පරණ වල­ව් හෝටල් කරන රටේ භික්ෂූ ගිලන්හලක් වූ පින්වත් වලව්ව | Page 2 | සිළුමිණ

පරණ වල­ව් හෝටල් කරන රටේ භික්ෂූ ගිලන්හලක් වූ පින්වත් වලව්ව

වල­ව්වක වටි­නා­කම වැඩි වන්නේ එය පරණ වූ තර­ම­ටය. බණ්ඩා­ර­ගම පිහිටි කන්න­න්ගර වලව්ව ද අද වන විට වසර සිය­ය­ක­ටත් වඩා පැර­ණිය. එහි වටි­නා­කම රුපි­යල් කෝටි ගණ­නක් විය හැකිය. මුදල්වල වටි­නා­කම පසෙක ලූ කන්න­න්ගර දිය­ණියෝ මීට වසර කිහි­ප­ය­කට පෙර වලව්ව සඟ­සතු කළහ. අද එය ගිලන් භික්ෂූන් සඳහා කැප ­වුණ, සිත නිවන මධ්‍ය­ස්ථා­න­යකි.

දානේ නොලැ­බෙන දින­ව­ලට උප­ස්ථා­යක හිමි­නම අතින්ම දානේ පිසි­නවා

* බණ්ඩාරගම පැරැණිම වලව්ව
* වටිනාකම කෝටි ගණනක්

“අස­නීප වූ භික්ෂුන් වහන්සේ වැඩ වෙසෙන පරණ වල­ව්වක් තියෙ­නවා. කන්න­න්ගර වලව්ව කියලා කියන්නේ. කාගෙද කියන්න හරි­ය­ටම දන්නේ නැහැ”

යෙහෙ­ළි­යක් දිනක් කීවාය. කී පම­ණින්ම මගේ සිතේ මේ වලව්ව කෙරෙහි ඇති­වූයේ කුතු­හ­ල­යකි.

වල­ව්වක් යනු වත්ම­නෙහි බොහෝ පෞරා­ණික වටි­නා­ක­මක් ඇති තැනකි. එහෙ­යින් වලව් අයිති බොහෝ දෙනා ඒවා ආරක්ෂා කර ගැනී­මට වෙහෙ­සෙති. නොඑ­සේ­නම් ඒවා තවත් වැඩි දියුණු කර වාණිජ පර­මාර්ථ සඳහා යෙද­වී­මට උත්සාහ දරති. එසේ තිබි­යදී මෙවන් පැරැණි වල­ව්වක් ගිලන් ආරා­ම­යක් සඳහා පූජා කරන්නේ නම් ඒ උතුම් කර්ත­ව්‍ය­යකි.

පරණ වල­ව්වත් එහි වැඩ වසන ගිලන් භික්ෂුන් වහ­න්සේත් දැක ගැනීමේ අර­මු­ණින් පසු­ගිය දිනෙක අපි බණ්ඩා­ර­ග­මට ගියෙමු.

මේ වස් කාල­යයි. ගමත් පන්ස­ලත් අතර ඇති සබැ­ඳි­යාව වඩාත් තර වන්නේ මේ කාල­ය­ටයි. ඒ දාය­ක­යන් වෙන­දා­ටත් වඩා භික්ෂූන් වහන්සේ උදෙසා ඇප උප­ස්ථාන කරන බැවිනි. වස් සමයේ ආර­ම්භ­යත් සමඟ අප ගොඩ­වැ­දුණේ පන්ස­ලක් හෝ ආරා­ම­යක් හෝ නොවන ස්ථාන­ය­ක­ටය. ඒ භික්ෂු ගිලන් මධ්‍ය­ස්ථා­යකි. මෙයට බොහෝ කල­කට පෙර මෙවැනි භික්ෂු ගිල­න්හල් කිහ­ප­ය­කට යෑමේ අව­ස්ථාව අපට උදා­විය. එකක් පොල්ග­හ­වෙල ප්‍රදේ­ශ­යේය. අනෙක මාතර ප්‍රදේ­ශ­යේය. මේ දෙපො­ළේම සිටින්නේ ගිලන් වූ භික්ෂුන් වහ­න්සේය.

බණ්ඩා­ර­ගම නග­ර­යෙන් කළු­තර පාරේ මඳ දුරක් ගිය විට හමු­වන්නේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න­ත්තුවේ බීජ ගොවි­පො­ළට යන පාරයි. මේ පාරේ මීටර් සිය­යක් එක­සිය පන­හක් පමණ ගිය විට හමු­වන්නේ භික්ෂු ගිලන් නිවෙසකි.

විවිධ මලින් හැඩ වූ වලව්ව ඉදි­රි­පිට නතර වී අපි අවට බැලු­වෙමු. ඉදි­රි­ප­සින් ඇත්තේ කුරුඳු ඉඩ­මකි. අනෙක් පසින් ඇත්තේ කර්මාන්ත ශාලා­වකි. තවත් පසෙක ඇත්තේ හිස් ඉඩ­මකි. ඒ ඉඩමේ තැනෙක අලි­යෙක් බැඳ සිටී. වලව් දොර­කඩ නතර වූ අපි වලව්ව අවට ඇති නෙක මලින් පිරි මල් ගස්වල හැඩ බැලු­වෙමු.

“එන්න ඇතු­ළට ”

පැරණි තාලයේ වලව් බිම දැන් ටයිල් කැට අල්ලා නවී­ක­ර­ණය කර ඇත. උස් පඩි නැඟ අපි වල­ව්වට ගොඩ­විමු. විසල් සාලයේ කෙළ­ව­රක වැඩ­හි­ඳින බුදු පිළිම වහ­න්සේය. අවට පිරි­සුදුය. පිළි­වෙ­ළය.

ඩී. සී. ඩබ්ලිව්. කන්න­න්ගර අනු­ස්ම­රණ අමි­ල­සිරි ගිලන් භික්ෂු නිවෙස බාරව කටයුතු කරන භික්ෂුන් වහන්සේ හා අපි කතා කළෙමු. ගෝණ­දෙ­ණියේ පේම­සිරි හිමියෝ වයෝ­වෘද්ධ භික්ෂුන් වහ­න්සේගේ ඇප උප­ස්ථාන කර­මින් මෙම ස්ථානයේ වැඩ සිටි­න්නාහ. රජ­යෙන් හෝ වෙනත් කිසිදු සංවි­ධා­න­ය­කින් අනු­ග්‍ර­හ­යක් නැති වුවද ගිලන් භික්ෂුන් වහ­න්සේගේ සුව­ප­හ­සුව හා උන්ව­හ­න්සේට ඇප උප­ස්ථාන කර­මින් කට­යුතු කර­ගෙනු යනු ලබන්නේ බොහෝ අමා­රු­වෙනි.

දායක පින්ව­තුන්ගේ උද­ව්වෙන් තමයි මේ කට­යුතු කර­ගෙන යන්නේ. දානේ නොලැ­බෙන දව­ස්ව­ලට මම දානය පිළි­යෙල කර­නවා. මේ අස­නී­පව සිටින භික්ෂූන් වහ­න්සේගේ සෞඛ්‍ය ගැන බලන්න ‍ෙවෙද්‍ය දිනේෂ් ගුණ­ති­ලක මහ­ත්තයා එනවා. ඔහු පාණ­දුර රෝහලේ සේවය කරන්නේ. දැනට මෙතැන භික්ෂූන් වහන්සේ පස් දෙනෙක් වැඩ ඉන්නවා. අපට කාමර හයයි තියෙන්නේ. කාල­යක් මේ වලව්ව අභා­ව­යට ගිහින් තිබිලා. ඩී. සී. ඩබ්ලිව් කන්න­න්ගර මහ­ත්ත­යාගේ දරුවෝ තමයි මේ වලව්ව මෝද­ර­වානේ අමි­ල­සිරි හමු­දු­රු­වන්ට පූජා කරලා තියෙන්නේ. උන් වහන්සේ තමයි මේ ස්ථානය කර­ගෙන යන්න කියලා මට බාර දුන්නේ.”

ගෝණ­දෙ­ණියේ පේම­සිරි හිමි­යන් පැවිදි දිවි­යට එළැ­ඹෙන්නේ දෙද­හස් දහ­තුන වස­රේ­දීය. තිස්වැනි වියේ පසු­වන පේම­සිරි හිමි අට දෙනෙකු­ගෙන් යුතු පවුලේ පස්වැ­නි­යාය.

“අපේ පන්තියේ තුන් හතර දෙනෙක්ම පැවි­දි වී හිටියා. මේ නිසා මටත් පැවිදි වෙන්න හිතුණා. මුලින් ගෙදර කවු­රු­වත් කැමති වුණේ නැහැ මම පැවිදි වෙන­වට. නමුත් මම නිතර ඇවි­ටිලි කළාම ගෙදර අය කැමැත්ත දුන්නා පැවිදි වෙන්නට. මං මේ ස්ථාන­යට ඇවිත් දැන් අට අවු­රු­ද්දක්. විය­පත් භික්ෂුන් වහ­න්සේට ඇප උප­ස්ථාන කිරීම මම බොහෝම කැමැ­ත්තෙන් සිදු කරන්නේ. ” පේම­සිරි හිමි පව­ස­න්නේය.

මෙම භික්ෂු ගිලන් හලේ සිටින වයෝ­වෘ­ද්ධ­තම ස්වාමීන් වහන්සේ වන්නේ කුලි­යා­පි­ටියේ ධීරා­නන්ද ස්වාමීන් වහ­න්සේය. උන් වහන්සේ ගේ මත­ක­යද දැන් අඩුය. එනිසා වයස හෝ තම තරුණ විය පිළි­බඳ නිවැ­රදි මත­ක­යක් නැති තරම්ය. උන් වහන්සේ පව­සන්නේ තමන්ට දැන් වයස අවු­රුදු එක­සිය තුනක් බවය. මෙහි වෙසෙන ධර්ම­සේන හාමු­දු­රුවෝ අනූ­හත් හැවි­රි­දිය. උන් වහන්සේ මේ දින­වල අස­නී­ප­යෙනි.

ගිල­න්හලේ වැඩ වාසය කරන බුල­ත්සිං­හල ධර්ම­සිරි ස්වාමීන් වහන්සේ අසූ තුන්හැ­වි­රිදි වියේ පසු­ව­න්නාහ. උන්ව­හන්සේ පැවිදි දිවි­යට පත්ව ඇත්තේ දෙද­හස් එකො­ළහ වර්ෂ­යේ­දීය.

“මම ගිහි ජීවි­ත­යේදී කෘෂි කර්ම උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස වසර ගණ­නා­වක් සේවය කළා. පුතාලා තුන්දෙ­න­කුත්, දුවෙ­කුත් හිටියා. ඒ අය විවා­හ­කයි. ගිහි­කල බිරිය අස­නීප වුණාට පස්සේ ඇය දිය­ණී­යගේ නිවෙසේ නතර වෙන්න ගියා. නිවෙසේ තනි­වුණු මට මහා පාළු­වක් දැනෙන්න ගත්තා. මම කල්පනා කළා ජීවි­තය නිකම්ම ගෙවා දම­න­වාට වඩා බණ භාවනා කර­මින් මේ සංසාර ගමන කෙටි කර ගන්නට පැවිදී විම හොඳයි කියලා හිතුණා. මම මුලින් හිටියේ ආර­ණ්‍ය­යක. නමුත් කඳු නඟින්න අමාරු නිසා මෙහෙට ආවා. දැන් මම සැහැ­ල්ලුයි. මගේ අත්දෙක හිස්. මට ජීවිතේ දිහා උපේ­ක්ෂා­වෙන් බලන්න පුළු­වන්. ”

ධර්ම­සිරි ස්වාමීන් වහන්සේ පව­සන්නේ සැහැ­ල්ලු­වෙනි.

කාලයේ හැටි­යට ගේ දොර ඉඩ­ක­ඩම් බොහෝ වටී. මෙවැනි යුඟ­යක වසර සිය­ය­ක­ටත් වඩා පැරණි වල­ව්වක් විකුණා කෝටි ගණ­නින් මුදල් ඉප­යිමේ හැකි­යාව තිබි­යදී මෙය දනට පූජා කළෝ කවු­රුද? කන්න­න්ගර වලව්වේ හිමි­කරු කවුද මේ තොර­තු­රු­ව­ලට පිළි­තුරු සෙවිමේ අර­මු­ණින් අපි බණ්ඩා­ර­ගම දවස පත්තර කඩේ හිමි­කා­රිය මුණ ගැසු­ණෙමු. ඇය සිරි­යා­වති ය.

“ඔය කන්න­න්ගර වලව්වේ හිමි­කරු තමයි ඩී. සී. ඩබ්ලිව්. කන්න­න්ගර මහ­ත්තයා. මගේ මහ­ත්තයා තමයි කේ. එල්. ධර්ම­දාස. මගේ මහ­ත්තයා කන්න­න්ගර මහ­ත්තයා සමඟ දේශ­පා­ල­නය කළා. කන්න­න්ගර මහ­ත්තයා තමයි සුළු නගර සභාවේ ප්‍රථම උප සභා­පති. පසුව ඔහු පාණ­දුර පාර්ලි­මේන්තු මන්ත්‍රී වුණා” සිරි­යා­වතී මහ­ත්මිය පැවැ­සුවේ ඇය දන්නා තොර­තු­රුය.

“මේ බණ්ඩා­ර­ග­මට වලව් පහක් විතර තිබුණා. අද වෙන­කොට තියෙන පැර­ණිම වලව් තමයි කන්න­න්ගර වල­ව්වයි, විදා­ගම වල­ව්වයි. අර­ලි­ය­ගහ වලව්ව, මාලඹේ වලව්ව ආදි වශ­යෙන් තවත් වලව් කිහි­ප­යක්ම තිබුණා. මේ වලව්ව අපි දන්න විදි­හට නම් අවු­රුදු සිය­ය­කට වඩා පර­ණයි. මම දන්න විදි­හට නම් කන්න­න්ගර මහ­ත්තයා දේශ­පාල­නය කළේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. ඔහු දේශ­පා­නය කළේ නම්බු­කා­ර­ක­මට”. සිරි­යා­ව­තිගේ පුතු අජන්ත පැව­සීය.

ඩී. සී. ඩබ්ලිව්. යනු දොන් ක්‍රිස්ටෝ­පර් විජේ­සිංහ කන්න­න්ග­රය. එක්ද­හස් නව­සිය දහ­තු­නේදි උපන් කන්න­න්ගර මහතා මුලික අධ්‍යා­ප­නය ලබා ඇත්තේ පාන­දුර ශාන්ත ජෝන් විද්‍යා­ල­යෙනි. පසුව කාර්මික විද්‍යා­ල­යෙන් ද එතුමා ඉගෙ­නුම ලබා ඇත්තේය. එක්සත් ජාතික පක්ෂ­යෙන් දේශ­පා­ල­න­යට පිවිසි කන්න­න්ගර මහතා තම ප්‍ර‍දේශයේ මහ­ජ­න­තාව වෙනු­වෙන් හඬක් නැගූ අයෙකි. එතුමා පිළි­බඳ වැඩි­වි­ස්තර දැන ගැනීමේ අර­මු­ණින් අපි බණ්ඩා­ර­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු විපක්ෂ නායක මහේෂ් කොත­ලා­වල මහ­තා­ගෙන් තොර­තුරු විමසු­වෙමු.

“කන්න­න්ගර මහ­ත්තයා හොඳ දේශ­පා­ල­න­ඥ­යෙක්. එතුමා ඒකාලේ තිබු සුළු නගර සභාවේ සභා­පති ලෙස වසර විසි­තු­නක් සේවය කළා. මගේ පියා වේලි­ය­දාස කොත­ලා­වල. මගේ තාත්තා තමයි ඒ අවු­රුදු විසි­තු­නම එතු­මාගේ ලේකම් ලෙස කට­යුතු කෙරුවේ. එතු­මාට දිය­ණි­යන් තිදෙ­නෙක් සිටියා. එක් දිය­ණි­යක් සුනා­මි­යෙන් මිය­ගියා. අනෙක් දිය­ණි­යන් විදේශ ගත­වෙලා ඉන්නේ. මේ ඉඩම් දිය­ණි­යන්ට බෙදා දුන්නත් වලව්වේ අයි­තිය තුන්දෙ­නා­ටම දීලා තිබුණේ. පසු කලෙක ඔවුන් මේ වලව්ව භික්ෂූන් වහ­න්සේට පුජා කළා. මෙය කලක් ගරා වැටිලා තිබුණේ. නමුත් මේ වලව්ව භික්ෂූන් වහ­න්සේට පූජා කළේ සම්පු­ර්ණ­යෙන්ම පිළි­ස­කර කරලා.”

මිනිස්සු මේ ජීවි­ත­යේදී සියල්ල පොදි බඳිති. සසර ගමන ගැන නොසි­තති. ඉන්න­කන් ‘ජොලියේ‘ ඉන්න ඕනෑය යන්න බොහෝ දෙනාගේ අද­හ­සය. නමුත් තණ්හාව අත් හළ කන්න­න්ගර දිය­ණියෝ තමන් සතු පර­ම්පරා ගණ­නක් ජීවත් වූ වලව්ව සඟ සතු කළහ. දැන් එහි වැඩ වාසය කරන්නේ විය­පත්, රෝගී සිටින භික්ෂුන් වහ­න්සේය.

ඡායා­රූප- තුෂාර ප්‍රනාන්දු

Comments