
කොළඹ චාර්මස් ධාන්‍යාගාරය පිහිටි අක්කර නමයක භූමි භාගය ඉදිරියේදී කොළඹ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත් කරන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ඒ සමඟම බැස්ටියන් මාවත, දුම්රිය පළ ‘මැනින් මාර්කට්’ ඇතුළු සම්පූර්ණ ප්‍රදේශය කොළඹ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය බවට පත් කරන බවත් ඇමැතිවරයා පවසයි.
ඒ අනුව එම ස්ථානයේ සිට ඕනෑම අධිවේගී මාර්ගයකට හා ශීඝ්‍රගාමී ප්‍රවාහන මංතීරුවලට වාහනවලට ඇතුළුවීමේ අවස්ථාව සැලසේ. එය ‘කලම්බු ගේට්’ ලෙස හැඳින්වේ.
මේ අතර මාලඹේ හා කොල්ලුපිටිය සිට පිටකොටුවට සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් බස් රථ හා දුම්රිය ධාවනය නොකරන කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සිට සැහැල්ලු දුම්රිය හා විදුලි දුම්රිය ගමන් ආරම්භ කරන බවත් ඇමැතිවරයා පවසයි.
මේ කටයුතුවලින් පසු කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශවල සැබෑ වෙනසක් සිතීමට නොහැකි අන්දමේ සංවර්ධනයක් සිදුවෙන බවත් ඔහු පවසයි.