රු.5000 සහන මල්ල ලබන සතියේ සිට | Page 2 | සිළුමිණ

රු.5000 සහන මල්ල ලබන සතියේ සිට

නියඟයෙන් පීඩාවට පත් දුප්පත් පවුල් 25000 ක් සඳහා රුපියල් 5000ක සහන මල්ලක් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ ලබන සතියේ ආරම්භ කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසයි.

මේ වැඩපිළිවෙළ අනුව සහනාධාර ලබාදිය යුතු පවුල් හඳුනාගැනීමේ කටයුතු දැන් දිස්ත්‍රික් ලේකම්වරයා හා ප්‍රාදේශීය ලේකම්වරු මඟින් සිදු කරන බවත් චමින්ද පතිරාජ මහතා පවසයි. ග්‍රාම නිලධාරිවරු අදාළ සමීක්ෂණ කටයුතු දැන් අදාළ ප්‍රදේශවල සිදුකරන බවත් පතිරාජ මහතා කීය.

මෙහිදී ප්‍රධාන ලෙස නියඟය නිසා ජන ජීවිත කෙළින් ම අඩාල වූ ගොවි පවුල්වලට හා සුළු කර්මාන්තකරුවන්ට මේ සහන මල්ල ලබාදෙන බවත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. මේ සහන මල්ල සියලු සමුපකාර මඟින් ලබාදීමට අපේක්ෂා කෙරේ.

මේ අතර දැනටමත් ඉහත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා හා සමුපකාර අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇත. 

Comments