කතාව ආරම්භ වූයේ ප්‍රේමයෙන් වුව අවසාන වූයේ වෛරයකිනි; නැතිනම් මරණයකිනි. මරණයක් දක්වා දිග්ගැසුණු මේ පලහිලව්වට අදාළ සිදුවීම් පෙළ ගැසුණු ආකාරය ගැන විවිධ මත මාධ්‍යයන්හි මෙන්ම සමාජ ජාලාවන්හි ද පැතිරයමින් තිබේ.
රසිඳු ගිම්හාන් මාතර වේල්ස් කුමර විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකි. ඔහුගේ පියා අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවක සේවය කළ අතර, රසිඳු මෙන්ම ඔහුගේ අනෙක් සහෝදරයන් තිදෙනා ද හැදුණේ වැඩුණේ...