සමෘද්ධි සහනය වැඩිවෙයි | Page 3 | සිළුමිණ

සමෘද්ධි සහනය වැඩිවෙයි

 සමෘද්ධි සහනාධාරයට හිමිකම් කියන පිරිස ලබන වසරේ සිට සියයට විස්සකින් පමණ (20%) ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

මේ යටතේ සමෘද්ධිලාභීන් සඳහා රජය විසින් වාර්ෂිකව වෙන් කරනු ලබන රුපියල් බිලියන හතළිස් දෙකක මුදල ලබන වසරේ සිට තවත් ඉහළ යනු ඇති අතර, දැනට දාහතර ලක්ෂ විසි පන්දහස් හය සිය හැට එකක් වන සමෘද්ධිලාභීන් ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

මේ අනුව දැනට සමෘද්ධි සහනාධාරය ලබන අයගේ කිසිදු වෙනසක් නොවන අතර සංඛ්‍යාත්මකව ද ඔවුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමට නියමිත ය. ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම තුරන් කර ‍ඔවුන් නඟාලීම සඳහා පිහිටුවා ඇති සමෘද්ධි ව්‍යාපාරය මෙන් ම ඒහා සම්බන්ධ බැංකු, නිවාස වැඩපිළිවෙළ ආදියෙහි ද කිසිදු වෙනසක් නොවන බව ද ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Comments