රුසි­යාව ලොව ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලා­ගා­රය එළි­ද­ක්වයි | සිළුමිණ

රුසි­යාව ලොව ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලා­ගා­රය එළි­ද­ක්වයි

ලොව ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලා­ගා­රය එළි­දැ­ක්වී­මට රුසි­යාව පසු­ගි­යදා පිය­වර ගත්තේය. Akademik Lomonosov ලෙස නම් කර ඇති මේ බලා­ගා­රය මඟින් ඈතින් පිහිටි ආර්ක්ටික් කලා­පයේ විදුලි අව­ශ්‍යතා සපුරා ගැනීම අද­හස වී තිබේ. විශේ­ෂ­යෙන්ම ඒ ප්‍රදේ­ශය තුළ රුසි­යාව සැල­සුම් කර ඇති නව තෙල් ගවේ­ෂණ කට­යුතු වෙනු­වෙන් අවශ්‍ය විදුලි බලය මේ මඟින් උප­ද­වා­ගැ­නීම ඔවුන්ගේ අපේ­ක්ෂාව බව පැව­සෙයි.

නෞකා­වක පිහි­ටුවා ඇති මේ බලා­ගා­රය, ශාන්ත පීට­ර්ස්බ­ර්ග්හිදී ඉදි කර තිබේ. මේ වන විට එය මුර්මාන්ස්ක්හි නැංගු­රම් ලා ඇති අතර, එහිදී එයට න්‍යෂ්ටික ඉන්ධන පිර­වීම සිදු කරන බව පැව­සෙයි. අන­තු­රුව එය නැ‍ඟෙන­හිර සයි­බී­රි­යාව වෙත යාත්‍රා කිරී­මට නිය­මි­තය.

බලා­ගා­රය එළි­දැ­ක්වීම රුසි­යාවේ න්‍යෂ්ටික බල­ශක්ති සමා­ගම වන රොසා­ටොම්හි ප්‍රධා­නියා විසින් සිදු කර තිබේ. රුසි­යානු ජාතික ගීය පසු­බි­මින් වාද­නය වෙද්දී බලා­ගා­රය විවෘත කෙරුණු බව මාධ්‍ය පව­සයි. මෙහිදී අද­හස් දක්වා ඇති රොසා­ටොම් ප්‍රධානී ඇලෙක්සි ලිඛා­චෙව්, මෙය ආර්ක්ටික් කලා­ප­යට අති­ශය වැද­ගත් අව­ස්ථා­වක් බව පවසා ඇත. සමා­ගම අපේක්ෂා කරන ආකා­ර­යට මේ පාවෙන බලා­ගා­රය සාර්ථ­කව පව­ත්වා­ගෙන යෑමට හැකි වුව හොත් තවත් කුඩා පරි­මා­ණයේ පාවෙන න්‍යෂ්ටික බලා­ගාර කිහි­ප­යක් ඉදි කෙරෙනු ඇති බව­ටද ඔවුන් ප්‍රකාශ කර ඇත. මේ කුඩා ප්‍රමා­ණයේ පාවෙන න්‍යෂ්ටික බලා­ගාර, රුසි­යාවේ දුෂ්කර ප්‍රදේ­ශ­වල බල­ශක්ති අව­ශ්‍යතා සපු­රා­ගැ­නීම සඳහා යෙද­වී­මට ඔවුන් අද­හස් කර ඇත.

මීටර් 144ක් දිග මීටර් 30ක් පළල මේ බලා­ගා­රය සතුව මෙගා­වොට් 35ක බල­යෙන් යුත් න්‍යෂ්ටික ප්‍රති­ක්‍රි­යා­කා­රක දෙකක් ඇත. මීටර 10ක් උසැති ය. “පාවෙන චර්නෝ­බිල්” සහ “න්‍යෂ්ටික ටයි­ටැ­නික්” ආදි නම්ව­ලින්ද මෙය හැඳින්වේ. බලා­ගා­රයේ බර ටොන් 21,500ක් බැව් සඳ­හන් වේ. ඒවා රුසි­යා­වට අයත් අයිස් බිඳුම් නෞකා සතු බල­යට සමාන වෙයි. මෙහිදී අදාළ බලා­ගා­රය මඟින් ලක්ෂ දෙක­කට ආසන්න පිරි­සක් පදිංචි නග­ර­ය­කට විදු­ලිය සැප­යිය හැකිය.

බලා­ගා­රය පව­ත්වා­ගෙන යන්නට 69ක පමණ කාර්ය­ම­ණ්ඩ­ල­යක් අවශ්‍ය වේ. මේ පාවෙන න්‍යෂ්ටික බලා­ගා­රය ඉදි කිරී­මට ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 94කට අධික මුද­ලක් වැය කර ඇති අතර, එය ස්ථාප­නය කිරී­මෙන් පසු ලක්ෂ­ය­කට අධික පිරි­ස­කට වසර පහක් පුරා අඛ­ණ්ඩව විදුලි බලය සැප­යීමේ හැකි­යාව පවතී. බලා­ගා­ර­යට න්‍යෂ්ටික ඉන්ධන ලබා දිය යුතු වන්නේ නැවත වසර පහ­කට පමණ පසුව බවත් සඳ­හන් වේ.

කෙසේ වුවත් මේ බලා­ගා­රය මඟින් පරි­ස­ර­යට කෙරෙන බල­පෑම පරි­සර ආර­ක්ෂණ කණ්ඩා­ය­ම්වල විශේෂ අව­ධා­න­යට යොමුව ඇත. ඔවුන් රොසා­ටොම් සමා­ගම් ප්‍රධානී ඇලෙක්සි ලිඛා­චෙව් වෙත විශේෂ ලිපි­යක් යව­මින් පාරි­ස­රික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් උප­රිම අව­ධා­න­ය­කින් කට­යුතු කරන මෙන් සමා­ගම් ප්‍රධා­නි­යා­ගෙන් ඉල්ලී­මක්ද කර ඇත. න්‍යෂ්ටික බල­ගා­ර­ය­කින් පිපි­රී­මක් හෝ කාන්දු වීමක් ඇති වුව හොත් විශාල පාරි­ස­රික විනා­ශ­යක් ඇති විය හැකි බව න්‍යෂ්ටික බලය පිළි­බඳ විශේ­ෂ­ඥයෝ පව­සති. පාවෙන න්‍යෂ්ටික බලා­ගාර ආශ්‍රි­තව එවැනි කාන්දු­වක් ඇති වුව හොත් එයින් ඇති වන පරි­සර විනා­ශය ඉතා දරුණු බව විද්‍යා­ඥ­යන්ගේ මත­යයි.

Comments