
මගේ නංගි හරිම දඟයි
කිරි ඉල්ලා නිතර හඬයි
මවු තුරුලේ නැළවෙද්දී
කිරි දත් පෙන්නා හිනැහෙයි
අපේ ගෙදර බඩපිස්සී
නිතරම යයි පස්සෙන් පූසී
වලිගෙන් ඇද දුව යද්දී
බිම ඇද වැටුණා ලෙස්සී
තාත්තා එනතුරු රැකලා
දුවඑයි පෙරමඟ බලලා
නිතරම කන්නට ආසා
වද දෙයි පලතුරු ඉල්ලා
මනුදි මිනාරා
5 ශ්‍රේණිය ‘ඩී’,
සුජාතා විද්‍යාලය,
මාතර