![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/05/25/sil-06-11-na-01-ndk09062017.jpg?itok=RcYoDvWO)
‘දැං ඇමරිකාවේ යුරෝපයේ හැම රටකම වැඩියෙන් තියෙන්නේ මිශ්‍ර ඉස්කෝල’
‘ඒ රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක බොහෝ පිරිමි හා ගැහැනු ඉස්කෝල මිශ්‍ර ඉස්කෝල බවට පත්කෙරුවා’
‘අපේ රටෙත් මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම සිදුවුණේ මිශ්‍ර ඉස්කෝල හැටියට’
‘ ඕල්කට් තුමා පිරිමි හා ගැහැනු ඉස්කෝල පිහිටෙව්වා’
‘ඒත් ධර්මපාල තුමා පිහිටෙව්වේ මිශ්‍ර ඉස්කෝල. පන්නිපිටියේ ධර්මපාල වගේ’
‘එදා යුරෝපයේ පැටන් එකේ වුණු පිරිමි හා ගැහැනු ඉස්කෝල වෙන වෙනම පිහිටුවන එක’
‘ඒත් අද බොහෝ රටවල් ඒ ක්‍රමය වැරදි බව පිළිඅරගෙන තියෙනවා’
‘ලෝකේ තියෙන අලූත් දේවල් ඔක්කොම බාරගන්න අපේ රට ඒ අලූත් ක්‍රමයට හුරුවෙන්නේ නැත්තේ ඇයි?’
‘එංගලන්තේ ඇමරිකාවේ ස්වීඩනයේ බොහෝ පිරිමි ගෑනු ඉස්කෝල අද වෙනකොට මිශ්‍ර පාසල්වෙලා’
‘රුසියාවේ තියෙන්නේ අපි දන්න තරමට මිශ්‍ර ඉස්කෝල විතරයි’
‘ඒත් ලංකාවේ තාමත් ලොකු ඉස්කෝල වැඩි හරියක් ගෑනු හා පිරිමි ඉස්කෝල හැටියට තියෙන්නේ’
‘මහාලොකු සංවර්ධන යෝජනාක්‍රම විතරක් නෙමෙයි පොඩි පොඩි ප්‍රතිසංස්කරණ වෙනස්කම් ඕනැ රටකට ඉදිරියට යන්න’
‘තනි ඉස්කෝල මිශ්‍ර ඉස්කෝල කරන එක ගැන අපේ රටත් හිතන එක හොඳයි’
‘හැබැයි දැං මිශ්‍ර විදිහට තියෙන විශ්වවිද්‍යාල නම් ගැහැනු පිරිමි වෙන් වෙන් විශ්වවිද්‍යාල කරන්න ඕනැ’
‘එතකොට මෙයිට වැඩිය ඉගෙන ගනියි’
‘දැං වගේ කොල්ලන්ට කෙල්ලන්ව දේශපාලනේට කඩේ යවන්නත් බැරිවෙයි’
‘ඉස්සර පිරිවෙන්වල උසස් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් තිබුණේ ඒවායේ ඉගෙනගත්තේ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිමි අය පමණක් නිසා’
‘එතකොට ගජමන් නෝනා කොහොමද ඉගෙන ගත්තේ’
‘ඒ කාලේ ගැහැනු අයට වෙනම විශ්වවිද්‍යාල තිබුණේ නෑ. හැබැයි අද පිරිමි අයගේ විශ්වවිද්‍යාල එක්ක ගැහැනු විශ්වවිද්‍යාලත් ඇතිකරන්න පුළුවන්’
සිහිනයෙන් අවදි වූ පසුව මට සිතුණේ මේ වාගේ දේවල් සිහිනයෙන් පමණක් සිතිය යුතු දේවල් නොවේ ද යන්නයි. ඒ සමඟ ම මොන අධිවේගී මාර්ග හදා නවීනත්වයට ගියත් මෙවන් නවීන වෙනස්කම් අපේ පාසල් රටාවේ වීම සිහිනයක් පමණක් නොවේද යන්නයි.