බදු පනතට සංශෝධන | සිළුමිණ

බදු පනතට සංශෝධන

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත සංශෝධනවලට යොමු කර සම්මත කරගැනීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව ඉකුත්දා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීමෙන් පසු රජය මේ තීරණයට එළැඹ තිබේ.

නව ආදායම් බදු පනත මඟින් මෙතෙක් කල් පැවැති බදු ක්‍රමය වෙනුවට නව බදු ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර එමඟින් ඍජු බදු ආදායම වැඩි කර වක්‍ර බදු ආදායම් අඩු කිරීමට නියමිතව පවතී.

මේ වන විට ලංකාවේ පවතින බදු ක්‍රමය නිසා අඩු ආදායම්ලාභීන් වඩාත් පීඩාවට පත්ව ඇති අතර රජයේ ආදායමට ද විශාල බලපෑමක් එල්ල කර තිබිණි.

2018 අප්‍රේල් මාසයේ 1 වැනි දින සිට නව බදු වසර ආරම්භ කෙරෙන බවත් එදින සිට මේ නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 

Comments