ඉගෙනුමෙන් අතරමංව සිටි උතුරේ දරු දැරියන්ට ඒරොප්පෙන් අත හිත | සිළුමිණ

ඉගෙනුමෙන් අතරමංව සිටි උතුරේ දරු දැරියන්ට ඒරොප්පෙන් අත හිත

 වසර 30ක යුද්ධයකින් පසුව වුවත් උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්ව දිවයිනෙන්ම ප්‍රථමස්ථානයක් ලබා ගැනීමට උතු‍රු කෙළවරේ පේදුරුතුඩුවේ සිසුවෙක් සමත් වුණා. එවන් සිසුන් තවත් දහස් ගණනක් උතුරේ ඉන්නවා. මේ අයට අත හිත දෙන්න ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඒ නිසා ඒ දරු දැරියන්ගේ අධ්‍යාපනය ‍ඉහළට ගෙන යාම ලෙහෙසි පහසු නැහැ. මේ නිසා බොහෝ දරු දැරියන්ගේ අධ්‍යාපනය යන්නන් වාලේ යනවා විනා නිසි ගමන් මඟක යන්නේ නැහැ.

මේ තත්ත්වය ගැන සොයා බලන්න උතුරේ දේශපාලඥයන් වුවත් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගියත් තවමත් අඳුරේ අතපත ගාන පාසල් බොහොමයක්ම තියෙනවා. ඒ පාසල්වල දරු දැරියන් ගේ අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න උදවු කරන්න ඉද හිට දානපතියෙක් නැත්නම් සමිති සමාගම් නැත්නම් සංවිධානයක් ඉදිරිපත් වුණත් දිගින් දිගටම අධ්‍යාපනය නංවන්න කණ්ඩායමක් ඉදිරිපත් වුනේ නැහැ.

මේ බොහෝ දරු දැරියන්ගේ මවුපියන්ට ස්ථිර රැකියා නැහැ. යුද්ධයේ සාපයෙන් තවමත් ඒ පවුල්වලට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නෙ. ස්ථිර රැකියා නැති නිසා දරුවන්ට කන්න බොන්න දෙන කාර්යයට මුල් තැනක් දෙනවා ඇරෙන්න එයාලට අධ්‍යාපනයක් ගැන හිතන්න විදිහක් නැහැ.

මේ තත්ත්වය සියැසින් දැකපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත හවුන්ස්ගෝ ශ්‍රී ලංකා ජනහඬ සංවිධානයෙන් ඉල්ලීමක් කළා. ඒ මේ අසරණ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කර දෙන ලෙසයි.

ඒ කාරුණික ඉල්ලීමට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කණ්ඩායම සවන් දුන්නා. ඒ අනුව හවුන්ස්ගෝ ශ්‍රී ලංකා ජනහඬ සංවිධානය විසින් උතුරේ ආර්ථික අපහසුතා ඇති දරුවන්ගේ අධ්‍යාපනයට අත දෙන්න ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කළා.

ආර්ථික අපහසුතා ඇති දූ දරුවන් තෝරා ගැනීමට මේ කිසිවෙක් මැදි වුණේ නැහැ.

ඒ කාර්යය බාර දුන්නේ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාටයි. ඒ මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ග්‍රාමනිලධාරී මහත්වරුන්ටත් බාර දී තිබෙනවා. අවසානයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාළ සිසු සිසුවියන්ගේ නාම ලේඛනයක් ලබා දුන්නා. පළමු අදියරේදී සිසු දරු දැරියන් 50 දෙනකුට මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න කටයුතු කළා. ඒ සෑම සිසු දරුවකුටම වසර 5ක් වන තුරු අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 5000ක් බැගින් හිමි වෙනවා. එසේම අධ්‍යාපනික අවශ්‍යතාත් සපුරා ලන්නට කටයුතු කරනවා.

මේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිදු කරනු ලැබුවා. ඒ අවස්ථාවට යාපනයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් සහභාගි වුණා. ඒ මේ අවස්ථාව විශේෂිතම වූ නිසයි.

මේ වගේ දරු දැරියන් තවත් දහස් ගණනක් ඉන්නවා. ශිෂ්‍යත්ව ලැබූ දරු දැරියන් සතුටින් ඉපිල ගියේ තමන්ට ලැබුණු අධ්‍යාපන ඉනිමඟ ගැන සතුටින් උදම් අනමින්.

එදා වේල පවා බොහොම අමාරුවෙන් හරි හම්බ කර ගන්න මේ ඇතැම් දරුවන්ගේ මවුපියන් නැහැ. තවත් විටෙක ඔවුන් ආබාධිතයි. ඒ කුරිරු යුද්ධයේ අනිසි ප්‍රතිඵල.

එවන් දුක්ඛිත දිවියක් ගෙවන මේ දරුවන්ට ලබා දුන් අත්වැල සැබැවින්ම අධ්‍යාපනයටත් වඩා ඔවුන්ගේ හිත්වලට ලබා දුන් අගනා දිරියක් ලෙස පෙන්වා දිය යුතුයි.

මේ වගේ දිවි ගෙවන අනෙකුත් දරු දැරියන්ටත් අපට අත හිත දෙන්න පුළුවන් න්ම ඒකත් ‍ලොකුම පිනක් වනවා. මේ දරු දැරියන් සේරම අපේම දරු දැරියන් බව අපි මතක තියා ගැනීමයි වැදගත් වන්නේ.

තාරක වික්‍රමසේකර වසර 30ක යුද්ධයකින් පසුව වුවත් උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්ව දිවයිනෙන්ම ප්‍රථමස්ථානයක් ලබා ගැනීමට උතු‍රු කෙළවරේ පේදුරුතුඩුවේ සිසුවෙක් සමත් වුණා. එවන් සිසුන් තවත් දහස් ගණනක් උතුරේ ඉන්නවා. මේ අයට අත හිත දෙන්න ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඒ නිසා ඒ දරු දැරියන්ගේ අධ්‍යාපනය ‍ඉහළට ගෙන යාම ලෙහෙසි පහසු නැහැ. මේ නිසා බොහෝ දරු දැරියන්ගේ අධ්‍යාපනය යන්නන් වාලේ යනවා විනා නිසි ගමන් මඟක යන්නේ නැහැ.

මේ තත්ත්වය ගැන සොයා බලන්න උතුරේ දේශපාලඥයන් වුවත් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගියත් තවමත් අඳුරේ අතපත ගාන පාසල් බොහොමයක්ම තියෙනවා. ඒ පාසල්වල දරු දැරියන් ගේ අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න උදවු කරන්න ඉද හිට දානපතියෙක් නැත්නම් සමිති සමාගම් නැත්නම් සංවිධානයක් ඉදිරිපත් වුණත් දිගින් දිගටම අධ්‍යාපනය නංවන්න කණ්ඩායමක් ඉදිරිපත් වුනේ නැහැ.

මේ බොහෝ දරු දැරියන්ගේ මවුපියන්ට ස්ථිර රැකියා නැහැ. යුද්ධයේ සාපයෙන් තවමත් ඒ පවුල්වලට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නෙ. ස්ථිර රැකියා නැති නිසා දරුවන්ට කන්න බොන්න දෙන කාර්යයට මුල් තැනක් දෙනවා ඇරෙන්න එයාලට අධ්‍යාපනයක් ගැන හිතන්න විදිහක් නැහැ.

මේ තත්ත්වය සියැසින් දැකපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත හවුන්ස්ගෝ ශ්‍රී ලංකා ජනහඬ සංවිධානයෙන් ඉල්ලීමක් කළා. ඒ මේ අසරණ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කර දෙන ලෙසයි.

ඒ කාරුණික ඉල්ලීමට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කණ්ඩායම සවන් දුන්නා. ඒ අනුව හවුන්ස්ගෝ ශ්‍රී ලංකා ජනහඬ සංවිධානය විසින් උතුරේ ආර්ථික අපහසුතා ඇති දරුවන්ගේ අධ්‍යාපනයට අත දෙන්න ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කළා.

ආර්ථික අපහසුතා ඇති දූ දරුවන් තෝරා ගැනීමට මේ කිසිවෙක් මැදි වුණේ නැහැ.

ඒ කාර්යය බාර දුන්නේ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාටයි. ඒ මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ග්‍රාමනිලධාරී මහත්වරුන්ටත් බාර දී තිබෙනවා. අවසානයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාළ සිසු සිසුවියන්ගේ නාම ලේඛනයක් ලබා දුන්නා. පළමු අදියරේදී සිසු දරු දැරියන් 50 දෙනකුට මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න කටයුතු කළා. ඒ සෑම සිසු දරුවකුටම වසර 5ක් වන තුරු අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 5000ක් බැගින් හිමි වෙනවා. එසේම අධ්‍යාපනික අවශ්‍යතාත් සපුරා ලන්නට කටයුතු කරනවා.

මේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිදු කරනු ලැබුවා. ඒ අවස්ථාවට යාපනයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් සහභාගි වුණා. ඒ මේ අවස්ථාව විශේෂිතම වූ නිසයි.

මේ වගේ දරු දැරියන් තවත් දහස් ගණනක් ඉන්නවා. ශිෂ්‍යත්ව ලැබූ දරු දැරියන් සතුටින් ඉපිල ගියේ තමන්ට ලැබුණු අධ්‍යාපන ඉනිමඟ ගැන සතුටින් උදම් අනමින්.

එදා වේල පවා බොහොම අමාරුවෙන් හරි හම්බ කර ගන්න මේ ඇතැම් දරුවන්ගේ මවුපියන් නැහැ. තවත් විටෙක ඔවුන් ආබාධිතයි. ඒ කුරිරු යුද්ධයේ අනිසි ප්‍රතිඵල.

එවන් දුක්ඛිත දිවියක් ගෙවන මේ දරුවන්ට ලබා දුන් අත්වැල සැබැවින්ම අධ්‍යාපනයටත් වඩා ඔවුන්ගේ හිත්වලට ලබා දුන් අගනා දිරියක් ලෙස පෙන්වා දිය යුතුයි.

මේ වගේ දිවි ගෙවන අනෙකුත් දරු දැරියන්ටත් අපට අත හිත දෙන්න පුළුවන් න්ම ඒකත් ‍ලොකුම පිනක් වනවා. මේ දරු දැරියන් සේරම අපේම දරු දැරියන් බව අපි මතක තියා ගැනීමයි වැදගත් වන්නේ.

තාරක වික්‍රමසේකර

 

Comments