන අතර මෙට්‍රික් ටොන් 100 ක ධාරි­තා­ව­යෙන් යුත් යන්ත්‍ර­යක් සඳහා වැය වන භූමිය පර්චස් 11-12 වන බව පව­සයි. අති­වි­ශාල වෙළෙඳ වටි­නා­කම් ඇති භූමි මේ නිසා කුණු කඳු­ව­ලට යට කිරී­මට සිදු නොවේ.

ලෝකයේ කිසිදු රටක් අප­ද්‍රව්‍ය කළ­ම­ණා­ක­ර­ණය මගින් මූල්‍ය වාසි අපේක්ෂා නොක­රයි. මිනි­සුන් මිය යෑම අවම වීම , සතුන්ට වන හානි අවම වීම සෞඛව ගැටලු පාල­නය කර ගැනීම. ජල­මූ­ලාශ්‍ර හා භූගත ජලය අපි­රි­සිදු වීම වැළැක් වීම , පරි­සර සංර­ක්ෂ­ණය , ඉන් ලැබෙන වාසි වේ. ERS යන්ත්‍රය භාවි­ත­යෙන් ඊට අම­ත­රව ආදා­යම් ඉප­යීමේ අව­ස්ථා­වක් හා විදේශ විනි­මය ඉතිරි කර ගැනීමේ අව­ස්ථා­වක් ද සැලැ­සෙනු ඇත. ඉඩම් කාලය ශ්‍රමය හා මුදල් අවම ලෙස භාවිත කර­මින් කසළ කළ­ම­ණා­ක­ර­ණ­යට ERS යන්ත්‍රය භාවි­ත­යෙන් හැකි­යාව ලැබේ. එබැ­වින් ලංකා­වට සුදු­සුම ක්‍රම­වේ­දය ලෙස ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන්ගේ අව­ධා­නය මේ යන්ත්‍රික ක්‍රම­වේ­දය කෙරෙහි යොමු වීම වැද­ගත් වේ.

යන්ත්‍රය උසස් ජපන් තාක්ෂ­ණය භාවි­ත­යේන් නිප­දවා ඇති අතර මේ සියලු ක්‍රියා­දා­මය සිදු වන්නේ බැක්ටී­රියා තුනක ක්‍රියා­කා­රි­ත්ව­යෙන් අධික උෂ්න­ත්ව­යක් තුළ කාබ­නික ද්‍රව්‍ය වේග­යෙන් කොම්පෝස්ට් බවට පරි­ව­ර්ත­නය කිරී­මෙනි.

පරි­ස­ර­යට කිසිදු අප­ද්‍ර­ව්‍යක් මුදා නොහැ­රෙන අතර දුගඳ නසා පිරි­සිදු ජලය පම­ණක් මුදා හරි. කුණු ව්‍යස­න­යක්ව ඇති ලංකාව කුණු වලින් තොර ප්‍රදේ­ශ­යක් බවට පත් කිරී­මට අපට හැකි­යාව තිබි­යදී එය නොස­ලකා හැරීම නොකළ යුත්තකි. මේ යන්ත්‍රයේ ප්‍රධාන ඒක­කය ආයෝ­ජ­න­යක් ලෙස සලකා ආන­ය­නය කිරී­මට රජයේ හෝ පළාත් පාලන හෝ පෞද්ග­ලික අංශයේ ආය­තන යොමු වන්නේ නම් අපට කුණු­ව­ලින් තොර දේශ­යක් කරා යෑමට හැකි වනු ඇත.

සේයා­රුව මාලන් කරු­ණා­රත්න

Comments