
අපේ රටේ භූ ගර්භයේ ඉතා වටිනා විකිරණශීලි ඛනිජ පවතින බවට භූ විද්‍යාත්මක දත්ත ලැබී ඇති බවද ඒ අනුව එවැනි ඛනිජ ඇති ප්‍රදේශ කිහිපයක් දැනට හඳුනාගෙන ඇති බවද ඒ ස්ථාන පිළිබඳව වැඩිපුර අධ්‍යයන සිදු කරන බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව බේරුවල, කළුතර, ඇල්පිටිය, මාතලේ, දඹුල්ල, පල්ලේගම, හඟුරන්කෙත, මහනුවර, පුල්මුඩේ වැනි ප්‍රදේශවලට අදාළ භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකර අවසන් බවත් උදය ද සිල්වා මහතා පවසයි. ඒ අතුරින් පුල්මුඩේ, මාතලේ, කළුතර, බේරුවල, ඇල්පිටිය, පල්ලේගම, දඹුල්ල ප්‍රදේශවල බහුලව ඉතා වටිනා විකිරණශීලී ඛනිජ හමු වී ඇත.
මේ අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය රට පුරා විද්‍යාත්මක ඛනිජ සිතියම් 21ක් සකස් කිරීමට මෙම පරීක්ෂණ තොරතුරු යොදා ගන්නා බවද සිල්වා මහතා පවසයි.
මෙම දත්ත අනුව අපේ රටේ ඛනිජ සම්පත් කලාප පිළිබඳ සීමා මායිම් තීරණය කර ඒ කලාප කැණීම් කිරීමට හා එමඟින් ආර්ථික ලාභ ලබා ගැනීමට ඉදිරියේදි කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.