උමා ඔය හානියට සුපර් ලාක් වන්දියක් | සිළුමිණ

උමා ඔය හානියට සුපර් ලාක් වන්දියක්

 උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ නිවාස, ඉඩම් ඇතුළු දේපළ හානි සිදුවීමෙන් විපතට පත්වූ ජනතාව සඳහා ඉහළම ක්‍රමයක් යට‍තේ වන්දි ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඉඩම් අත්පත් කරගැනීම සඳහා කඩිනමින් වන්දි ගෙවූ 'සුපර් ලාක්' ක්‍රමය මේ සඳහා අනුගමනය කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සුපර්ලාක් ක්‍රමය යටතේ වන්දි ලබාදීමේදී වෙළෙඳපොළ පවතින වටිනාකමට වඩා ඉහළ මුදලක් හිමිවීම සුවිශේෂී වන අතර මේ සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව මේ සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වනු ඇති බවද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

මේ වන විට උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ උමඟ ආශ්‍රිත සියලුම කැණීම් තාවකාලිකව නවතා දමා ඇති අතර, අදාළ ව්‍යාපෘතියෙන් ගැටලුවලට මුහුණ පා සිටින ජනතාවගේ හානි තක්සේරු කර වන්දි මුදල් සහ අනෙකුත් සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යවා ඇත. 

Comments