නියඟයෙන් පවුල් 36000ක් පීඩාවට; යළි වැස්ස ලැබෙන්නේ මාස 2 කින් | සිළුමිණ

නියඟයෙන් පවුල් 36000ක් පීඩාවට; යළි වැස්ස ලැබෙන්නේ මාස 2 කින්

 දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 18ක පවතින දරුණු නියඟය නිසා දැනට පවුල් 36000 ක් පමණ පීඩාවට පත්වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව මේ දිනවල වැඩිම නියඟය ඇතිවී ඇත්තේ උතුරු පළාතටය. ඒ අනුව උතුරු පළාතේ ලක්ෂ 5 කට අධික ජනතාවක් නියඟය නිසා පීඩාවට පත්වී සිටිති. ඊට අමතරව වයඹ පළාතේ පුද්ගලයන් 363000ක් පමණ නියඟය නිසා පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ යළිත් මේ ප්‍රදේශවලට හරි වැස්සක් ලැබෙන්නේ ඔක්තෝබර් මස මැද බවයි.

මේ අතර නියඟය නිසා ජල විදුලි බල නිෂ්පාදනයේ ප්‍රබල අඩුවීමක් සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. 

Comments