බස් රථවලට ප්‍රමුඛතා මංතීරු 15 සිට | සිළුමිණ

බස් රථවලට ප්‍රමුඛතා මංතීරු 15 සිට

කොළඹ නගරයේ ගාලු පාරේ සහ බත්තරමුල්ල මාර්ගයේ බස් රථ සඳහා ප්‍රමුඛතා මං තීරු ස්ථාපිත කිරීම ලබන අඟහරුවාදා (15 වැනිදා) සිට ආරම්භ කෙරෙනු ඇත. ‍ඒ අනුව ලබන අඟහරුවාදා (5 වැනිදා) ගාලු පාරේ මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා සහ සැ‍වෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය දක්වා මාර්ගයේ බස් රථ ප්‍රමුඛතා මං තීරු ආරම්භ වේ.

ගාලු පාරේ කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් සන්ධිය දක්වා මාර්ගයේ බස් රථ මංතීරු ආරම්භ කිරීම 22 වැනිදා සිට සිදු කෙරෙන අතර,

බත්තරමුල්ල මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ කිරීම අගෝස්තු 29 වැනිදා බත්තරමුල්ල දියත උයන (පොල්දූව මංසන්ධිය) සිට රාජගිරිය ආයුර්වේද මංසන්ධිය දක්වා සිදු කෙරේ. එසේම එදිනම පුරහල සහ තුම්මුල්ල අතර බස් රථ ප්‍රමුඛතා මංතීරුවද ක්‍රියාත්මක කෙරේ.

එසේම සැප්තැම්බර් 05 වැනිදා සිට මරදාන, පිටකො‍ටුව, ‍කොටුව, කොම්පඤ්ඤවීදිය අතර බස් රථ මංතීරුව ආරම්භ කෙරෙන අතර, සැප්තැම්බර් 12 වැනිදා කොම්පඤ්ඤවීදිය සිට පිට‍කොටුව දක්වා සහ 30 වැනිදා ‍බොරැල්ල සිට මරදාන දක්වාද මේ මංතීරු ක්‍රියාත්මක‍ කෙරේ. මේ බස් රථ ප්‍රමුඛතා මංතීරුවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා ඇතුළු විය හැක්කේ සියලු මඟී ප්‍රවාහන බස් රථ හා පාසල් වෑන් රථවලට පමණි. බස් නැවතුමේ බස් රථයක් නැවැත්වූ විට පසුපසින් පැමිණෙන බස් රථය ඉදිරි බස් රථය ගම්න් ආරම්භ කරන තුරු නවතාගෙන සිටිය යුතු අතර, බස් රථ නැවතුමින් බස් රථ කඩිනමින් ගම්න් ආරම්භ කළ යුතුය.

මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය,

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, කොළඹ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව කටයුතු කරනු ඇත. 

Comments