![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/02/09/sil-06-11-na-01-ndk09062017.jpg?itok=b9OBnyRs)
‘දශ මහා යෝධයෝ දුටුගැමුණු රජතුමාව පාවලා දුන්නද කියලා අහනවා’
’මට අහන්න වෙන්නේ දුටුගැමුණු රජතුමා දස මහයෝධයන්ව පාවලා දුන්නද කියලා’
’යුද්දෙ දිනුවට පස්සේ දුටුගැමුණු රජතුමා දසමහ යෝධයන්ව පැත්තකට දාලා වෙන වෙන අයව ළංකරගත්තේ නෑ’
’දසමහ යෝධයන්ට අඩන්තේට්ටම් කළෙත් නෑ’
’පහුගිය කාලේ අපේ හිටපු මහරජතුමානම් දිනුවට පස්සේ වෙනම දසවදයෝ ටිකක් හදාගත්තා’
’තමන්ගේ ජයග‍්‍රහණයට යුද්දේ ජයග‍්‍රහණයටඋදව් දුන්න නියම දසමහ යෝධයන්ව අමතක කරලා දැම්මා’
’දසමහ යෝධයන්ගෙන් සමහර අයව නිරපරාදේ හිරේ දැම්මා’
’තවත් අයට බොරු චෝදනා එල්ල කළා’
’තමන් දිනුවේ කාගේවත් සහාය නැතිව තමන් තනිවම වගේ කියලා පෙන්නන්න ගත්තා’
’දසමහ යෝධයන් කතාව සහමුලින් ම මකලා දාලා මහා මහරජතුමා කතාවක් විතරක් මතුකරලා ගත්තා’
’රටසවාරි යන්න වෙනම යෝදයෝ ටිකක් හදා ගත්තා’
’තමන්ට ප‍්‍රශස්ති ගයන්න තවත් යෝදයන් ටිකක් හදාගත්තා’
’නැකත් බලන්න තවත් යෝදයෝ ටිකක් හදා ගත්තා’
’රේස්පදින යෝධයෝ ටිකක් රජතුමාගේ පුතාලා එකතුවෙලා හදා ගත්තා’
’මඩ ගහන්න තවත් යෝදයෝ ටිකක් ළං කරගත්තා’
’පරණ කඩු හොයන්න තවත් යෝදයෝ ටිකක් පත්කර ගත්තා’
’ඉතින් ඕක තමයි මෑත කාලය ගැන ඇත්ත ඉතිහාස කතාව’
’ඒත් ඒ ඇත්ත කතාව වහන්න වෙන වෙන කතා කියනවා’
’ඇත්ත කවදාවත් වහන්න බෑ’
’යටගියත්උඩ එනවා’
ඈත ඉතිහාසයත් මෑත ඉතිහාසයත් යන දෙකම එකවර මේ සංවාදය ඔස්සේ මතුවන බව සිහිනයෙන් ම මම තේරුම් ගතිමි. නින්දේ දී වුවත්ඇත්ත නම් අවදියෙන් බව මම නින්දෙන්ම වටහා ගතිමි.