රික්ෂෝ­කා­ර­යන් හොර­කම් කළ පෙට්ටියේ තිබූ බෝ පැළය පිට­කො­ටුවේ මහා බෝධිය වූ හැටි | Page 2 | සිළුමිණ

රික්ෂෝ­කා­ර­යන් හොර­කම් කළ පෙට්ටියේ තිබූ බෝ පැළය පිට­කො­ටුවේ මහා බෝධිය වූ හැටි

ඒ කාලේ පිට­කො­ටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ල­විදීයේ. ඒ පොලි­සි­යෙන් තමයි බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනි­ව­ර්සල් හෝට­ල­යෙන් තමයි දෑග­සව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කත­ර­ගම දේවා­ලය හදලා තියෙන්නේ ලීලා  ස්ටෝර්ස් අධි­ප­ති­තුමා. විෂ්ණු දේවා­ලය හදලා තියෙන්නේ වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයා­ලගේ දේපළ අයි­ති­වුණා මහා­භා­ර­කාර මණ්ඩ­ල­යට. අදත් ඔවුන්ගේ දේප­ළ­වල මුදල් මේ සංග­ම­යට ලැබෙ­නවා. ගම්බාර දේවා­ලය හැදුවේ සී.ජේ ආරච්චි. පසු­කා­ලිනව රටේ නම්ද­රාපු බොහෝ ව්‍යාපා­රි­කයෝ පිට­කො­ටුවේ බිස්නස් කරපු අය.”

පාන්දර එකට දෙකට කොළඹ පැමි­ණිය ද, මද්ද­හනේ පැමි­ණිය ද, පිට­කො­ටුව බෝධීන් වහන්සේ වන්දනා කර­න්නෙකු නොද­කින්ට ලැබු­ණොත් එය දුර්ලබ දෙයකි. රටේ කොයි කොනින් පැමි­ණිය ද බෝධින් වහන්සේ ඉදි­රියේ මොහො­ත­කට නතර වී දොහොත් මුදුන් දී වඳි­න්නෙක් දැකීම සාමාන්‍ය දසු­නකි. කාගේත් ජාති ආගම් කුල මල භේද­යෙන් තොරව කාගෙත් වන්ද­නා­මා­න­යට පාත්‍ර වූ පිට­කො­ටුවේ බෝධීන් වහ­න්සේට දිගු ඉති­හා­ස­යක් ඇත. මේ ඉති­හාස කතා දන්න අය අද වන විට හිඟය.

පිට­කො­ටුවේ බෝධීන් වහන්සේ එම ස්ථානයේ රෝපණ කරනු ලැබුවේ අපූරු ආක­ර­ය­ක­ටය. මේ බොධීන් වහන්සේ ගැන පම­ණක් නොව එක්ද­හස් නව­සිය පනස් ගණ­න්වල කොළඹ පිළි­බඳ තොර­තුරු දන්නා අයෙකු සොයා අප ඉකුත්දා ගොඩ­ග­මට ගියෙමු. ඔහු දැන් වයෝ­වෘ­ද්ධය. නමුදු අප එන ආරං­චි­යට ඔහු රේල් පාර පැන­විත් පුංචි කඳු­ගැ­ට­යක් නැග අප නිවෙ­සට කැඳ­වා­ගෙන ගියේය.

ගාල්ලේ අක්මී­මන උපන් සේන අක්මී­මන මුල් කාලයේ පාසල් ගරු­ව­ර­යකු ලෙස කට­යුතු කළේය. වයස අවු­රදු දාහ­තේදී පමණ ශිෂ්‍ය ගුරු­ප­ත්වී­මක් ලද ඔහු ට සේවය සදහා ලැබුණේ බදුල්ල ප්‍රදේ­ශයේ පිටි­සර පාස­ලකි.

‘‘ මගේ අම්මා ගුරු­ව­රි­යක්. තාත්තා ව්‍යාපා­රි­ක­යෙක්. නංගියි මමයි විත­රයි පවුලේ. බදුල්ලේ පත්වීම ලැබුණ ඉස්කෝලේ හිටියේ ගුරු­වරු තුන්දෙ­නයි. විදු­හ­ල්ප­ති­තු­මයි, ඔහුගේ බිරි­ඳයි මමයි තමයි ඉස්කෝ­ලෙ­ටම හිටිය ගුරු­වරු. ළමයි ඔක්කෝම ආවාම විදු­හ­ල්පති ළම­යින්ව අර­ගෙන ඔහුගේ ගොවි­තැන් වැඩ වලට යනවා. ඔහුගේ බිරිඳ උයන්න යනවා. මම බලන් ඉන්නවා. ඒ කාලේ දරුවෝ පාසල් ආවේ රෙදි ඇඳ­ගෙන. යාන්තම් විලි වහ­ගෙන. ගුරු­ව­රුන්ට කතා කළේ ගුරු­න්නාන්සේ කියලා. කොහොම වුණත් මාස කිහි­ප­යක් යන­කොට මට ගුරු­කම එපා වුණා. ගෙද­ර­ටත් නොකි­යම මම බදුල්ලේ ඉඳලා කොළ­ඹට ආවා. ඒ වෙන­කොට අපේ ඥාතීන් කිහිප දෙනෙක්ම කොළඹ ව්‍යාපාර කෙරුවා. ඔවුන්ට සරුයි.”

‘‘කොළඹ ඇවිල්ලා මම බිස්නස් කළා. බසාර් එකෙන් පිහිය, කතුරු අර­ගෙන විකු­ණුවා. කොටුවේ පදි­ක­වේ­දි­කාවේ වෙළ­ඳාම් කරන අය වෙනු­වෙන් මොනවා හරි කරන්න ඕන කියන හැඟීම තිබුණා. ඒ අනුව තමයි රත්න­වීර සහෝ­ද­රයා සමඟ එකතු වෙලා සමස්ත ලංකා පදික වෙළ­ඳුන්ගේ සංග­මය ආරම්භ කළේ. මම තමයි කොටුවේ පදික වෙළෙ­ඳුන්ගේ සංග­මයෙ මුල්ම ලේක­ම්ව­රයා.

අපි පදික වෙළෙ­ඳුන් වෙනු­වෙන් පෙනී හිටියා. ඔවුන්ගේ අයි­තිය වෙනු­වෙන් නඩු කිව්වා. මේ නඩු­ව­ලට මට තිර­යෙන් පිටු­පස සිට සහාය දුන්නේ දිවං­ගත ජනා­ධි­පති රණ­සිංහ ප්‍රේම­දාස මහ­ත්මයා. ඒ කාලේ කොටුව, පිට­කො­ටුව, බොරැල්ල.දෙම­ට­ගොඩ, තොට­ළඟ ආදි ප්‍රදේශ ඔක්ක­ගේම පදික වෙළෙ­ඳුන් දෙද­හස් පන්සි­ය­යක් තුන් දහ­සක් පමණ හිටියා.

ඒකාලේ සමස්ත ලංකා වීර සංග­මය කියලා එකක් තිබුණා. එහි උප සභා­පති හිටියේ ප්‍රේම­දාස මහතා. සංවි­ධා­යක ලෙස චාලස් රූප­සිංහ මහතා. සභා­පති පිය­දාස පල­න්සූ­රිය මහතා. මම තමයි ලේකම් හැටි­යට හිටියේ. මට ප්‍රේම­දාස මහ­ත්ත­යාව ළඟින් ඇසුරු කරන්න ලැබුණේ මේ කාලේ. දව­සක් ඔහු මට කිව්වා, වරෙන් බං අපි දෙන්නා නයිට් ඉස්කෝලේ යමු කියලා. ඔහුගේ කීමට අපි දෙන්නම නයිට් ඉස්කූල් ගියා ඉංග්‍රිසි ඉගෙන ගන්න. කොහොම වුණත් පසුව සමස්ත ලංකා වීර සමා­ජ­යෙන් ප්‍රේම­දාස මහ­ත්තයා අයින් වුණා. ඒ අයින් වෙලා තමයි ඔහු සුච­රිත ව්‍යාපා­රය ආරම්භ කෙරුවේ.”

ප්‍රේම­දාස මහ­ත්ත­යයි මමයි එකට ‘නයිට් ස්කූල්’ ගියා

අතීත තොර­තුරු සිහි­පත් කරන අතරේ සේන අක්මී­මන මහතා පරණ ලිපි ගොනුද අවු­ස්සයි. ඔහු පරණ තොර­තුරු පව­සන්නේ තමන්ට මතක් වන හැටි­ය­ටය. අප නොදන්නා අතීත තොර­තුරු ඔහු හරි අපූ­රු­වට ගොනු­ක­ර­න්නේය.

‘‘ඒ කාලේ කොළඹ කොටුවේ තැබෑ­රුම් දාහ­ත­රක් තිබුණා. රජ­යට ලොකු ආදා­ය­මක් ලැබුණේ මේ තැබෑ­රු­ම්ව­ලින්. නමුත් ප්‍රේම­දාස මහ­ත්තයා කිව්වා මේ තැබෑ­රුම් වහන්න ඕන කියලා. ඒ කාලේ ඔය කොළඹ තිබුණේ වතු. සාංචි­ආ­රච්චි වත්ත, කෙසෙ­ල්වත්ත, පංචි­කා­වත්ත, බායිගේ වත්ත (දැන් මර­දාන කිය­න්නේ) යන වතු තිබුණේ.

දැන් පිට­කො­ටුවේ බෝධීන් වහන්සේ තියෙන තැන එදා තිබුණේ ඇළක්. දැන් ඇළ ගොඩ­වෙලා ගිහිල්ලා. කොහොම හරි ප්‍රේම­දාස මහ­ත්තයා ඔය වතු­වල ගිහිල්ලා ගෙවල් ගානේ ගිහිල්ලා තැබෑ­රුම් වහන්න ඕන, ඒකට එකඟ වෙන්න කියලා මිනි­ස්සුන්ට කිව්වා. කළු­කො­ඳ­යාවේ හාමු­දු­රුවෝ , පිය­සේන මහ­ත්ත­යත් මේ වැඩ පිළි­වෙළේ හිටියා. හැමෝ­ගෙම මතේ වුණේ බාල පර­ම්ප­රාව නොමඟ යනවා කියන එක. ”

ඒ අතී­තය එසේය. අපේ කතා­නා­යක වන සේන අක්මී­මන වසර ගණ­නක්ම පිට­කො­ටුව බෝධී­රාජ සමි­තියෙ ලේක­ම්ධු­රය ඉසි­ලු­වේය.

‘‘ අද බෝධින් වහන්සේ තියෙන තැන එදා තිබිලා තියෙන්නේ ඇළක්. මම කොළ­ඹට එන කාලෙත් ඇළ තිබුණා මත­කයි. මේ බෝධින් වහන්සේ ගෙනැල්ලා තියෙන්නේ අනු­රා­ධ­පු­ර­යෙන්. ඒ කාලේ අද වගේ බස් නැහැනේ. දකුණේ ඉඳලා අනු­රා­ධ­පුරේ වන්ද­නාවේ ගිය පිරි­සක් එන විට කාඩ්බෝඩ් පෙට්ටි­යක බෝ පැළ­යක් ගෙනැල්ලා. ඒ පිරිස කොටු­වට ඇවිත් තියෙන්නේ කෝච්චි­යෙන්. ඒ රෑ ඔවුන්ට තේ බොන්න කියලා තියෙන්නේ පුංචි ආප්ප කඩ­යක්.

ඔවුන් තේ බොන්න ගිය අතරේ රික්සෝ­කා­රයෝ අර කාඩ් බෝඩ් පෙට්ටිය උස්සලා කැලේ හංගලා. අර මිනිස්සු ඒක හොයලා නැති තැන යන්න ගිහිල්ලා. කොහොම වුණත් රික්සෝ­කා­රයෝ පසුව පෙට්ටිය ඇරලා බැලු­වම එහි තිබිලා තියෙන්නේ බෝ පැළේ. ඔවුන් ඒක ඇළ ගාව හිට­වලා. කාල­යත් එක්ක බෝ පැළේ හැදිලා. ඒ වටේ රිස්සො­කා­රයෝ උණ බම්බු වැටක් ගහලා. ඔහොම ආව බොධීන් වහන්සේ තමයි දැන් රටේම ජන­තා­ව­ගෙන් පිදුම් ලබ­මින් වැඩ ඉන්නේ.

ක්‍රම­යෙන් මෙතැන වැඩි දියුණු වුණා. ඒ කාලේ පිට­කො­ටුව පොලි­සිය තිබිලා තියෙන්නේ වේල්ල­වි­දීයේ. ඒ පොලි­සි­යෙන් තමයි බුද්ධ ප්‍රති­මාව හදලා තියෙන්නේ. යුනි­ව­ර්සල් හෝට­ල­යෙන් තමයි දෑග­සව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කත­ර­ගම දේවා­ලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධි­ප­ති­තුමා. විෂ්ණු දේවා­ලය හදලා තියෙන්නේ වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයා­ලගේ දේපළ අයි­ති­වුණා මහා­භා­ර­කාර මණ්ඩ­ල­යට. අදත් ඔවුන්ගේ දේප­ළ­වල මුදල් මේ සංග­ම­යට ලැබෙ­නවා. ගම්බාර දේවා­ලය හැදුවේ සී.ජේ ආරච්චි. පසු­කා­ලින රටේ නම්ද­රාපු බොහෝ ව්‍යාපා­රි­කයෝ පිට­කො­ටුවේ බිස්නස් කරපු අය.”

පිට­කො­ටුව බෝධී­රාජ සමි­ති­යෙන් ඇරඹි බත් දන්සල අද දක්වාම පැවැත්වේ. මෙය දින දෙකක් පුරා පැවැත් වෙන්නකි.

බෝධීන් වහන්සේ තිබූ තැන එදා තිබුණේ ඇළක්

‘‘ අපට ඕන වුණා දන්ස­ලක් පටන් ගන්න. ඒ කාලේ පිට­කො­ටුවේ තොග බඩු ඒ කියන්නෙ සහල් කෙරුවේ වී.ටී.වී දේව­නා­ය­ගම් කියන මහ­ත්තයා. මම හැම­දාම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පූජා කරලා තියෙන මල­කුත් අර­ගෙන කනේ ගහ­ගෙන තමයි කඩේ වැඩ පටන් ගන්න යන්නේ. ඔහු දෙමළ වුණාට බෝධීන් වහන්සේ වන්දනා කර­නවා. මම ඔහු හමු­වී­මට ගිහින් දන්සල ගැන කිව්වා. ඔහු කිව්වා සහල් දෙන්නම් කියලා. දන්සල අව­සා­නයේ ගැනලා බැලුවා. ඔහු අපට හාල් මුට්ට එක­සිය දොළ­හක් දීලා තිබුණා. හාල් මුට්ට­යට හාල් සේරු අසූ­වක් තියෙ­නවා. පරිප්පු, ලූනු දුන්නේ ලීලා ස්ටෝර්ස් එකෙන්. එළ­වළු මැනිං මාර්කට් වෙළ­ඳු­න්ගෙන්. අද­ටත් පිට­කො­ටුවේ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් තමයි දන්ස­ලට අනු­ග්‍ර­හය ලැබෙන්නේ.

ඒ කාලේ කෝකි­යාට දන්සලේ උයන්න රුපි­යල් 15000 ගෙව්වා. අපි මේ දන්ස­ලට සහාය දක්වන්න කියලා යුද­හ­මු­දා­වට පොලි­සි­යට පවා ලියුම් ලිව්වා. දන්සලේ සෙනඟ බෝධිය ගාව ඉඳලා ගෑස්පහ ළඟට යන­තුරු හිටියා. නග­රා­ධි­පති ලෙස හිටිය ජබී­ර් කා­දර් මහ­ත්­තයා තමයි වතුර බවු­සර් දෙකක් දුන්නේ. බෞද්ධ අබෞද්ධ හැමෝම මෙයට සහාය වුණා.”

දහ­නව අවු­රු­ද්දක් තිස්සේ බෝධි­රාජ සංග­මයේ ලේකම් ධුරය ඉසිලු ලේකම් මහ­ත්තයා පව­සන්නේ හරි ආඩ­ම්බ­ර­යෙනි. ඔහු වයෝ­වෘද්ධ වීමත් සමඟ තම කට­යුත් සංග­ම­යට බාර දුන්නේය. තම ජීවි­ත­යේදි කලක් පුව­ත්පත් කලා­වේ­දි­යෙකු ලෙස කට­යුතු කිරීම ගැන ඔහු පව­සන්නේ ආඩ­ම්බ­ර­යෙනි.

‘‘තේජා ගුණ­ව­ර්ධන නෝනා පත්ත­ර­යක් කළා. මම ඒ පත්තරේ ලිව්වා. ඒ වගේ ම බොරුල්ල වාර්තා­කරු හැටි­යට මම ලංකා­දීප දින­මිණ පුව­ත්පත් වලත් ලිපි ලිව්වා. මට බොහෝ දේශ­පා­ල­න­ඥ­යන් සමඟ ළඟ ඇසු­රක් පැවැ­ත්වී­මට අව­ස්ථාව ලැබුණා. ඒ කාලේ හිටියේ සාක්කු පුරෝ­ගන්න දේශ­පා­ල­න­ඥයෝ නෙමෙයි. රෝහණ විජේ­වීර ඒ කාලේ කොළඹ ආවොත් පිට­කො­ටු­වෙදි මාව හමු­වෙ­නවා. මම ජනතා විමුක්ති පෙර­මුණ සමඟ හිටිය. මේ නිසා මට හතර වෙනි තට්ටු­ව­ටත් යන්න වුණා. මගෙන් ප්‍රශ්න කළා. මම කිසි දෙයක් කිව්වේ නැහැ. අන්ති­මට මට රෑ දෙකට විතර කිව්වා යන්න කියලා. මට හිතුණා අන­තු­රක් කියා. මම කිව්වා ගෙදර යන්න මේ වෙලා­වට වාහන නැහැ කියලා. පස්සේ පොලි­සියේ ලොකු මහ­ත්තයා කිව්වා මාව වාහ­නේ­කින් ගෙදර යවන්න කියලා.”

බෞද්ධ අබෞද්ධ හැමෝම එක්වී දන්සල පටන් ගත්තා

කලක් පත්ත­ර­කා­ර­යකු ලෙසින් ද ප්‍රග­ති­ශිලි දේශ­පා­ල­න­යේද කට­යුතු කළ අක්මී­මන එක්තරා විදි­හට රහස් ඔත්තු සේව­යේද වැඩ කළේය. ඔහු තමන් දන්නා බොහෝ තොර­තුරු කීමට අක­මැ­තිය. ඒ කාගේ හෝ සිත් රිදි­මට පුළු­වන් යැයි සිතෙන නිසාය.

‘‘ජේ.ආර් ජය­ව­ර්ධන මහ­ත්තයා සමඟ එක් වෙලා කල්ල­තෝනි පිළි­බඳ තොර­තුරු හෙව්වා. ඒ කාලේ ඉන්දි­යා­වෙන් හොරෙන් ආව අය හරි­යට හිටියා. මොවුන්ව හොයලා රටින් පිටමං කළා. වැල්ල­තොට පඤ්ඤා­දස්සි හාමු­රු­වොයි මමයි මේ අය ගැන තොර­තුරු හෙව්වා. අපි සෑහෙන අය පිළි­බඳ තොර­තුරු ලබා දුන්නා. කාන්තා­වන් දෙදෙ­නෙකු විවාහ කර­ගෙන හිටිය ඉන්දි­යා­නු­වෙක් ගැන අපට කිව්වේ ඒ කාන්තා­වන් දෙදෙ­නා­ගෙන් කෙනෙ­ක්මයි. අපි ඔහු ගැන තොර­තුරු දුන්නා. ඒකාලේ ඔහුට ලංකාවේ කොම්පැනි දහ­යක් තිබුණා.

මම මේ තොර­තුරු එක්තරා මාධ්‍ය සග­ය­කුට දුන්නා. ඔහු සේවය කළ ප්‍රග­ති­ශිලි පුව­ත්පතේ ප්‍රධාන ප්‍රවෘ­ත්තිය ලෙස පළ වුණා. ඊට පසුදා ඔහුගේ රස්සාව නැති වුණා. මට මර­ණීය තර්ජන පවා තිබුණා. බොහෝ අය මාව රූපෙන් අඳු­නන්නේ නැහැ. දව­සක් නම් දරාපු කෙනෙක් බෝධි­රාජ සමි­තියේ ඔෆිස් එකට ඇවිල්ලා මාව අහ­නවා. මම කිව්වා මහ­ත්තයා තාම ආවේ නැහැ කියලා. සම­හර දව­සට එන්නෙ නැහැ කිය­ලත් කිව්වා.

ඔහු ඇවිත් තිබුණේ මාව මර­න්නලු. කොහොම හරි මම සති­යක් දෙකක් කාර්යා­ල­යට ආවේ නැහැ.

තව දව­සක් පොලිය සමඟ කර­වල බිස්නස් කරන කල්ල­තෝනිකාර­යෙක් අල්ලන්න ගියාම ඔහු පොලි­සියේ මහ­ත්ත­යට ගැනලා රුපි­යල් තිස් පන්ද­හ­සක් දුන්නා. නමුත් ඔහුට බේරෙන්න බැරි වුණා. මම ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ ලොක්කට කිව්වා. කර­වල බිස්න­ස්කා­ර­යව ගෙනැල්ලා කල්ල­තෝනි කෑම්ප් එකේ තියන් ඉඳලා රටින් යැව්වා. අපි පොලි­සි­යට කල්ල­තෝනි අය ගැන ඔත්තු පහ­ළොස් දාහක් පමණ දුන්නා. අද­ටත් ඒවාට මොනවා වුණාද දන්නේ නැහැ. ”

සේන අක්මී­මන මහතා දන්නා තොර­තුරු බොහෝය. කොත­රම් දේශ­පාලන සම්බ­න්ධතා තිබුණ ද ඒ දවස ඔහු තමන්ට කියා දෙයක් කර­ගත් අයකු යැයි කිසි­වෙ­කුට කිය­න්නට නොහැ­කිය. දැන් ඔහු විය­පත්ය. ඔහුගේ බිරිය ද අස­නී­ප­යෙනි. නමුදු ඔහු දිවි ගෙවන්නේ සතු­ටෙනි.

‘‘ මට දරුවෝ පස්දෙ­නෙක් ඉන්නවා දූවේ. ඒ අය හොඳ ජීවිත ගෙව­නවා. අප­ටත් බල­නවා. මට සතුටු වෙන්න ඒ හොඳ­ටෝම ඇති. අදත් මම මේ ගමේ බොහෝ සමිති සමා­ග­ම්වල ඉන්නවා . මට මේ රටේ මිනිස්සු වෙනු­වෙන් යමක් කරන්න පුළු­වන් වුණා කියන සතුට තියෙ­නවා.”

රේල් පාර බැස අප පාරට ඇර­ල­ව­න්නට පැමි­ණෙන ගම­නේදී ඔහු පැවැ­සුවේ සැහැල්ලු හඬිනි.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු
චමින්ද නිරෝෂන්

Comments