සොබා­දම් මව රැක­ග­නිමු පණ වගේ | සිළුමිණ

සොබා­දම් මව රැක­ග­නිමු පණ වගේ

කවි­යෙහි රස දන්නා පෙර පඬි උතු­මන්
සංදේ­ශය කළා සැළ­ලි­හි­ණිය සැවු­ලන්
පන්හිඳ පණ පොවා නම­දි­න්නෙමි තෙරු­වන්
මම කවි ලියමි පෙන්වාලා රස මුසු තැන්

ගලනා ගඟක ඇති සිසි­ලස විඳ­ගන්න
ඉන් දිය බිදක් ඔබෙ දෝතට අර­ගන්න
හමනා සිහිල් මඳ­නල ගත දව­ටන්න
වීදුරු ගෙවල් ඇතු­ළෙන් එළි­යට එන්න

දහ­සක් බුදුන් පිට දුන් ගස් ටික කපලා
සහ­සක් දෙනා ඇත අද සතු­ටින් පිරිලා
රහ­සක් නොවේ දිය දහරා යයි සිඳිලා
දව­සක් උදා­වෙයි මර­ණෙට දිව ගිලිලා

මුදල් මත සියලු දෙය මිනුම් කරනා යුගේ
මනි­න්නට පුළු­වන්ද සොබා දහමේ අගේ
ලියුවේ මා සොඳුරු පරි­ස­රයෙ ඇති ර‍ඟේ
සොබා­දම් මව අපෙ රැක­ග­නිමු පණ වගේ

ජී.ඒ. හෂිනි නිමාෂා රාජ­පක්ෂ
13 ශ්‍රේණිය ‘කලා’,
ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යා­ලය,
ගම්පොළ.

Comments