අපි අපේම පින්තූරවලට අකැමැති ඇයි? | සිළුමිණ

අපි අපේම පින්තූරවලට අකැමැති ඇයි?

බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක් තමයි කොච්චර ඡායාරූප, සෙල්ෆි ගත්තත් ඒවායේ තමන්ගේ ලස්සන අඩු බව පෙනීයෑම. කණ්ණාඩිය ඉදිරියේ කොතරම් හැඩ වුවත් ඡායාරූපයක් ගත්තාට පස්සේ එහි සිටින්නේ වෙනත්ම කෙනෙක් වගේයි. 1968දී මනෝවිද්‍යාඥ රොබර්ට් සැයෝනික් ‘මියර් එක්ස්පෝෂර්’ නමින් මේ සංසිද්ධිය හඳුන්වා ඇත්තේ අප නිතර දකින දේවල් පමණක් ප්‍රිය කරන නිසා අපේම මුහුණට වැඩි කැමැත්තක් නොදක්වන බවයි. කණ්ණාඩියෙන් බැලීමේදී අපවර්තනයක් සිදු වන නිසා අපි මුහුණ දකින්නේ වම සහ දකුණ මාරු වීමෙනුයි. ඒත් ඡායාරූපවල වෙනත් කෙනෙක් අප දකින ආකාරයටම නිසි පරිදි මුහුණ සටහන් වන අතර, ඇතැමුන්ගේ මුහුණේ ඇති සමමිතික බවෙහි අඩුපාඩු හොඳින් පෙනීමට පටන් ගන්නා නිසා ඊට අකැමැත්තක් හටගන්නවා. මේ නිසාම ඇතැම් ඇප්ස් හරහා ‘මිරර් සෙල්ෆි’ හෙවත් කණ්ණාඩියෙන් පෙනෙන ආකාරයටම ඡායාරූප ගන්නට අවස්ථාව සලසන නමුත් තමාගේ පෙනුම කුමක්දැයි දැන, එය භාර ගැනීමට ආත්ම විශ්වාසයක් ගොඩනගාගත හැකි නම් මේ කිසිවකින් අපහසුතාවට පත් විය යුතු නැහැ.

 

Comments