මහජන සේවා බිඳදැමීමට එරෙහිව රජයෙන් දැඩි පියවර | සිළුමිණ

මහජන සේවා බිඳදැමීමට එරෙහිව රජයෙන් දැඩි පියවර

සෞඛ්‍ය, ඉන්ධන, ජලය වැනි අත්‍යවශ්‍ය සේවා කඩා කප්පල් කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමු වී තිබේ.

පසුගිය සිකුරාදා අත්‍යවශ්‍ය මහජන සේවා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට සම්මත කරගැනුණේ මෙහි පියවරක් වශයෙනි.

වෘත්තීය සටන් මුවාවෙන් වැඩවර්ජන හා උද්ඝෝෂණ දියත් කිරීමත්, එමඟින් රජය අපහසුතාවට පත් වන ආකාරයට මහජනයා උසිගැන්වීමත් දේශපාලන න්‍යායපත්‍ර මත දියත් කෙරෙන්නක් බව පෙනී ගොස් ඇති හෙයින් මෙලෙස දැඩි පියවර ගැනීම ගැන රජයේ අවධානය යොමුව තිබේ. එදිනෙදා ජනජීවිතයට එල්ල වන පීඩනයද රජය මේ පියවර ගැනීමට හේතු වූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. 

Comments