ජීවිත ඉල්ලා හඬා වැටෙන මන්නාරමේ බඩදරු අම්මලා | සිළුමිණ

ජීවිත ඉල්ලා හඬා වැටෙන මන්නාරමේ බඩදරු අම්මලා

* වෛද්‍යවරුන් ඉල්ලා කරන උද්ෙඝා්්ෂණයට අවුරුදු ෙදකයි
* ප්‍රසව වාට්ටුව භාර එකම දොස්තරත් නිවාඩු ගිහිල්ලා

සමා­ජයේ කොතැ­නක වුව ගැබිනි මවුව­රුන්ට ඉතා ඉහ­ළින් සල­කනු ලබන්නේ අනා­ගත පර­පුර වෙනු­වෙන් තවත් සාමා­ජි­ක­යකු මෙලො­වට බිහි කිරී­මට ගැබිනි මවු­ව­රුන් දරණ වෑයම අගය කිරී­මක් වශ­යෙනි. පෙර රජ දරු­වන් ගැබිනි මවුව­රුන් වෙනු­වෙන් ගැබ් පෙර­හර පවත්වා ඔවුන් ආග­මික පරි­ස­ර­ය­කට නැඹුරු කොට දෙවි­යන්ගේ බුදුන්ගේ පවා ආශි­ර්වා­දය ගැබිනි මවුව­රුන්ට ලබා දී තිබේ. අනු­රා­ධ­පුර යුග­යේදී දුටු­ගැ­මුණු රජ­තුමා පම­ණක් එවැනි ගැබ් පෙර­හර හත­ළිස් හත­රක් කළ බවට මහා­වං­ශයේ කරුණු සඳ­හන්ය. එසේ නමුදු වර්ත­මා­නයේ අනු­රා­ධ­පු­ර­යට මායිම්ව ඊට නුදු­රින් පිහිටි මන්නා­රමේ ගැබිනි මවුව­රුන්ට විඳී­මට සිදුව ඇති පීඩා ඇසෙන විට අප ලෝකයේ සිටින්නේ කොතැ­න­ක­දැයි සිතා ගැනී­මට පවා අසී­රුය.

මන්නා­රම රජයේ රෝහලේ දැඩි වෛද්‍ය හිඟ­යක් පව­තින්නේ දැනට වසර තුනක පමණ කාල­යක සිටය. උතුරු පළාත් සෞඛ්‍ය ලේක­ම්ව­රයා වරක් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමා­ත්‍ය­ව­ර­යාට ලිපි­යක් යව­මින් දැනුම් දී තිබුණේ මන්නා­රම රෝහ­ලට අවශ්‍ය පම­ණට වෛද්‍ය­ව­රුන් ලබා­දී­මට නොහැ­කි­නම් රෝහල වසා දමන ලෙසයි. නමුත් මේ දක්වාම මන්නා­රම රෝහලේ වෛද්‍ය හිඟ­යට කිසිදු විස­ඳු­මක් ලැබී නොමැත.

මන්නා­රම රෝහලේ ප්‍රසව වාට්ටුව බාරව සේවය කරන එකම එක වෛද්‍ය­ව­රයා මේ දින­වල නිවාඩු ලබා­ගෙ­නය. එහෙ­යින් රෝහ­ලට ඇතු­ළත් වන ගර්භිණී මවුව­රුන්ට අවශ්‍ය ප්‍රති­කාර ලබා­දී­මට වෛද්‍ය­ව­ර­යකු නොමැත. මේ නිසාම මන්නා­රම රෝහලේ බල­ධා­රීහු මේ දින­වල මන්නා­රම රෝහ­ලට ඇතු­ළත් වන ගැබිනි මවුව­රුන් ගිලන් රථ­වල පටවා වවු­නි­යාව මහ රෝහල වෙත එවී­මට කට­යුතු කරති.

ඒ අතර මන්නා­රම රෝහලේ ගැබි­නි­යන්ට ප්‍රති­කාර සඳහා අදාළ වෛද්‍ය­ව­ර­යෙකු නොමැති බව දන්නා ගැබි­නි ­ම­වුව­රුන්ගේ ස්වාමි­පු­රු­ෂයෝ සිය බිරි­යන් වවු­නි­යාව මහ රෝහ­ලට ඇතු­ළත් කරති. මේ නිසා වවු­නි­යාව රෝහ­ලට ඇතු­ළත් වන ගැබිනි මවු­ව­රුන්ගේ සංඛ්‍යාව ද වැඩිවී තිබේ.

වවු­නි­යාව මහ රෝහලේ පහේ වාට්ටුව මේ හේතුව නිසා දැන් ඉතාම කාර්ය බහුල හා තද­බ­ද­යෙන් පිරි තැනක් වී ඇත. එනි­සාම ගැටලු රාශි­යක් ද පැන නැඟී ඇත්තේය. ගැබිනි මවු­ව­රුන් කෙතෙක් පීඩා වින්දද තව­මත් මන්නා­රම රෝහලේ වෛද්‍ය හිඟ­යට විස­ඳු­මක් ලැබී නැති අත­රම මේ නිසා වවු­නි­යාව හා මන්නා­රම යන රෝහල් දෙකෙ­හිම ගැටලු වැඩි­වීම පම­ණක් සිදුව තිබේ.

වවු­නි­යාව මහ රෝහලේ වෛද්‍ය­ව­රුන් ඇතුළු කාර්ය මණ්ඩ­ලය මේ ගැන මෙසේ අද­හස් පළ කළේ මෙසේය.

''සාමා­න්‍ය­යෙන් මහ රෝහ­ල­කදී ඕනෑම රෝගි­ය­කුට ප්‍රති­කාර කිරීම සඳහා සමස්ත කාර්ය මණ්ඩ­ල­යම බැඳී­ සි­ටි­නවා. ඒක කළ යුතු දෙයක්. නමුත් මේ ප්‍රශ්නය පරි­පා­ල­න­මය ප්‍රශ්න­යක් නිසා ඇති වී තිබෙන්නේ ආර­වුල් සහ­ගත තත්ත්ව­ය­කුයි. මෙවැනි ප්‍රශ්න කෙටි කාල­ය­කින් විස­ඳිය යුතුයි. දැන් මන්නා­රම රෝහලේ වෛද්‍ය හිඟ­යට වසර හත­රක් විතර ගත වෙලා. ඒත් තව­මත් ප්‍රශ්නය විස­ඳිලා නෑ. ඒ රෝහලේ ඉන්න වෛද්‍ය­ව­රුන් නිවාඩු යන­කොට සිය­ලුම ලෙඩ්ඩු වවු­නි­යාව රෝහ­ල­ටයි ගේන්නේ. අනිත් රෝගීන් කොච්චර ආවත් ඒක පේනවා අඩුයි. මොකද ඒ වගේ ලෙඩ්ඩු ඇඳක අයි­නක හරි බංකු­වක හරි තියන්න පුළු­වනි. ඒත් ගැබිනි මවුව­රුන්ට එහෙම කරන්න බැහැ. මේ නිසා මේ රෝහලේ මේ වාට්ටුවේ තද බදය වැඩි වෙලා. ප්‍රශ්න වැඩි­වෙලා. කෙටි­යෙන් කිය­න­ව­නම් පරි­පා­ලන කට­යුතු අවුල් වෙලා. මේ රෝහලේ ඉන්න සිය­ලුම දෙනා එකා වගේ මුළු කාල­යම වැඩ කර­නවා. ඒත් වැඩ­වල ඉව­ර­යක් දකින්න අමා­රුයි. මේකෙන් වෙන්නේ සියලු දෙනාම නිකන් අප­රාදේ හෙම්බත් වෙන එක විත­රයි. ඒක නිසා බල­ධා­රීන් මේ ප්‍රශ්න­ව­ලට ඉතා ඉක්ම­නින් විස­ඳුම් සෙවිය යුතුයි.''

සාමා­න්‍ය­යෙන් වවු­නි­යාව මහ රෝහ­ල­ටද ගැබිනි මවුවරු සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් දින­කට ඇතු­ළත් වෙති.

මන්නා­රම රෝහලේ ගර්භිණී මවුව­රුන්ගේ ප්‍රශ්නය මේ වසරේ ජන­වාරී මාස­යේදී ඉතාම උග්‍ර විය. මාස දෙකක්ම මන්නා­රම රෝහලේ ගැබිනි මවුව­රුන් වෙණු­වෙන් වෛද්‍ය සායන නොපැ­වැ­ත්වුණි. අව­සා­න­යේදී මන්නා­රම රෝහලේ පාලන අධි­කා­රිය ගැබිනි මවුව­රුන්ට සාය­න­යක් සඳහා දින­යක් ලබා දුන්නේය. වවු­නි­යාව මහ රෝහ­ලෙන් වෛද්‍ය­ව­රුන් මන්නා­ර­මට කැඳවා ඒ සාය­නය පැවැ­ත්වී­මට සැල­සුම් යොදා තිබු­ණද විවිධ හේතු මත නිය­මිත දින­යට මන්නා­රම රෝහ­ලට වවු­නි­යාව මහ රෝහ­ලෙන් වෛද්‍ය­ව­රුන් කැඳවා ගැනී­මට නොහැ­කි­වීම නිසා එම සාය­නද අත්හි­ට­වනු ලැබිණි.

එදින මන්නා­රම රෝහල ඉදි­රි­පිට ඇති­වූයේ කිසි­වෙ­කුත් බලා­පො­රොත්තු නොවූ සිද්ධි­යකි. ඉතා අසී­රු­වෙන් සාය­නය කරා පැමිණි ගැබිනි මවුව­රුන් මහ පාරේ අව්වේ වේෙළ­මින් මන්නා­රම රෝහ­ලට වෛද්‍ය­ව­රුන් ඉල්ලා උද්ඝෝ­ෂ­ණ­යක නිරත වීමය. මද වේලා­ව­කින් ඊට තවත් පිරිස් එක්වීම නිසා වාහන තද­බ­ද­යක් ද ඇතිවී පොලි­සිය පවා යෙද­වී­මට සිදු­විය.

ගැබිනි කාන්තා­වන් මහා මාර්ග­යෙන් ඉවත් කිරීමට පොලී­සි­ය­ටද කළ හැකි දෙයක් නොවීය. මේ නිසා පොලී­සියේ ඉහළ නිල­ධා­රිහු මන්නා­රම රෝහලේ බල­ධා­රීන් සොයා ගියහ.

''මේ ප්‍රශ්නය විස­ඳන්න පොලී­සි­යට බැහැ. වෛද්‍ය­ව­රුන් දෙන්නම් කියලා කියන්න පොලී­සි­යට බැහැ. ඒක නිසා බල­ධා­රීන්ම ඉදි­රි­පත් වෙලා මේ මවු­ව­රුන්ට පිළි­තු­රක් දෙන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට මොන­වත් කරන්න බැහැ''

පොලී­සියේ ඉල්ලීම මත මන්නා­රම රෝහලේ කාර්ය බාර වෛද්‍ය­ව­රි­යක් පැමිණ ගැබිනි මවුව­රුන් ඇම­තු­වාය.

"අපි මේ රෝහ­ලට වෛද්‍ය­වරු නෑ කියලා අවු­රුදු දෙකක් තිස්සේ සෞඛ්‍ය අමා­ත්‍යං­ශ­ය­ටත් උතුරු පළාත් සභාවේ බල­ධා­රී­න්ටත් කිය­නවා. අලු­තෙන් වෛද්‍ය­ව­රුන් ලබා­දීලා නැහැ. රසා­ය­නා­ගාර නිල­ධා­රීන් ඇතුළු අනෙක් සේවක පිරි­ස්ව­ලත් විශාල අඩු­වක් පව­ති­නවා. මේකට අපට කරන්න දෙයක් නෑ. ඒත් මේ උදා­වෙලා තියෙන තත්ත්වය ගැන අපි උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය බල­ධා­රීන් සමඟ සාකච්ඡා කර­නවා. අපිට දැන් උත්ත­ර­යක් දීලා තියෙ­නවා. මන්නා­රම රෝහ­ලට අලු­තෙන් වෛද්‍ය­ව­රුන් ලැබෙ­න­තුරු මාතෘ සාය­නය තියෙන දින­යට වවු­නි­යාව මහ රෝහලේ සිට වෛද්‍ය­ව­රුන් හා අනෙක් නිල­ධා­රීන් මන්නා­ර­මට එවන්න ඔවුන් තීර­ණය කළා. මේ නිසා අප ඉදි­රියේ කෙසේ හෝ මේ මාතෘ සාය­නය පව­ත්වන්න බලා­පො­රොත්තු වෙනවා.''

එසේ නමුත් ඒ කී පරිදි වෛද්‍ය සාය­නය පැවැ­ත්වුණේ ද අවස්ථා කීප­යක් පමණි. වවු­නි­යාව මහ රෝහ­ල­ටද මේ ප්‍රශ්නය දරා ගත නොහැකි වූ නිසා සායන ඉබේම නතර විය.

යාන්ත­ම­කට හෝ විස­ඳු­මක් වශ­යෙන් මන්නා­රම රෝහලේ ප්‍රසව වාට්ටුව වෙත එක් වෛද්‍ය­ව­ර­යකු පම­ණක් අනු­යුක්ත කර තිබිණි. එම වෛද්‍ය­ව­රයා ඉහ ඉස්පා­සු­වක් නොමැ­තිව සේවයේ යෙදී සිටින අතර ඔහුද නිවාඩු යද්දී පෙරකී තැන­ටම යළිත් රෝහල පත්වීම ඛේද­ජ­න­කය.

''අපි මන්නා­රම රෝහ­ලට ඇතු­ළත් වුණේ ළමයා ලැබෙන්න කියලා. ඒත් රෑම වවු­නි­යා­වට ගෙනාවා. ගෙදර අයට කිය­න්න­වත් විදි­හක් වුණේ නෑ. ඒ අය උදේ මන්නා­රම ඉස්පි­රි­තා­ලෙට ආවට පස්සෙයි අපි මෙහෙ ඉන්නේ කියලා දැන­ගෙන තියෙන්නේ. මෙ මවුව­රුන් මන්නා­රමේ ඉඳලා වවු­නි­යා­වට එක්කන් එන්න ගිලන් රථ දුන්නට ටිකට් කැපු­වට පස්සේ එහෙම ලැබෙන්නේ නෑ. අපි අතින් විය­දම් කරන් යන්න ඕනේ. බබා හම්බ වෙලා හැතැප්ම හත­ළිස් නව­යක් බස් එකක යන්න බැහැ. මොකක් හරි

වාහ­න­යක් අල්ල ගන්න ඕනේ. ත්‍රීවීල් එකක එච්චර දුර යන්නත් බෑ. කොහොම හරි වාහ­න­ය­කට රුපි­යල් හාර­දා­හක් පන්දා­හක් ඉල්ල­නවා. අපි කීප දෙනෙ­කුට එකතු වෙලා යන්නත් බැහැ. අපි මන්නා­රම රෝහ­ලට වෛද්‍ය­ව­රුන් ඕනේ කියලා කෑ ගහන්නේ මේ ප්‍රශ්න නිසයි. කෑ ගැහු­වම එකම එක වෛද්‍ය­ව­ර­යෙක් තමයි දුන්නේ. එයා නිවාඩු ගියාම බබාලා හම්බ වෙන්න උන්න අම්ම­ලාට කර­ගන්න දෙයක් නෑ. අපි ඉල්ලන්නේ මේ ප්‍රශ්න­යට ඉක්මන් විස­ඳු­මක් දෙන ලෙසයි.'' ඔවුහු පවසති.

මන්නා­රම රෝහලේ මතුව ඇති මේ තත්ත්වය ගැන විස්තර සොයා බලද්දී තවත් තොර­තු­රක් දැන ගන්නට ලැබිණි. ඒ මන්නා­රම රෝහලේ ප්‍රසූත වාට්ටුවේ සේවය කළ වෛද්‍ය­ව­රයා නිවාඩු ලබා­ගෙන ගොස් ඇත්තේ වෙනත් පළා­ත­කට මාරුවී යෑමේ අද­හ­සින් බවයි. එයට හේතු වී ඇත්තේ මේ වෛද්‍ය­ව­ර­යාට දින කීප­ය­කට පෙරදී පුද්ග­ල­යින් දෙදෙ­නෙකු විසින් පහර දී ඇති බව කියන සිද්ධි­යකි. අලුත උපන් බිලි­ඳකු මිය යෑම සම්බ­න්ධ­යෙන් වියරු වූ පුද්ග­ල­යන් දෙදෙ­නකු මේ පහර දීම සිදු කර ඇති බව පැව­සිණි. එම දරු උපත මළ දරු උප­තක් බවට තීන්දු වී තිබි­යදී වෛද්‍ය­ව­ර­යාට පහර දීම ගැන සිදුවූ පරී­ක්ෂණ පිළි­බඳ ඉතා කන­ගා­ටු­ව­කින් පසු වූ ඒ වෛද්‍ය­ව­රයා නිවාඩු ගොස් ඇත්තේ ආපසු මන්නා­ර­මට පැමි­ණීමේ අද­හ­ස­කින් නොවන බව කියැවේ. එය එසේ වුව­හොත් මන්නා­රමේ රෝහ­ලට ඉදි­රි­යේදී පැමි­ණෙන ගැබි­නි­යන්ට ඇත්තේ දෙවි­ය­න්ගේම පිහිට බව තතු දත්තෝ පව­සති.

රසුල දිල්හාර ගමගේ

Comments