කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

දැනෙන ඉසව්ව

සුළං රැල්ලක දැව­ටුණ
වරා මලක්
පාවි පාවී ගොස්
කඳු මුදු­නක පැට­ලිණි.

වරා මල දැව­ටුණ වග
කඳු මුදු­නට දැනුණේ නැත
සුළඟ මඟ­හැරි වරා මල
කඳු මුදු­නෙහි ම රැදිණි....

කන්ද ලස්සන කළ
වරා මල
සුළගේ එතෙ­මින් ම
කඳු මුදුන සර­ස­න්නට විණි....

නොතේ­රුණි ද මලට
මල කඳු මුදුන සර­ස­මින් දැව­ටු­ණාට
කඳු මුදු­නට මලෙහි දැව­ටිය නොහැකි බව...

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න


ප්‍රේමා­න්වි­තව

යාළු මිතුරු වී සිත් ළබැ­ඳිව බැඳෙන
වීළු තහළු මැද හද­වත් පිරි­මැ­දෙන
ගාලු මුව­දො­රය සමු­දුර රැළි බිඳෙන
පාළු­වක් නොවුණි සිටි­යදි ඔබ දෙදෙන

සාදයෙ මියැසි රස දුන් පො­කු­ණෙහිදි නෙළුම්
ඔබ එකි­නෙකා වෙත හෙළ­මින් අනඟ බැලුම්
විහිදු අම­න්දා­න­න්දිත සෙනෙහෙ කැලුම්
දෙනු ඇත සදා­ත­නික ව මත­ක­යෙහි දිලුම්

සුදු ඇඳ සුපේ­ෂ­ල­වත් මුදු බව පෙන්නා
හංගා නුරා­ගය සිත් තුළ මුළු ගන්නා
ගංගා­රාමේ පෙර­හර බල බල ඉන්නා
ඔබ දැක අපිත් නුදු­ටුව ගානට උන්නා

එදි­නම සවස ගැලු ආදර ගඟ දෝරේ
ත්‍රීවීල­රෙන් ගොස් වැව අස­ලට බේරේ
දෙන්නා හංස ඔරු‍ෙ­වන් කළ සංචාරේ
දුටුවෙමු අපිත් අයි­නක හිඳ මං තිරේ

සාලිය අසෝකා මෙන් සිත්වලින් බැඳී
සෙනෙ­හස් පෙරුම් පුර­මින් හස කැලුම් දිදී
එන­කොට ගිහින් කිරි­වෙ­හෙ­රට කිරි­න්දෙදී
දුටු­වෙමු මල් පුදනු ඔභ ඇය ළඟින් රැඳී

ජීවන ගීත­යෙහි පෙම්වත් මියැසි නදින්
සංගී­ත­වත් වී නෙක දුක් ගැහැට මැදින්
සැන­සුම සොයා ගන්නේ නිර­තු­රුව හදින්
ඔබ මෙන් සතුටු වෙති තෙමි තෙමි සිනහ පොදින්

ජේ. ජේ. වික්‍ර­ම­සේන


ඉසු­රු­මුනි පෙම්ව­තිය මම....

 
ඉසු­රු­මුනි විහා­රය අසල
නෙලුම් පොකුණ ළඟ
දහස් වස­ර­කට එහා සිට
බලා සිටි­යෙමි ඔබ එන­තුරා

අප මැවු පෙම් සිහින
ගලක සිත්තම් වුවද
තද හිතක් ඇති ඔබ
කොහි සිටී­දැයි නොද­නිමි.
සම­හ­රක් විට
ඔබ ද මා සොය­න්නැති.

එදා ගැල් කර­ත්තෙක විත්
මා බලා සිටියා
ඔබ නොදැ­කින්න ඇති.
රතු­පාට හයි­බ්‍රිඩ් කාර­යක
නිල්පාට ‍ෙඩනිම ඇඳ
අව් කන්නාඩි දැමු නිසා
අදත් මා හඳුනා නොග­න්නැති.

එදා රජ දවස
ඇඳි ඇඳුම් අද බැහැ
කාලයේ තාල­යට වෙනස් වුව
තවම හද­වත ඔබ සොයයි.

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


ඉඳිකඩ ළඟ

මහ දිවුල් කඩ­වල
මහ දිවුල් කකා බැදිවල
ඇවිද ගිය දහ­වල
නුඹට අම­තක වේ ද කිසි ­කල

අකුරු සාස්ත­ර­යට
නුඹ මහ හපනි වූ විට
ඒ හප­න්කම් බැරි මට
අපොයි මා විඳි ගැරැ­හුම් ගුටි බැට

‍තිරිවානා ‍බොරලු කැට
රළු පහස ලද දෙප­යට
සෙයි­ලමේ මාවත් සුමට
මල් පල­සක් වේද බොළ­ඳිට

බොරු වළ­වල්ය තැන තැන
මං මුලා වැල් ද එලෙ­සින
නුඹේ දිව රට­වන
කුණු වූ දිවුල් දිළි­හෙන

මම ඉමි නුඹට පේවී
දිවුල් ගස් පළ දරාවී
මයෙ නේන්ත­රාවී
දිවුල් කන්නට ගමට ඒවී

ගාමිණී අබේ­වි­ක්‍රම


කවි සිතට මහ­න්සියි

ඇත්ත­මයි කෙල්ලේ
මන­මා­ලයි තමා
කවි­යන්ගේ ඇස්

තිබු­ණත් හිස පුරා
සුදු කෙස්
සත්තයි දඟ­කා­රයි
උන්ගේ සිත්

ලියන්නේ කවි
ඒ නිසයි
දුටු­වොත් ඉතින්
හිත කකි­යන යමක්..

රිදුණු තැන බෝමයි
රිද්වන හැටි නපු­රුයි
සතර කොන එහෙ­මයි
කවි සිතට නම් හරි මහ­න්සියි...

ගොංගි­තොට සරත්


කවු­ර‍ැත්ම දන්නෙ නෑ

සීත කළු­ව­රට පෙර
සිබි­න්නට එක වරක්
පඩු පාට අව­ර­ඹරෙ
අඩැසි සඳු හිරු එක්ක
හමු­වුණා මත­ක­යිද...

හිතේ දුක මිටින් ගෙන
නිල් නයන දෑල­වර
තෙමු පිනි දිය වැස්ස
ලෝක­යට නොපෙන්නා
හැංගුමා මත­ක­යිද.....

ඩබ්ලිව්. ප්‍රින්සි ප්‍රනාන්දු


නිහඬ නොවූ පන්හිඳ

(ගත්ක­තු­වර නාරා­විල පැට්රික් මහතා වෙනු­වෙනි)


සුදෝ සුදු ආරිය ඇඳුම
රන් විල්ලෙන් වට වූ
උපැස් යුවළ
මිරි­වැඬි සඟළ
හෙබ­විය ප්‍රති­රූ­පය
සැහැ­ල්ලුය..
“මිනිසා යෝධ­යකු වූයේ මෙසේය ”
අපට ඉගැන් වූ ඔබ
යෝධ­යකු මිනි­සෙකි..
බර නොවූ මිහි­ත­ල­යට
සෘජුව පා තැබූ
ඉදිරි මඟ සවි බල
වැර වීරි­යෙන්ම
ගොඩ නැඟූ
ඔබ ඇත්තෙන්ම සැබෑ මිනි­සෙකි
සත්‍ය
පරි­ණත බුද්ධි­යෙන්
සොයා, කිරා, මැන
ගොඩ­න­ගා­ගත් දැක්ම..
පම­ණ­කොට නොබලා
පොත පත දායාද කොට
දරු­වන් අතට පත් කළ
“සම්පත් සාදා දෙන ”
මඟ නොමඟ මෙයයි සරි­කොට ලු
දෑ මෙහෙ­වර
නිහ­ඬයි
ගැඹු­රුයි..
සීරුව‍ට ගළපා ලූ
වියත් වහර
හෙළ බස, සකු බස
සුවඳ වගු­රු­වන
තෙති­සක් පමණ වූ
මුහු­කුරා ලූ පන්න­රය
කැට­ප­තක් කොට
අප අම­ත­නවා

එම්. එල්. විදා­න­පති


මතක සැම­රුම්


හොරණ සිට පැපි­ළි­යාන හරහා කොළඹ එන බස­ය­කට අපේ සුප්‍ර­දිද්ධ කවි­යෙක් ගොඩ­වූ­යේය. බසයේ ආ­සන හිස්ව නොති­බුණ බැවින් ඔහු ඉතා අමා­රු­වෙන් ආධා­ර­යක රුකු­ලෙන් ගමන් ගත් අතර උදෑසන අටයි කාල වන විට සේවා ස්ථාන­යට ළඟා විය යුතු නිසා දන්නා හඳු­නන රියැ­දු­රට වේගය වැඩි­කර යන ලෙසට සුහද ඉල්ලී­මක් කළේය.
එහෙම බස් එළ­වන්න බැහැ මහ­ත්තයා කවි­යක් කිව්වොත් නම් ඉබේ­ම­ටම වේගය වැඩි­වෙයි. යනු­වෙන් දන්නා හඳු­නන උප­නන්ද බටු­ගෙද කවි­යාට රියැ­දුරු පැවැ­සුවේ ඔහු ද අප කවි­යාගේ රසි­ක­යෙක් බැවිනි.
ඉතා අප­හ­සු­වෙන් ඉහළ ආධා­ර­කයේ එල්ලී සිටි අප කවියා ක්ෂණි­කව මේ කවිය කීවේ බසයේ සිටි සැමට විඩාව මදක් දුරු කර­මින්ය.

අට­කුත් පහ­ළොව තර­මට මර­දාන
දුටු­හොත් වැඩක් වෙයි ඉන් තැන අනු­මාන
මට කඩි මුඩි මදියි බස් එක යන ගාන
හැට­ටම පෑගු­වොත් යහ­පති පිය­සේන

උප­නන්ද බටු­ගෙ­දර කවියා සිය බිරි­ඳගේ නිව­සට යන සෑම විටම ඔහුගේ දඟ­කාර නෑන­ණ්ඩිය කවි­යක් කිය­න්නැයි කියා කර­ද­ර­යක් වන්නේ බටු­ගෙ­දර කවියා ක්ෂණි­කව කියන කවි ඉතාම රස­වත් බැවිනි. දිනක් කවි ඉල්ලා ඇව­ටිලි කළ ඇයට ඔහු මෙසේ කීය.

ඔච්චම් ඉඟි පස්ස විසි කර­මින් නෑරේ
මෙච්චර මේක සැර වූයෙන් හද පෑරේ
කොච්ච­ර­වත් වදේ මෙහි එන එන වාරේ
කොච්චිද ගම්මි­රිස් දැයි මට නොම තේරේ

සාර වීර ගති ඇති මුත් සුදු මුහුණේ
කාරණා කාරි­යක් මෙනි ගම්මානේ
චාර­ය­කට ‍නොමැති ඔබේ කට මගෙ නෑනේ
මාර්කට් එකට දෙවැ­නිද මර­දානේ

ආසිරි විජේ­සේ­කර


දුවේ

දින­ක්වත් අඩු නැතිව දස­මස පිරුණු දින අප හමු වුණේ
දුවෙක් කියලා නුඹව පෑ හැටි රිදුම් අත­රින් මට ඇසේ
මගේ උකුළේ සත­ප­මින් නුඹ ගෙවුණු රැය­වල් නිදි නැත‍ී
දවස තිස්සේ වෙහෙස වූවත් තාත්තත් නුඹෙ ළඟ ­මැති

දිනෙන් දින නුඹ හැදෙන හැටි දැක සිතේ සොම්නස ඉති­රුණේ
දසන් නැති මුව විදා හිනැ­හෙන විටදි තුටු කඳු­ළැලි නැඟේ
නේක පැහැ සම­න­ලුන් සියො­තුන් නුඹේ ලෝකය හැඩ කරයි
මිදී උන්ගෙන් පියා­පත් ලැබ නුඹත් මේ ලොව හැඩ කරයි

අහස් විය­නයි පොළෝ තල­යයි නුඹට මට ජීවය පොවයි
ගහ කොළට දිය දොළට සතු­නට දිනෙක ණය පිය­විය යුතුයි
සිතේ දොම්නස් සිඳු රළට වැහි­පො­දට සුළ­ඟට පව­ර­මින්
දියේ සිහි­ලෙන් දුක් දොවා හැර හිනැ­හෙන්න සිත සවි ගනින්

නිවෙන දැල්වෙන පුංචි තරු­වක් සිතට සතු­ටක් ගෙනේ නම්
දිවිය සර­ලයි පුංචි දෙයි­නුත් සිතට සතු­ටක් ලැබේ නම්
කලින් කල ඇස ගැටෙන අර­මුණු හඹා යද්දී හති වැටෙයි
නිහ­ඬ­ත­කා­වයෙ ඇති සොඳුරු බව හඳු­න­ග­ත්තොත් සිත නිවෙයි

හැඩට ඉන්නට පාට වත්සුණු තැව­රු­වට මට කමක් නෑ
හිතේ වත්කම ලයේ තෙත් බව දුවේ තව ලස්ස­නක් නෑ
ලොවේ කිසි­වක් සදා­කා­ලික නොවන බව නුඹ දත යුතුයි
ටිකෙන් ‍ටික ලොකු වෙද්දි තේරෙයි තවම මේවා බර වැඩියි

චාමරී මිහි­රං­ගනී


මෙනු­වර

වක ගැසී ..රැළි වැටී
කුදු ගැසී...ඇද වුණු
කුණු කමින් ජොල් වී
මාන­යෙන් ඉදි­මුණු
කපු­ටන් රැළකි
මෙනු­වර...

මහා පුදු­මෙකි..
පිවි­තු­රුයි කිව්
රණ තිසරු වට වී
කරන හැටි
උන් වැනුම්...

බලනු වටී ඇස් ඇර
කොසොල් රජු දුටු
සිහින එකි­නෙක
හැබෑ­වන අන්දම

තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ


ඉකි­බිඳි සිතා­රය

උණ පඳුර සර­ස­රය කොළ හැලී නතර වෙයි
විහඟ කැල කූජ­නය නැතිව අද නිහඬ වෙයි
ඔබෙ පහස නැති හෙයින් ගෙමි­දුලේ වල් සැලෙයි
බැලු බැලූ හැම­තැ­නම පුතුනි ඔබ රුව මැවෙයි

ඇඟිලි තුඩු පහස ලද සිතා­රය තනි­වෙලා
ඉකි­බි­ඳින හඬ ඇසෙයි කුටිය තුළ වැල­පිලා
නොමි­හි­රිව ගැයූ ගීත පන්සි­ළුට ලොබ වෙලා
සුර­පු­රට හණික පිවි­සියේ ඇයි වෙන්වෙලා

පිය­සීලි විජේ­නා­යක


ගුරු දෙවි නුඹයි

අඳුරු දුරු කර එළිය ගෙන දී
ලොවක් සන­සන රිවි ඔබයි
හඬන තරු කැට ළයට ළං කර
සෙනෙහෙ දෙන සඳ­වත නුඹයි

රැඳුරු කත­රක පවස නිවනා
සිසිල් වන් පැන් පොද නුඹයි
නිබඳ නම­දිමි පා පියුම් මම
මගේ ලොව ගුරු දෙවි නුඹයි

යොමාලි නුව­න්තිකා


ගසක් ඇති පිපෙන මල

මට අයි­ති­යක් නැති
ගඟක් ඇති ගලන දිය
ගල් පර­යම වෙෙළතී
විලක් ඇති පිපුණු පියු­මක්
සුවඳ ඇති..

ලියක් ඇති සතක් ලෙස
ගල් කුළක් ඇතී
රන් වන් එර­න්වන්
රන්වන් එර­න්ව­න් ලියේ
නන්වන් සුපි­න්වත්
හස­කැන් එවන් ලියේ
සන්සුන් ගමන් සිත්
සන්තොස් කරන ලියේ
ඉක්මන් වතින්
මන්තො­ස්කර නිවන් ලියේ..

සුනිල් ලීවා­නගේ


විරු දිය­ණිය

කත­රක දිවිය ගෙව­මින් නෙත නිදි නැතුව
තර­ණය කරයි දිවි­මඟ සිත දිරි ඇතුව
රණ විරු දිය­ණි­යකි එඩි­බල ඇය සතුව
කය රුව වින්ද දුක මැද හස එයි මතුව

සර­සවි වරම් හිමි වූවත් දිළිඳු බැවින්
රස විඳි දිනක් නැහැ පෙර බව කරපු පවන්
සවි බල නොමැති පිය­තුම සොව නඟයි මුවින්
විඳ­ලයි ගින්න දුක දැඩි වෙයි මවගෙ රුවින්

මහ­මෙර උසට දිවියේ බර පොදි ඉසිලූ
හද මත ඇගේ තෙර­පෙයි බව­යක කඳු­ලුළු
මෙම වද වින්ද මුත් රුව සඳ ලෙස ඔබගු
රත­දර තුළින් මතු­වෙයි හස කැන් පබළු

භානු නිසං­සලා

Comments