මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි අම්මේ! | Page 122 | සිළුමිණ

මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි අම්මේ!

 “අම්මේ මගේ සපත්තු දෙක ඉරිලා. අඩිය ගැලවිලා. ඉස්කෝලෙට දාගෙන යන්න බෑ. සපත්තු දෙකක් අරන් දෙනවාද?”

“අනේ! පුතේ, මට දැන් සල්ලි නෑ. මම පස්සේ අරන් දෙන්නම්. දැනට තියෙන එකක් දාගෙන යන්න” කියා ඔබ පැවසුවා.

ඒ නිසයි මම ගෙදර තිබුණු පරණ සෙරෙප්පු දෙකක් දාගෙන ගියේ. ඒ පාවහන් දෙක පාසලට දැමීමට නුසුදුසු යැයි කියා විදුහල්පතිතුමා එය මගෙන් ගෙන ගබඩා කාමරයට දැමූවිට මට කෙතරම් අසරණ කමක්, දුකක් දැනුණාද?‍

අම්මේ, මට ඒ වෙලාවේ දුකක් හා අනුකම්පාවක් දැනුනා. මම නිවෙසට පැමිණ පාවහන් දෙක විදුහල්තිතුමා ගබඩා කාමරයට දැමුවා යැයි කී විට ඔබ නෙතින් කඳුළු බිඳු වැටෙනවා මා දුටුවා.

අප තුන්දෙනා, මාත්, ඔබත්, නංගීත් අතහැර අපේ පියා ගිය පසු ඔබ කොතරම් දුක් කරදර උහුලනවාද? අපේ කුසගිනි නිවන්න, පාසල් ගමනට අවශ්‍ය දේ ලබා දෙන්න, ලෙඩට අවශ්‍ය බේත් හේත් ගන්න ඔබ වත්තේ වැඩ කරගෙන ගන්න සොච්චම් මුදල මදි බව මා දන්නවා. ඒ නිසා මම පාවහන් ඉල්ලා ඔබට කරදර කරන්නේ නෑ.

දෙපා රිදෙන ගල් බොරළු මත පා තබා ගොස් හොඳින් ඉගෙනගෙන යහපත්, උගතෙකු වී රැකියාවක් කර අම්මාට සලකන්නම්.

එච්.එම්. ප්‍රගීත් චතුරංග
8 ශ්‍රේණිය,
දේදුගල මහා විද්‍යාලය,
දේදුගල. 

Comments

පිටු