
දම්පල් සමිඳු වැනි අය ඒ දවස්වල
පැවසුවෙ ලක් මවගේ ගුණ කඳ ලියවිල්ල
ඒ පින්වතුන් අරගෙන දුන් සැනසිල්ල
අප යුතුකම වේය එය නිති සුරැකිල්ල
ඉංග්‍රීසින් කලක් අල්ලා සිටි මෙරට
නිදහස් වුණේ අප හැමගේ පෙර පිනට
සිරිලක වාසනාවයි මේ නිදහසට
සුරකිමු දෑත් අල්ලාගෙන එකවැලට
නිදහස ලැබිමේ සතුටයි ගෙවෙන්නේ
සැමදා අපි හැම එක්වයි වෙසෙන්නේ
නැත කිසිදාක මෙරටට පිටුපා යන්නේ
සැමවිට එකතු වී අප රට රැක ගන්නේ
පුරවි අංගීරසා කුලතුංග
10 ශ්‍රේණිය,
මියුසියස් විද්‍යාලය,
කොළඹ.