අපි කොළ­ඹත් දැක්කා මුහු­දත් දැක්කා රස කෑමත් කෑවා | සිළුමිණ

අපි කොළ­ඹත් දැක්කා මුහු­දත් දැක්කා රස කෑමත් කෑවා

නිතර අසා පුරුදු සුන්දර ගීත­යක තාල­යක් ගෝල්ෆේස් හෝට­ලයේ ඇතු­ළත ශාලා­වක වාද­නය වෙයි. එතැ­නට රැස්ව සිටි දූ පුතුන් සමූ­හ­යක් ඒ මන­රම් ගී තනු වාද­නය අසා සිටියේ සම­වැ­දු­ණාක් මෙනි. ආද­රය අහිමි ව ගිය ඒ අහිං­සක සිත්ව­ලට එක්දි­නක හෝ සෙනෙ­හස පුද­න්න­නට සැර­සෙන මොහො­තකි ඒ. කොළඹ නග­ර­යට අනෝරා වැසි වැටෙ­මින් පැවැති ඒ මොහොතේ වැස්ස පවා මදක් තුරල් කර­මින් සහ­න­යක් දුන්නේ මේ කර­න්නට යන සද්කා­ර්යට ආශි­ර්වා­ද­යක් වෙමිනි. රාත්‍රියේ කොළොම් තොට පුරා දැල්වෙන දස දහස් ගණ­නක් වන විදුලි බුබුළු මෙන්ම ගෝල්ෆේස් පිටිය හරහා ඇදී එන මුහුදු සුළඟ ද ගතට එක් කළේ සුව­යකි. දහ­ස­කුත් එකක් හැල­හැ­ප්පි­ලි­ව­ලට මුහුණ දී විඩා­වෙන් සිටි ඒ පුංචි ජීවි­ත­ව­ලට කොළඹ ආ මේ ගමන අලුත්ම අත්දැ­කී­මක් වූවා නිසැ­කය. ජීවි­ත­යට නැවුම් අත්දැ­කී­මක් එක් කර­න්නට විය. එතැන සිටි දරු­ව­න්ගෙන් බොහෝ දෙන­කුට මව්පිය සෙනෙ­හස අහි­මිය. ඉටු කර ගන්නට මහා බලා­පො­රොත්තු ගොන්නක්ද ඔවු­නට නැත. එහෙත් එදා දිනයේ ඔවුන් කොළ­ඹය පැමි­ණියේ හද­වත්හි සතුට පුරවා ගෙනය. එතැන සිටි දරු­වන් අත­රින් බොහො­ම­යක් ජීවි­තයේ පළමු වරට කොළ­ඹට පය ගැසූ දිනය වූයේ එදි­නය.

“අපි ඉස්සෙ­ල්ලාම කොළඹ ආවේ අදයි. කොළඹ දැක්කෙත් අදයි. කොළඹ ගොඩාක් රස කෑම ජාති තියෙ­නවා. කව­දා­වත් කාපු නැති රසම රස කෑම ජාති ගොඩාක් මේ මාමලා නැන්දලා දුන්නා . ටිකක් නොවෙයි ගොඩාක්ම සතු­ටුයි” එසේ පැව­සුවේ චල­නිය.

“අපි ප්ලේන් එකේත් ගියා. ගොඩාක් සතු­ටුයි” උඩින් යනවා දැක මිස කිසිදා ගුවන් යානා­වක් අහ­ල­ක­ට­වත් ගොස් නැති ඔවුන්ට ගුවන් යාන­යක් යනු අරුම පුදුම දෙයකි. ඉමේෂ්ට කතා කිරී­මට නොහැකි වුවත් ඔහු තම සිතේ ඇති දේ හස්ත සංඥා­වෙන් අපට පව­ස­න්නේය.

චලනි හා ඉමේෂ් වැනි මේ පුංචි පැටවු රොත්ත පසු­ගි­යදා සිළු­මිණ අපට හමු­වූයේ ළමා දිනය සංකේ­ත­වත් කර­මින් ජීවි­තයේ මුල්ව­රට ඔවුන් කොළ­ඹට කැටුව පැමිණි ගම­නේ­දීය. ඒ කොළඹ දැක­ග­න්නට පම­ණක් නොව ඔවුන්ගේ ජීවි­තයේ පොත­ප­තින් පම­ණක් දුටු වරාය, මුහුද හා ගුව­න්තො­ටු­පළ සියැ­සින් දැක­ගත් අව­ස්ථා­වේය.මේ දරු­වන්ට ඒ දුර්ලභ අව­ස්ථාව හිමි­කර දුන්නේ කොළඹ ගෝල්ෆේස් හෝට­ලයේ මාමලා නැන්දලා ය. එදා පැමිණි ගම­නට වීදි දරු­වන් සඳහා අපේ රටේ පිහිටි එකම පාසල වන නුවර මද්දුම බණ්ඩාර විදු­හලේ හා කොළඹ රත්ම­ලානේ අඳ ගොළු බිහිරි පාසලේ දරුවෝ සහ­භාගි වූහ.

මේ දරු­වන්ට තම තමන් ගැන කීමට ඇති කතා බොහො­ම­යකි. ඔවුන් පෙළන ප්‍රශ්න ඒ පුංචි සිත්ව­ලට දරා ගැනී­මට අප­හ­සු­ත­රම්ය. එක් කෙනෙකු දෙන්නෙකු පම­ණක් නොව මේ හැම දරු­වෙ­කුම පාහේ සිටින්නේ මව් පිය සෙනෙ­හ­සින් බොහෝ දුරස්ව ය. ආද­රය ලැබිය යුතු වයසේ පසු­වන මේ පැට­වුන්ට ආද­රය කියා දෙන්නේ මේ පාස­ල්වල ගුරු­ව­රුන් පමණි. එවන් වූ දරු­වන් පිරි­ස­කට ලෝකය ගැන නොව අපේම රටේ වග­තුග කියා දෙන්නට ගෝල්ෆේස් හෝට­ලය, ඊබට් සිල්වා සමූහ ව්‍යාපා­රය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිය ළමා දින සමාජ සත්කා­රක වැඩ සට­හන යටතේ මේ දරු­වන් දැක නැති කොළඹ පෙන්වී­මට කට­යුතු යොදා තිබිණි.

“අපි මීට පෙර කව­දා­වත් කොළඹ ඇවිත් නැහැ. මුහුද දැකලා තිබු­ණේත් නැහැ. අපි අහසේ යන ප්ලේන් දැක්කත් මුහුදේ යන නැව් කව­දා­වත් දැකලා තිබුණේ නැහැ. අද අපි මුහුද බලන්න ගියා. රැල්ල පෑගුවා. මුහුද ගොඩාක් ලොකුයි. මුලින් නම් මුහු­දට බහින්න ගොඩාක් බය හිතුණා. අපි කොළ­ඹට ආවේ කෝච්චි­යෙන්. ඒ එන­කොට ගඟ­වල් ගොඩාක් දැක්කා. අපිට මෙහේ නැන්දලා මාමලා ඇපල් දුන්නා, ලස්සන පාට පාට කේක් දුන්නා. කව­දා­වත් කාලා නැති රස කැම ජාති දුන්නා. ඒ වගේම තෑගි ත් දුන්නා” මහ­නු­වර මද්දුම බණ්ඩාර විදු­හලේ සිසු­වි­යක වන ගීත්මා පව­ස­න්නීය.

මහ­නු­වර මද්දුම බණ්ඩාර විදු­හල නගර මධ්‍යයේ පිහිටි කුඩා පාස­ලක් වුවද අනෙ­කුත් පාස­ල්ව­ලට වඩා වෙනස්ය. මෙහි අකුරු කර­න්නේද දැයේ දරු­වන් වුවත් මේ දරු­වන් බහු­ත­ර­යක්ම විෂම සමා­ජයේ අසා­ධා­ර­ණ­යට ලක්වූ දරු­වන්ය. එම පාසලේ දරුවෝ පන­හ­කට වැඩි ගණ­නක් ඉගෙ­නුම ලබති. ඔවුන් රැක බලා ගන්නා මව පාසලේ විදු­හ­ල්ප­ති­තු­මි­යයි.

“මේ පාසල නුවර නගර මධ්‍යයේ පිහි­ටි­යත් මේ පාස­ලට එන්නේ නග­රයේ වීථි දරු­වන්, වගේම යන්න තැනක් නැතිව අස­රණ වූ දරු­වන්. මේ දරුවෝ හැදෙන්නේ අපේ ජය­වි­ක්‍රම ළමා නිවා­සයේ. සාමාන්‍ය දෙම­වු­පි­යන්ගේ දරු­වන් මේ පාස­ලට එන්නේ නැහැ. ආවොත් එන්නේ කිසිම පාස­ල­කට යන්න බැරි වුණු කිහිප දෙනෙක් පම­ණයි. මේ ගොඩාක් දරු­වන්ට දෙම­වු­පි­යන් නැහැ. පාසලේ අපි තමයි කවලා පොවලා නාවලා කරලා අම්මා තාත්තා වගේ මේ දරු­වන්ව ආද­ර­යෙන් බලා ගන්නේ. මේ දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු බලන්න කිසිම කෙනෙක් පාස­ලට එන්නෙ නැහැ. මේ පාසලේ දරුවෝ 56 ක් හිටි­යට 11 වසර දක්වා පංති තියෙ­නවා. ඒත් මේ දරුවෝ හරිම අස­ර­ණයි. ඒ අය ආද­රය රැක­ව­ර­ණය ලබන්න ආසයි. අපේම මහ­න්සි­යෙන් තමයි මේ දරු­වන් ඉදි­රි­යට ගෙනි යන්නේ. මේ වගේ ගම­නක් මේ වගේ කැම බීම මේ දරු­වන්ට හීන­යක් වගේ. කිසිම කෙනෙ­කුට මේ පාසල ගැන ඇහැ ඇරෙ­න්නැති මොහො­තක මේ වගේ ගම­නක් සංවි­ධා­නය කළ මේ ආය­ත­න­ය­ව­ලට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර විදු­හ­ල්ප­තිනී ඊ.පී.පී ඒක­නා­යක මහ­ත්මිය පව­සන්නී ය.

මේ දරු­වන්ගේ හැසි­රීම් ඔවුන්ගේ අස­ර­ණ­කම පෙන්වන කැඩ­ප­තකි. චාරි­කා­වේදි ලැබුණු ටී ෂර්ට­යෙන් සැර­සුණු මේ දරු පිරිස කොළඹ වටේ කරක් ගැසුවේ ඊබට් සිල්වා ආය­ත­න­යෙන් ලබා දුන් කලම්බු සිටි නම් ඩබ­ල්ඩෙ­කර් බස් රථ­යෙනි. ඒ ගමන ඔවුන් සතු­ටින් පුර­වා­ලීය. වරාය අධි­කා­රියේ සංවි­ධා­න­යෙන් මෙසේ කොළඹ පැමිණි මේ දරු­වන්ට වරාය දැක බලා ගන්නට සැලැ­ස්වුවා පම­ණක් නොව වරා­යට පැමිණි සුඛෝ­ප­භෝගී නැව­ක­ටද ඇතුළු විමේ අව­ස්ථාව ලැබිම ඔවුන්ගේ ජීවි­ත­යට නැවුම් අත්දැ­කී­මක් එක් කළේ ය. වරාය නැර­ඹී­මෙන් අන­තු­රුව මේ දරු­වන් වෙනු­වෙන් ගෝල්ෆේස් ආය­ත­නය සිය හෝට­ලයේ විදේ­ශි­ක­යන් වෙනු­වෙන්ම සැක­සුණු දිවා භෝජන සංග්‍ර­හ­යක් ද භුක්ති විඳී­මට අව­ස්ථාව සලසා තිබුණි. තරු­පහේ හෝට­ල­ය­කට යෑම සිහි­න­යක් වු මේ දරු­වන්ට ජීවි­තයේ කිසි දිනක භුක්ති නොවිඳි ආකා­රයේ ප්‍රණීත ආහාර පාන­යෙන් සප්පා­යම් වීමට අව­ස්ථාව ලැබිණි

“අපි වරා­යට ගියා. නැව් ගොඩාක් දැක්කා. ලොකු නැව­ක­ටත් නැග්ගා. අපි අද රයිස් කෑවා. ඒ රයිස් එකට බෙදා­ගන්න ගොඩාක් කෑම ජාති තිබුණා. මං කව­දා­වත් ඒ වගේ කෑම දැකලා තිබුණේ නැහැ. මොන­වද බෙදා ගන්නේ කියලා මට හිතා­ගන්න බැරි­වුණා. ඒ නිසා තියෙන හැම දේම බෙදා ගත්තා. මීට කලින් අපි මෙහෙම ගම­නක් ගිහින් තිබුණේ නැහැ”යැයි රත්ම­ලාන අඳ ගොළු­බි­හිරි පාස­ලින් පැමිණි ගිම්සර එසේ පැවැ­සූයේ හස්ත මුද්‍රා­වෙනි. දරු­වන් පව­සන දේ අපට පැහැ­දිලි කර දුන්නේ ඔවුන් සමඟ පැමිණි ගුරු­ව­රුය.

මේ දෙම­ව්පියෝ සිය දරු­වන් ආර­ක්ෂාව සඳහා පාස­ලට බාර දී ඇත. එතැන් මේ දරු­වන්ගේ ලෝකය වන්නේ මේ පාස­ලයි. පොත­පතේ දැනු­මට දරු­වන්ගේ හිත් එක්තැන් කර ගැනී­මට මේ ගුරු­ව­රුන් විඳින්නේ අප­මණ වෙහෙ­සකි. ජීවි­තයේ කිසිදු අර­මු­ණක් නැති දරු­වන්ට දැන් සිත­න්නට යමක් ඇත්තේය.

“ මාත් කවදා හරි ඒ වගේ ලොකු ගුවන් යානා­වක් පද­ව­නවා.” ආකර්ෂා එසේ පව­සද්දී “ මාත් කවදා හරි ඒවගේ ලොකු නැව­කින් පිට­රට යනවා” තර­ග­ය­ට­මෙන් අසේල පව­සන්නේ ය. දැන් මේ දරු­වන්ට සිත­න්නට අර­මු­ණත් ඇත්තේය. ගොඩ නඟ­න්නට ලොවක් ඇත්තේය. ඒ ළමා දිනය වෙනු­වෙන් හිත් පිත් ඇත්ත­න්ගෙන් මේ පුංචි පැට­වුන් ලද දේ නිසාය.

“මේ ගමන දරු­වන්ගේ ජිවි­ත­ව­ලට අලුත් අපේ­ක්ෂා­වක් එක් කළා. ඔවුන්ගේ ජීවිත හෙට සිට ලොකු වෙන­සක් වෙයි කියා අප බලා­පො­රොත්තු වෙනවා. කෙත­රම් ප්‍රශ්න තිබු­ණත් මෙවැනි ගම­නක් එන්න තරම් දරු­වන් පින් කර තිබෙ­නවා. ඒත් හෙට ඉඳන් නැව­තත් මේ දරුවෝ ළමා නිවා­සයේ. සම­හර දරු­වන් කව­දා­වත් කෝච්චියේ ගිහින් නැහැ. අද මේ අය කෝච්චියේ ඇවිත් ලොකු සතු­ටක් ලැබුවා. දරු­වන් මෙත­රම් සතුටු වූ දව­සක් මං මින් පෙර දැක නැහැ. ඔවුන්ට මෙවැනි අව­ස්ථා­වක් ලබා දුන් ගෝල්ෆේස් ආය­ත­නය මෙන්ම ඊබට් සිල්වා ආය­ත­න­යට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර පාසලේ ගුරු­ව­රි­යක වන රසිකා කර­ම්පි­ටිය මහ­ත්මිය පැව­සු­වාය.

පරි­ත්‍යා­ග­ව­ලින් පවත්වා ගෙන යන මේ පාස­ලට අඩු­පාඩු බොහෝය. පාස­ලට කාල­යක පටන් දැඩි අඩු­පා­ඩු­වක්ම පව­තින බුදු මැදු­රක් සාදා දීමට දැන් ගෝල්ෆේස් ආය­ත­නය සූදා­න­මින් සිටී.

“ ගෝල්ෆේස් ආය­ත­නය ළමා දිනය වෙනු­වෙන් මේ ආකා­රයේ වැඩ සට­හ­නක් සංවි­ධා­නය කළේ සිවු­වැනි වතා­ව­ටයි. මේ දරු­වන්ගේ සතුට දුටු අපේ දෑස්ව­ලට කඳුළු ඉණුවා. ඔවුන්ගේ පාස­ලට ගිය අපි එහි ඇති අඩු­පාඩු දැක හැකි­ත­ර­මින් ඒවා සපු­රා­ලන්න උත්සහ කර­නවා. අප සාදවා දෙන බුදු­මැ­දුර එම ජීවි­ත­ව­ලට වෙන­සක් ගෙනේවි යැයි අප විශ්වාස කර­නවා. මෙහි සම්පූර්ණ ගෞර­වය හිමි වෙන්නේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති සංජීව ගාඩ්නර් මහ­තාට. ඒ වගේම මේ කාර්ය­යේදි සහාය දැක්වූ හැමෝ­ටම ස්තූතියි” ගෝල්ෆේස් හෝට­ලයේ විධා­යක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සම­ර­සිංහ මහතා පව­සයි.

ඊබට් සිල්වා සමූහ ව්‍යාපා­රයේ අධ්‍ය­ක්ෂිකා රාජිනී සිල්වා මහ­ත්මිය ද අද­හස් පළ කළාය. “ අද දරු­වන්ට විත­රක් නෙවේ අප­ටත් විශේ­ෂිත දව­සක්. දරු­වන්ට කව­දා­වත් මෙවැනි අව­ස්ථා­වක් ලැබිලා නැහැ කියා ඔවුන් අපට කිව්වා. ඉදි­රි­ය­ටත් මෙවැනි කාර්ය කිරීම අපේ බලා­පො­රො­ත්තු­වයි”

ආද­රය ලැබී­මට හැමෝම කැමැති වුවත් ආද­රය අහිමි බොහෝ දෙනා තව­මත් මේ මිහි­පිට වාසය කරති. සම­හ­රක් ජීවි­තයේ කිසිදා ආද­ර­යක් නොල­බාම මිය­යති. ඒ දෛවය තීර­ණය කරන හැටිය. එහෙත් පිපෙ­න්නට වෙර දරන මල් පිපෙ­න්න­ට­නම් ආද­රය ඇවැ­සිය. ලෝකය සුවඳ වත් වන්නේ මේ පිපුණු සුව­ඳැති මල්ව­ලිනි. ඒ පිපුණු මල් තවත් බබ­ළ­ව­න්නට ඔබ­ටත් හැකි­නම් ඔවුන්ගේ ජීවිත සැමදා සුන්දර වනු ඇත.

ජායා­රූප - විමල් කරු­ණා­ති­ලක

Comments