හනුමට බැන්නත් ෆේස්බුක්වලට මොකුත් කියන්න එපා! | Page 6 | සිළුමිණ

හනුමට බැන්නත් ෆේස්බුක්වලට මොකුත් කියන්න එපා!

 ‘මේ රටේ ඕනෑම දේශපාලනඥයෙකුට බනින්න පුළුවන්’

‘සමහර මිනිස්සුනම් තමන්ගේ දෙමව්පියන්ටත් දොස් කියනවා’

‘සමහර මිනිස්සු තමන්ගේ ම ආගම් වුණත් විවේචනය කරනවා’

‘ඒකට නිදහස තියෙනවා’

‘පොලිසිය හමුදාව වුණත් විවේචනය කරන්න මේ රටේ නිදහස තියෙනවා’

‘ගුරුවරුන්ව වුණත් විවේචනය කරන්න මේ රටේ නිදහස තියෙනවා’

‘සිනමාව නාට්‍යය ගැන වුණත් විචාර විවේචන තියෙනවා’

‘මේවාට විරුද්ධව දොස් කියන්න විවේචනය කරන්න ඕනෑ කෙනෙකුට අයිතිය තියෙනවා’

‘කොහොමටත් කාටහරි බනින එක ලොකුම වීරකමක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ’

‘අනිත් අය ව විවේචනය කරන්න කරන්න එහෙම කරන කෙනා බුද්ධිමතෙක්

හැටියට පිළිගැනෙනවා’

‘ඒත් මේ රටේ කිසිම කෙනෙකුට විරුද්ධව වචනයක් කියන්න බැරි දෙකක් තියෙනවා’

‘ඒවා විවේචනය කළොත් නම් එයා මෝඩයෙක් වෙනවා’

‘පට්ටපල් මෝඩයෙක් වෙනවා’

‘ගොං මැට්ටෙක් වෙනවා’

‘මේ රටේ ක්‍රිකට්වලටයි ෆේස්බුක්වලටයි විරුද්ධව නම් වචනයක්වත් කියන්න බෑ’

‘දෙවියන්ගේ දොසක් දැක්කත් ක්‍රිකට්වල දෝසයක් දකින්න බෑ’

‘මව්පියන්ගේ වැරදි දැක්කත් ෆේස්බුක්වල දෝසයක් නෑ’

‘අහිංසකම මලකට වඩා ෆේස්බුක් අහිංසකයි’

‘අහිංසකම සමනළයෙක් වගේ ෆේස්බුක් කාටවත් හිංසාවක් කරන්නේ නෑ’

‘ෆේස්බුක්එක ඇතුළට ගිය ගමන් ම ඕනෑම පට්ට පල් මෝඩයෙක් වුණත් විශාරද බුද්ධිමතෙක් වෙනවා’

‘ලෝකයේ බුද්ධිමය විප්ලවය කළේ ෆේස්බුක්’

‘මෝඩයෝ නැතිකරලා ලෝකයම බුද්ධිමතුන් යායක් කළේ ෆේස්බුක්’

‘ඒත් වෙලාවකට මට හිතෙනවා ෆේස්බුක් හනුමාගේ වලිගේ වගේ කියලා’

‘හා හා හනුමට බැන්නට කමක් නෑ ෆේස්බුක්වලට මොකුත් කියන්න එපා’

Comments