
මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධතා බොහෝය. පරිසර ශාක පද්ධතිය හා සෙවණ ද සපයයි. ඇළ දොළ ගංගා හා දිය උල්පත් අපට නොමසුරු ව ජලය ලබා දෙයි. හිරු කිරණින් අපට ජීවය මෙන් ම ආලෝකය ද ලැබේ. අපට පරිසරය ද පරිසරයට අප ද නැතිව ම බැරි බව සියැටල් නම් රතු ඉන්දීය නායකයා පවසා ඇත. එහෙයින් අප විසින් පරිසරය පණ සේ සුරැකිය යුතුය.
අදුරදර්ශී මිනිසුන් විසින් වනාන්තර වනසා දැමීමේ ඵලවිපාක ද දැනට ම උදා වී ඇත. වන විනාශය නිසා පිරිසුදු වාතය හිඟ වේ. ජල උල්පත් සිඳී යයි. සතා සිවුපාවා ද පරිසරයේ සාධකයකි. රට වටේම ඇති දර්ශනීය මුහුදු වෙරළ නැරඹීමට සංචාරකයෝ පැමිණෙති. එහෙත් මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙරළ තීරය ද දූෂණය වී ඇත. සාගර හා මිරිදිය ජලය මිනිසා විසින් ම අපිරිසුදු කෙරේ. එබැවින් සුන්දර පරිසරය රැක ගැනීමට අපි කුඩා කල සිට ම පුරුදු වෙමු. අපේ රටේ අනාගතය ගැන සිතා පරිසරය සුරැකීමට කටයුතු කරන මෙන් මම ආයාචනය කරමි.
ඉසුරි ෂෙහානි
6 ශ්‍රේණිය,
ශාන්ත මයිකල් විද්‍යාලය,
හෝමාගම