කවි කල්පනා | Page 3 | සිළුමිණ

කවි කල්පනා

අභි­මා­නය

පෘතු­ගීසින්
ලන්දේ­සින්
ඉංග්‍රී­සින්
සමඟ
හටන් කර
මුව­හත් සිහළ කඩුව
බෝපත් මැද
ලෙ­ළදෙන අපු­රුව

මංජුල සෙනෙ­වි­රත්න


පිබිදීම

නිද­හස කෙලෙ­සද දන්නා අද­හස නුඹගේ හිත අග රැඳුණ හැටී
උද­හස් වෙන්නේ කුම­ටද සින­හව මුව තිබු­ණෝ­තින් හරිම වටී
සතු­ටක් ගෙන දෙන මධු මී බඳු­නෙම මඳ දුර කර ලා ගනියි වැටී
මඳ­හස අවැ­සිම ලෝකයෙ කරු­මය හැම­දා­ටම හොර රහසෙ ගැටී

සුද්දා­ගෙන් ලක මුදවා ගන්නට එද­වස විසු­වලු අපෙ රාලේ
මටත් කොට­ස­කුත් තියා ගියා අපෙ අත්තගෙ දිවි පැන­යක තාලේ
හෙටත් නැවුම් දව­සක් පිබි­දෙ­නවා නිද­හස් අඬ­හැ­රයේ දෑලේ
මමත් ඔබත් කොයි­බම හිටි­යා­දැයි සිහි­යට එනවා මට බාලේ

රාජ කිරී­ට­යෙන් මිදීලා බල­යක් අප­සතු කර­ගත් කාලේ
කාට කිය­න්නද එදා හප­න්කම් සිංහ­ලයේ එඩි­යක රාලේ
ඊටත් නොදෙ­වෙනි වීර පුතුන්ගේ ළය රතු රුහි­රෙන් පිරි තාලේ
රෑටත් නම­දිමි මගේ උපන් රට සයු­රෙන් වට­වුණු මුතු මාලේ

මුදා ගත්ත රට බෙදා ගන්ට කවු­රුන්දෑ අසි­පත් ෙලළ දීලා
සද­හට ණය ගැති රටක් සදාලා මෙදා සැවොම කුළල් කාලා
රඳවා ගන්නට නොහැකි ණය බරක් ලෝකයෙ සැම අත කිමිදීලා
නිදා ගන්න වෙයි හෙට දින අප­ටද යළිත් සදා ගොළු­වන් වීලා

නලි­නි ද සිල්වා


ශ්‍රී ලංකා

නිද­හස් අරු­ණලු කිර­ණින් දිදු­ලන පින් බිම ශ්‍රී ලංකා
තෙව­රක් බුදු හිමි සිරිපා පහ­සින් දම් දිනු ශ්‍රී ලංකා
‍නිල්වන් කෙත්වතු සුන්දර කඳු වැටි සිසි­ලයි ශ්‍රී ලංකා
නිද­හස සම­රන අද දින අප දිනු බිමයි ශ්‍රී ලංකා

වීර පුතුන්, නර­ප­ති­යන්, බිහි කළ අප මවු බිම ශ්‍රී ලංකා
සාර පසින් ගහ කොළ දලු ලිය­ලන මවු බිම ශ්‍රී ලංකා
ශූර වීර නර විරු­වන් රජ කළ වීර භූමී ශ්‍රී ලංකා
ධීර වීර දූ පුතන් හදමු අපි දින­ව­න්නට ශ්‍රී ලංකා

එඩ්වඩ් පෙරේරා


කුමට කවි කම්...

නොකී රහ­සක් කියයි උදා හිරු නැඟ ඇත
මැකී යන බවක් නෑ දුරුත්තේ ආ සීත
වැකී ලෝහිත දහර ගලා එන ළඟ පාත
රැකී නැති නිද­හස ට කෙසේ දෙන්නන ද දෑත

අරු­ණැල්ල නැගෙන සඳ නිද­හස්ව පිපි කුසුම්
සිතු­විල්ල බොඳ නොවී ළඟ රැදී­යන් පැතුම්
මැසි­විල්ල පම­ණක්ම ඉතිරි වී යන හැඟුම්
නැළ­විල්ල මිස කොහෙද සොයන නිද­හස උතුම්

සෙනෙ­හස දී කවි ලියන්න නංවා හැකි නම්
උද­හස පිටුපා යනු ඇත සත තුළ මන­රම්
රස බස ජීවය සර­සයි පෙන්වා සුරු­කම්
නිද­හස නැති නිද­හස ගැන කුම­ටද කවි­කම්

චන්ද්‍රිකා දිසා­නා­යක


වීරයෝ

සිය දේශයේ අභි­මන හිත් වල රඳවා
ලේ මස් දෙසට පොහො­රක් වන්නට හරවා
සට­නට එළඹ අදි­රද වාදය පලවා
ලැබූ නිද­හස රකිමු සිහි­කර හෙළ විරුවා

සට­නට ගියොත් නැහැ ආපසු හැරෙන්නේ
වෙඩි උණ්ඩ­යට ළය පා බිය කරන්නේ
සට­නෙදි පරයො පසු නොබල දුවන්නේ
එහෙ­මයි සටන් කොට දේශය රකින්නේ

කඩු­වෙන්, වෙඩි­ල්ලෙන් ජය අර­ගනු බැරුව
කො‍ටවා ජාති­යම දේශෙම වින කෙරුව
හෙළ අභි­මානෙ තව දුර ඉව­සනු බැරුව
හත­ළිස් අටේ නිද­හස් විය ගරු සරුව

බැරි කොට සටන් වැද හෙළ­යන් පර­දන්ඩ
ඇති කොට බේද උඩ ගෙඩි දෙති හෙළ­යන්ඩ
සිහි කොට නොදී ලද නිද­හස නැති­වෙන්ඩ
දිවි කොට රකිව් නිද­හස රට රැක­ගන්ඩ

දිනු බිම රකි­න්නට දිවි දුන් රණ විරුවෝ
මවු බිම කියන අභි­මා­නය හිත දැරුවෝ
රණ බිම ජය බිමක් කර­ගත් හෙළ වි‍රුවෝ
දණ බිම තබා නමැ­දිය යුතු පින් කරුවෝ

බණ්ඩාර ඇකි­රි­ය­ගල


රැක­ගමු...

නිද­හස ලැබී හැත්තෑ වස­රක් ගෙවන
හෙළ බස නිසා සිංහල ජාතිය වටින
පර­බස සුරැක කුම­කට මවු රට තියෙන
රට දෙස බලනු නුව­ණින් දැහැ­මිව ලැබුණ

කලින් කලට එන යන රජ­වරු පස්සේ
පෙළින් පෙළට එක්වෙති මිනි­සුන් අස්සේ
මලින් මලට වැන්දත් දළදා රිස්සේ
රැක­ගන් ලැබුණ නිද­හස හැම තිස්සේ

ආරිය අම­ර


රැක­ගමු එක් වී දිනු බිම සැමදා

එක් දස් නව­සිය හත­ළිස් අට­වැනි
වස­රෙහි නිද­හස අප­හට හිමි­වුණි
සුදු අදි­රජ මහ­තුන් මින් පිට­වුණි
කළු සුදු උතු­මන් පෙර­ටම පැමි­ණුනු

හෙළ බස මව් බස ලෙස පිළි­ගත් මුත්
ඉංග්‍රිසි බස දෙඩු­මෙත් අඩු­වක් නැත්
කෙදි­නක හෝ එම බස රජ වුව­හොත්
එදි­නට ලැබු නිද­හස මුළු ගැන්වෙත්

පුම­තිරි ලිඟු බැව් නොදැ­නෙන තර­මට
සියල් සිහළ දන බට­හිර ඇඳු­මට
හුරු වී නම් ලැබු නිද­හස එදි­නට
දුරු වී යයි නොදැ­නම වළ පල්ලට

නැටුම් ගැයුම් හා වැයුම් ද රැඟු­මන්
ඉවුම් පිහුම් කන බොන දෑ සම­ඟින්
සිරිත් විරිත් වෙන­සට ගිය විග­සින්
නිද­හස දියවී බිහිවේ නිව­ටුන්

දෙද­හස් හය­සිය වස­රක් පැව­තෙන
උදාර ගොවි­කම මිහි­කත සම­ඟින
අත්හැර කණ දෑ නොර­ටින් ගෙන එන
හුරු­වෙන තර­මට නිද­හස වැළ­ලෙන

අන් රට­කින් ණය ගෙන අප යැපෙනා
උන් බසට ද සිරි­තට හැඩ ගැසෙනා
පම­ණට ලැබ­ගත් නිද­හස කෙදිනා
නැති­වන බව සිහි කට­යුතු සොඳිනා

උඩු­වර දේවා­නන්ද හිමි
ගොංගි­තොට

Comments