ටෙනිස් බෝල කෑ හැටි | Page 2 | සිළුමිණ

ටෙනිස් බෝල කෑ හැටි

මෙය 1960 ගණ­න්වල ලිපි­කරු සේවයේ යෙදී සිටි මගේ පියාට සිදු වූ සැබෑ අත්දැ­කී­මකි. පළ­මු­ව­රට ඡන්ද මධ්‍ය­ස්ථා­න‍යක් පොලො­න්න­රුව දිස්ත්‍රි­කයේ යක්කුරේ පැරණි ගමේ එවර පිහි­ටුවා තිබුණි. දින­කට පෙර රජයේ නිල­ධා­රීහු ගමට පැමිණ යක්කුරේ කනිෂ්ඨ විද්‍යා­ලයේ ඡන්ද පෙට්ටිත් සමඟ ලැඟුම් ගත්හ. ඔවු­නට ආහාර සැප­යීම ගමේ ආරච්චි මහ­තා­ටත් ගම් නාය­ක­යා­ටත් බාර­විය.

රාත්‍රියේ ආහා­රය සඳහා දුම් දමන ගෝන මස් හොද්ද­කුත් තවත් මැටි වළ­දක ටෙනිස් බෝල­යක් තරම් ලොකු බෝල ගොඩ­කුත් ගෙනත් තැබීම කාර්ය මණ්ඩ­ල­යට මහත් පුදු­ම­යක් විය. ගම්ප­ති­තුමා ඉතා ගරු­ස­රුව පිඟ­න්ව­ලට බෝල 3 බැගින් දමා “මුන්නැ­හේ­ලාට ඇති පදම් ගෝන මස් හොඳි දම‍ා­ගෙන කොටා බාන්ට හොඳයි” යනු­වෙන් ඉතා ගරු­ස­රුව දැන්වීය.

කාර්ය මණ්ඩ­ලය මේ කළු­බෝල ගැන විපි­ළි­ස­රව පසු­වෙද්දී ආරච්චි මහතා පවසා ඇත්තේ “සර්ලට හිතා ගන්ඩ බෑ නේද මේ මොන­වද කියලා. මේ කුර­ක්කන් තලප මෙහෙම ගුලි හදලා තමා ගෙනි­යන්නේ” කියා ය.


චන්ද්‍රා සම­ර­සිංහ තල­ව­තු­ගොඩ එරො­ප්පෙට ගිය රූප පෙට්ටිය

තුලා­වල ගමේ ධන­වත් ප්‍රභූ පවු­ලක සාමා­ජි­ක­යකු වූ ගමේ පාසලේ මුල් ගුරු­තුමා විශ්‍රා­මි­කය. ඒ රටට රූප­වා­හිනී පැමිණි අලු­තය. දිනක් අත­වැ­සි­ය­කුද සමඟ අසල නග­රයේ ප්‍රධාන වෙළෙඳ හල­කට ගිය මුල් ගුරු­තුමා රූප­වා­හි­නි­යක් මිලදී ගෙන පැමි­ණි­යේය. මේ පුවත සැලවූ ගමේ කොලු කුරුට්ටෝ හා වැඩි­හි­ටි­යෝද රූප­වා­හි­නිය නැරැ­ඹී­මට එතැන් පටන් දිවා රාත්‍රියේ ගුරු නිවෙ­සට පැමි­ණි­යහ. ගුරු දෙම­හ­ල්ලන්ද ගමේ උද­වි­යට රූප­වා­හිනී නැරැ­ඹී­මට පහ­සු­කම් සැල­සූයේ කිසිම පැකි­ළී­ම­කින් තොර­වය.

තම ගේ දොර පිරි­සු­දුව හා අලං­කා­රව තබා ගැනී­මට ප්‍රිය කළ මැණිකේ ගුරු මහතා හා කතා­බහ කර රූප­වා­හි­නිය මිදුලේ සිට නැරැ­ඹී­මට හැකි­වන පරිදි තැන්පත් කළාය. අවට ගම්ව­ලද මේ ආරං­චිය පැතිර යෑමෙන් නර­ඹන පිිරි­සද වැඩි­විය. මෙලෙස පැමිණි උද­විය මිදුල පුරා බුලත් කෙළ ගස­මින් බිත්ති පුරා හුණු අතු­ල්ල­මින් නිද­හසේ රූප පෙට්ටිය නැරැ­ඹූහ. එහෙත් දින කීප­යක් යද්දී මල් පඳුරු ගානේ ඇති බුලත් කෙළ හා බිත්ති පුරා ඇති හුණු පැල්ලම් දුටු මැණිකේ ඒ ගැන මුල් ගුරු මහ­තාට පැමි­ණිලි කළාය.

‘‘මහ­ත්තයෝ මේ වැඩේ හරි­යන්නේ නෑ. මේ බල­න්ඩකෝ මිදුල පුරාම බුලත් කෙළ.”

‘‘ඔව් ඔව් මටත් පේනවා මේ වැඩේ හරි යන්නේ නෑ. ජොස­පියෝ අල්ල­පන් මේක දික් කාම­රේට ගෙනි යන්න” මුල් ගුරු මහතා නිවෙසේ අත­වැ­සියා ද කැටුව මින් ගැල­වී­මට උප­ක්‍ර­ම­යක් යෙදු­වේය.

එදින සවස් වෙද්දී රූප­වා­හිනී නැරැ­ඹී­මට පැමිණි උද­වි­ය­ගෙන් යළි මිදුල පිරී ගියද නැරැ­ඹී­මට රූප­වා­හි­නි­යක් නොවීය.

“බොලව්, රූප පෙට්ටිය කැඩිලා. එරො­ප්පෙට යවන්ඩ වෙලා හදන්ඩ” මුල් ගුරු­තුමා ගැමි­යන් දෙස බලා පවසා ගෙතු­ලට ගියේ කන­ගා­ටු­වෙනි.


සරත් විජ­ය­රත්න ලුණු­විල අකැප දානය

රයි­ගම් කෝර­ළයේ දුර බැහැර පිටි­සර ගම්මා­න­යක වූ පන්සලේ හිමි­ව­රුන් අත­රින් එක් නම­කට දිනක් අසල් වැසි පන්ස­ල­කින් දාන­යක් සඳහා ආරා­ධ­නය කෙරිණි. එම පන්සල පිහි­ටියේ කුඩා වන­ය­කට එපි­ටින් වූ අතර ඒ සඳහා යෑමට සිදු වූයේ වනය මැදිනි. මෙම හිමි නම කැලෑව මැදින් වූ පාරේ ගොස් එම පන්සල සෙව්වද සොයා ගත නොහැකි විය. එයින් දානය පිළි­බඳ අද­හස අත හැර වනය මැදින්ම ආපසු පැමි‍ණී­මේදී උන්ව­හන්සේ ඉම­හත් වෙහෙ­සට පත් වූ අතර කුස ගින්නද දැඩි ලෙස දැනුණි. එබැ­වින් මඟ අසල වූ නිව­ස­කට ගොඩ වුණේ සහ­න­යක් ලැබ ගැනීමේ අපේ­ක්ෂා­වෙනි.

බැති­මත් බෞද්ධ­යන් වූ එම නිවැ­සියෝ සුදු වස්ත්‍ර­යක් ඇතිරූ අසු­නක් පනවා උන්ව­හ­න්සේට අසුන් ගන්නා ලෙස ඉල්ලා පාද නම­ස්කාර කළහ. හිමි­න­ම­ටද කුස­ගින්න අධි­කව දැනුණු හෙයින් ඒ බැව් නිවැ­සි­යන්ට දන්වා නොසි­ටිය නොහැකි විය. ඒ වන විට ඉර හැරී භික්ෂූන් දන් වැළ­ඳීමේ කාලය ඉක්ම ගොස් තිබුණි. නිවැ­සියෝ උන්ව­හ­න්සේට කරු­ණා­වෙන් කථා කොට ආහාර ද්‍රව්‍ය නම් ඕනෑ තරම් නිවෙසේ ඇති බවත් එහෙත් ඉර හැරුණු කාලය දන් පිළි­ගැ­න්වී­මට නුසු­දුසු වීම බල­වත් ගැට­ලු­වක් බව පැව­සුහ.

එවිට උන් වහන්සේ ඔවුන් අම­ත­මින් නුඹ­ලාට හදි­සියේ තුවා­ල­යක් සිදු වූ විට ඒ සඳහා කාල­යක් නැක­තක් එන තුරු සිටින්නේ දැයි විම­සූහ. නිවැ­සි­යෝද පිළි­තුරු ලෙසින් තුවා­ල­යක් සිදු වූ විට වහාම ප්‍රති­කාර කර­නවා විනා කාලය බල බලා නොසි­ටින බව පැව­සූහ. එවිට උන් වහන්සේ තම කට විවර කර සුර­තින් එය පෙන්වා “බෙහෙත් තියෙ­නවා නම් මෙන්න මේ තුවා­ල­යට ටිකක් දාපල්ලා” යැයි කීහ. නිවැ­සි­යෝද උන්ව­හ­න්සේගේ අභි­ප්‍රාය තේරුම් ගෙන දන් පිළි ගැන්වුහ.

තිස්ස සිරි­නි­මල් ජය­කොඩි
(විශ්‍රා­මික බැංකු නිල­ධාරි) - ඉංගි­රිය

Comments