දකුණේ මුහුද ගොඩ කර සංචාරක කලාපයක් | Page 836 | සිළුමිණ

දකුණේ මුහුද ගොඩ කර සංචාරක කලාපයක්

දකුණු පළාතේ මුහුද ගොඩ කර සංචාරක කලාපයක් ඉඳි කිරීමට කටයුතු යොදා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිළුමිණට කීය.

ඒ අනුව අකුරළ සංචාරක කලාපයක් අක්කර 700ක් පුරා ඉඳි කරනු ලබන බවත් අක්කර 250ක් මුහුද ගොඩ කිරීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ ඉඳි කිරීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා කීය. මෙසේ මුහුද ගොඩ කර සිදු කරනු ලබන ඉඳි කිරීම් හරහා ගොඩබිම හා මුහුදු ගොඩ බිම යාකර නව සංචාරක කලාපයක් ඉඳි කරනු ලබන බවත් ඒ මඟින් දකුණු පළාතේ නව සංචාරක ක්‍රමවේදයක් ඇති කරන බවත් ඒ මහතා කීය.

Comments

පිටු