අපරාධ මර්දනය සාර්ථකයි! | සිළුමිණ

අපරාධ මර්දනය සාර්ථකයි!

පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් නිසා මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ලකෑම් වැනි අපරාධ වාර්තා වුවත් පොලිස් වාර්තා දත්ත අනුව මේ සමයේ කිසිදු ආකාරයක එවැනි අපරාධවල වැඩිවීමක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සිළුමිණට පැවැසීය.

ඒ අනුව මේ පසුගිය මාස තුනට මිනීමැරුම් 116 වාර්තා වී ඇති අතර එහි මසක සාමාන්‍ය 38කි.

2017දී මිනීමැරුම් 451ක් වාර්තා වී තිබෙන අතර මසක සාමාන්‍ය 37ක් වන විට 2016දී 502ක් මිනීමැරුම් වාර්තා වී ඇති අතර මසක සාමාන්‍ය 42කි.

එසේම පසුගිය මාස තුන තුළ ස්ත්‍රී දූෂණ 400ක් වාර්තා වී ඇති අතර මසක සාමාන්‍ය 133කි. 2017දී 1728ක් සහ 2016දී 2037ක් ස්ත්‍රී දූෂණ වාර්තා වෙද්දී එම වසරවල මසක සාමාන්‍ය පිළිවෙළින් 144ක් සහ 170කි.

මේ දත්ත අනුව පසුගිය දිනවල වාර්තා වූ අපරාධවල කිසිදු වැඩිවීමක් නොමැති බවත් සිදුවී තිබෙන්නෙ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සඳහා පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම පමණක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

Comments