
කොග්ගල මහා ප්‍රාඥයා යැයි නම් ලද හෙළයේ මහා ගත්කරුවා වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ය. එතුමා වර්ෂ 1890 මැයි මස 29 වැනිදා ලංකාවේ දකුණු පළාතේ ගාල්ලේ කොග්ගල මලලගමදී උපත ලැබීය. දොන් බස්තියන් සිල්වා සහ ලියනගේ නොච්චිහාමි එතුමාගේ දෙමවුපියන්ය. දහ දෙනෙකුගෙන් යුත් පවුලේ නවවැනි දරුවා වු මාර්ටින් වික්‍රමසිංහයෝ ගාල්ලේ බොනවිස්ටා පාසලෙන් හා අහංගම සිංහල පාසලෙන් අධ්‍යාපනය ලැබුහ.
මුලින්ම කොළඹ කඩයක ලියන්නකු ලෙස රැකියාවට එකතු විය. 1920 වර්ෂයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවකට එක් වු වික්‍රමසිංහ මහතා 1925 දී ප්‍රේමා ද සිල්වා සමඟ විවාහ දිවියට පත්වුයේය. මඩොල්දුව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය යන නවකතා හා වහල්ලු, ගැහැණියක් යන කෙටිකතා රාශියක් සිංහල සාහිත්‍යයට දායාද කළ මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍ය ලෝකයේ අමරණීය යුග පුරුෂයෙකි.
ජේ. ඒ. තක්ෂිල කේෂාන් කුමාර
4 ශ්‍රේණිය,
අතරගල්ල කනිෂ්ඨ විද්‍යාලය,
ගල්ගමුව