අනාගත වක්තෘවර නොස්ත්‍රඩාමුස් බොදු සංකල්ප කල්තියා දුටුවාද? | Page 2 | සිළුමිණ

අනාගත වක්තෘවර නොස්ත්‍රඩාමුස් බොදු සංකල්ප කල්තියා දුටුවාද?

නොස්ත්‍රදාමුස් ‘ඇවිග්නන්’ සහ ‘මොන්ට්පෙලියර්’ යන විශ්ව විද්‍යාල වලින් උපාධි ලත්, වෘතියෙන් දොස්තර කෙනෙකි. ඔහු බෝවෙන රෝග පිලිබඳ විශේෂඥයෙක් විය. ග්‍රීක්, ලතින්, හීබෘ වැනි භාෂා කීපයක් දත් කෙනෙකි. එහෙත් තම බිරිඳ සහ දරුවන් එම බෝවෙන රෝගයෙන්ම මිය ගිය පසු, ඔහු බොහෝ ඇතුළාන්තයට එබුණු කෙනෙක් විය. ඔහුගේ අනාවැකි ඔහු ලීවේ ප්‍රංශ භාෂාවෙනි. මේ ඉංග්‍රීසියෙන් ඇති අනාවැකි වාක්‍ය පරිවර්තනය නොකර එලෙසම සටහන් කරන්නේ, එහි මුල් අර්ථය තරමක් හෝ වෙනස් නොවීම සඳහා වේ. ඔබ ප්‍රංශ භාෂාව දන්නේ නම්, මේ අනාවැකි වල මුල් අනාවැකි වාක්‍ය (Quatrain ) අන්තර් ජාලයේ ප්‍රංශ භාෂාවෙන් සොයා ගත හැක ...

 

Quatrain 97

A new law shall occupy a new country

Towards Syria, Judea and Palestine

The great Barbarian empire shall fall down

Before Phoebe makes an end of her course.

 

… මේ, ‘ඊශ්‍රායලයේ උපත’ නොස්ත්රඩාමුස් දුටු ආකාරයයි. මෙහි Barbarian empire ලෙස, එනම් වනචාරීන්ගේ රාජ්‍යය’ කියා ඇත්තේ කුමක්වත් නොව, ඊශ්‍රායලය වට කරගෙන ඇති මුස්ලිම් රාජ්‍යයන් වේ. මෙම මුස්ලිම් රාජ්‍යයන් ගේ බලය ඇත්තේ තෙල් සම්පත ඇති තාක් කල් පමණි. එයට ඇති ඉල්ලුම භයානක ලෙස පහළ බසින් පවතී. කෙසේ වුවද, අනාවැකියේ ආකාරයට ‘Phoebe makes an end of her course’ යන්නෙන් කියා වෙන්නේ, මේ සියවසය. එනම් මේ සියවස ‘සූර්යයාගේ සියවස’ ලෙස අර්ථ දක්වා ඇත. ලෝකයේ සොයා ගන්නා නවතම දේ සහ විද්‍යාත්මක දැනුම ඉදිරියේ අසරණ වන, ඉස්ලාමය නමැති ගෝත්‍රික ආගම සහ එම රාජ්‍ය ක්‍රමය, ‘මේ සියවසෙන් පසු පවතින්නේ නැත’ යන්න මෙහි අර්ථය වේ ...

 

Quatrain 7 (Century IX)

He that shall open the found sepulchre

And shall not close it again promptly

Evil will befall him, and he shall not be able to prove

Whether is best, a British or Norman king.

 

…මේ අනාවැකිය කියා ඇත්තේ ඊජිප්තුවේ ‘තුතන්කාමන්’රජුගේ සොහොන් ගැබ විවෘත කිරීම සම්බන්දවය. ඒ කාර්යයට සම්බන්ද වූ සැවොම මෙන්ම , ඒ සියළුම දෙනාගේ පව්ල් වල සාමාජිකයන් ඉතා ඉක්මනින්, අභිරහස් ලෙස මිය ගියෝය.

 

Quatrain 74

 

The expelled shall come again to the kingdom

Her enemies shall be found to be conspirators

More than ever his time shall triumph

Three and seventy appointed by death.

 

Quatrain 75

 

The great pilot shall be sent for Royal mandate

To leave the fleet, and be preferred to a high place

Seven years after he shall be countermanded

A barbarian army shall put Venice to fear.

 

ඉහත අනාවැකි දෙකේ තේරුම මෙසේය.

වරක් පැරදුනු ඉන්දිරා ගාන්ධි නැවතත් දිනා බලයට පත් වීම, ඇයගේම ආරක්ෂකයන් අතින් , ඇයට අවුරුදු 67 ක් වන විටදී ඝාතනය වීම 74 වන අනාවැකියේ දැක් වේ ...

ගුවන් නියමුවකු වූ රජීව් ගාන්ධි , ඉන්දියාවේ අගමැති ධුරය බාර ගැනීම සහ ඔහුගේ ඝාතනය 75 වන අනාවැකියේ දැක් වේ. මෙහි Venice to fear යන්නේ අදහස, ඔහු විවාහ වී සිටි ‘සෝනියා ගාන්ධි’ ඉතාලි ජාතික කාන්තාවක් වූ නිසා යයි සමහර විචාරකයන් පවසති ...

 

Quatrain 96

The Religion of the name of the seas will win out

Against the sect of the son of Adaluncatif: ... තව පොතක මේ දෙවන චේදය මෙසේ වේ.

{Against the sect of Caitifs of the Moon}

The stubborn, lamented sect will be afraid

Of the two wounded by A and A.

මේ ඉහත අනාවැකිය කියැවූ විට මෙන්ම, එයට පෙර සහ පසු අනාවැකි කියවීමෙනුත් කිසිම ආකාරයක ආසියාව සම්බන්දව අදහසක් නම් එන්නේ නැහැ. එහෙත් ඉන්දියානුවන් මේ සම්බන්දව දරන මතය වෙනස්. ඔවුන් කියන්නේ, ‘The Religion of the name of the seas’ යනු හින්දු ආගම කියායි. ‘හින්දු සාගර්’ කියා කියන නිසා එය එසේ විය යුතුයි කියන එක ඔවුන්ගේ තර්කය වෙනවා ...

එහෙත් ‘හින්දු සාගර්’ කියා කතාවක් නැහැ. ‘ඉන්දියන් සාගරය’ කියා නම් කියනවා. මේ අනාවැකිය ගැන බොහෝ දේ ලියා ඇති පොත් පවා තියෙනවා. ඒ ඉන්දියානුවන් මේ අනාවැකිය ආසියාව සඳහා ලියා ඇත් නම්, ඇයි මේ අනාවැකිය බුදු දහම හා සම්බන්ද නොවෙන්නේ...? මේක වෙනත් අදහසක් පමණයි...!!!...ඒ නිසා, ‘The Religion -of the name of the seas-’ කියන්නේ ‘බුදුන් වහන්සේගේ ආගම’ කියා සිතන්න බොහෝ සාධක තියෙනවා ...

එයට හේතුව, බුදුන් වහන්සේ ‘කටක’ රාශියෙන් උපන් නිසා. කටකය නිරූපණය කරන්නේ මහා සාගරයයි. ‘කටකයේ ගුරු උච්ච ලෙස පැවතීමෙන්, මහා මුහුදේ රැළි මෙන්, ගැඹුරු රැළි මෙන් ශ්‍රේෂ්ට අදහස් ඇති වෙනවා යන්න’ ජ්‍යෝතිෂ විග්‍රහය වෙනවා. මෙහි Religion-of the name of the seas- කියන්නේ බුදුන් වහන්සේ විසින් අනාවරණය කල ධර්මය මිස වෙන දෙයක් නොවේ. එවිට ‘බලවත් වූ කටක රාශියකින් උපන් පුද්ගලයෙක්ගේ ආගම’ ලෙස ඉහත වගන්තිය වෙනස් වෙනවා. එමෙන්ම බුදු දහමේ ඇති සංකල්ප Against the sect of the son of Adaluncatif: ලෙස අර්ථ දක්වන්න පුළුවන්. මේ පදය සමහර පොත් වල තරමක් වෙනස් වෙනවා. එනම්, {Against the sect of Caitifs of the Moon} ලෙසට...

එහි ‘සඳ’ ගැන ලියා තියෙනවා. ‘සඳ’ මෙතරම් ලොකු වන්දනාවක් වන්නේ, ඉස්ලාම් ආගමේ පමණයි. බුදු දහමේ පොහොය දිනයට සඳ සම්බන්ද වීම වෙන කතාවක්. එනම් රාත්‍රී කාලයේ පන්සල් යාමට, සඳ එළිය එක් හේතුවක් වෙනවා. ‘සඳ’ එතනදී පාවිච්චි වෙන්නේ ‘ආයුධයක්’ වශයෙන් පමණයි. එහෙයින් පොහොය දිනයට පමණක් සඳට විශේෂ සැළකිල්ලක් පැමිණියා ...

නමුත් බුදු දහමේ සඳ අනුව ගන්නා තීරණ වලට වඩා විශාල තීරණ ඉස්ලාම් ආගමේ සඳ අනුරූපව ගන්නවා. උදාහරණය- ඔවුන්ගේ උපවාස දිනය සම්බන්දව ගන්නා කාල නියමයන්. ඒ විතරක් නොවේ, ඉස්ලාම් සංකේතයේත් ‘සඳ’ (සහ තරුව) පැහැදිළිවම තියෙනවා. ඔබ සමහරෙක් දන්නවා ඇති, ඇමරිකානුවා සඳට ගියේ නැහැ, එය බොරුවක් කියා බොහෝ ඉස්ලාමිකයන් අදහනවා. සඳට කෙනෙක් පා තැබුවා යන්න සඳට කරන ලද නිග්‍රහයක් බව ඔවුන් විශ්වාස කරනවා. ඒ යතාර්ථය තේරුම් ගන්නට ඔවුන්ට නොහැකියි. මක්නිසාදයත්, මෝහයෙන් පිරුණු ඔළුවලට ඒ විද්‍යානුකූල සත්‍යය වටහා ගත නොහැකි නිසා. කෙසේ හෝ සඳෙන් නිරූපණය වන අය ගැන මෙතනදී කියවෙනවා ...

” The stubborn, lamented sect will be afraid” ... යන්න ඔබට තේරෙන්නේ කොහොමද...? මුරණ්ඩු එහෙත් දිනපතා අදෝනා තියන මිනිසුන් කොටසක් වන්නේ කව්ද? ඔබම එය හිතා බලන්න. බැලුමක් වගේ පිම්බෙන ඉස්ළාමය නිසා, ලෝකෙටම සාපයක් මෙන්, ලොව හැමතැනම අවුල් හටගන්නවා. එහෙත් බැලුමක් වුනත් පිම්බීගෙන, පිම්බීගෙන යනවිට වෙන්නේ මොකක්ද කියා ඔබ දන්නවා ...

මිනිසුන්ට අවශ්‍ය සාමයයි. වෙනස් ජාතීන් සහ ආගම් හෝ සංස්කෘතීන් සහිත එකිනෙකා අතර ඇති, අන්‍යොන්‍ය අවබෝධාත්මක ගෞරවයයි. කිසියම් සමාජයක ඇති ගතික සමතුලිතතාවය නොබිඳ ජීවත් වීමට සියල්ලන්ටම ඇති අයිති යයි. ලෝකයේ තිබිය යුතූ මේ සමතුලිතතාවය, බිඳින්නේ කව්රුන් විසින්ද ? එය ඔබම සිතා බලන්න. ඒ දර්ශනයේ හරයක් නැති බැවින්, ඔවුන් කිසියම් දිනක ඒ හරයක් නැති සංකල්ප ගැන බිය වනවා. එසේ වන්නේ ලෝකය ලේ විළක් වුනාට පසුවයි. නැති දෙවියෙක් ලොව ආරක්ෂා කරන්න එන්නේ නැති බව ඔවුන්ට තේරුම් ගිය විට පමණයි ...

අවසාන වගන්තිය වන්නේ, Of the two wounded by A and A. මෙහි කව්ද මේ two කියන්නේ? ඒ නම් වෙන කවුරුවත් නොව, ඉස්ලාමයේ ප්‍රධාන නිකාය දෙක වන, එකිනෙකාට පරම හතුරන් වන, දිනපතා එකිනෙකාගේ බෙලි කපා ගන්නා, ‘සුන්නි’ සහ ‘ෂියා’ නිකාය දෙකයි. A සහ A ලෙස හඳුන්වන්නේ බුදු දහමේ මූලිකම හරයයන් මේ නිකායයන් මගින් වෙන වෙනම ‘අ’ යන්නේ සිට, වැළඳ ගන්නා බවමයි. එය මේ වන විටත් සාපෙක්ශකව ඥාණය ඇති ඉරාන වැසියන් අතර වේගයෙන් වෙමින් පවතිනවා. මෙය අදහන්න බැරි නම් ගූගල් ගොස්, ‘Vipassana Meditation centers in Iran’ කියා සර්ච් කර බලන්න. එවිට මොන තරම් භාවනා මධ්‍යස්ථාන ඉරානයේ තියේද කියා පෙනේවි. ඉරානයේ වෙනම අනාවැකියක් තියෙනවා. “කිසියම් හිස මුඩු කල, කහ පැහැ වස්ත්‍ර අඳින පූජක නිකායක් නිසා, දෙවියන්ට ඇති තැන නැතිවේ” කියා. මේ පූජකයන් කව්ද ...?...?

ඒබ්‍රහමික ආගම් ලොවට කවදාවත් සාමය ගෙනාවේ නැහැ. කෙලින්ම මෙන්ම , වක්‍ර ආකාරවලින්, ගණන් කල නොහැකි අප්‍රමාණ මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය වීම පමණක් සිදු වුනා. අනාගතයේ ඒ ආගම් ලොවට කවදාවත් සාමය ගෙන එන්නේ නැහැ. මේ ආගම්, හිරු දකින විට මිය වන තරුවක ආලෝකය මෙන්, අතීතයේ කොනක සෙවනැල්ලක් වන යුගයක, ලොවට සාමය ලැබේවි. එතෙක් ආගමේ නාමයෙන් අනන්ත මිනිසුන් ඝාතනය වේවි. අනාගත වක්තෘ නොස්ත්‍රඩාමුස් ව්‍යංගයෙන් කියන්නේ මෙයයි. ඉන් පසු අවුරුදු දහසක පමණ කාල පරාසයක ලෝකයේ සාමය, ගුණ නුවණ ආදරය මෙන්ම එකිනෙකාට ගෞරව කරන මිනිසුන් ගෙන් පිරි ලොවක් ඇති වන බව ඔහු අනාවැකි පල කර තිබෙනවා ...

ශත වර්ෂ පහකට පෙර කල ඒ අනාවැකියේ කොටසක් වන, ‘සියළුම ආගම් ම් සියවසේ අවසානයේ නැතිවේ -එහෙත් බුදු දහමේ හරය කිසි දිනක නැති නොවේ’ ලෙස ආචාර්ය ආතර් .සී. ක්ලාක් මහතාද මේ සියවසේ කර තිබෙනවා. සාමකාමී ලොවක් සඳහා එකම මාර්ඝය, සියලු සත්වයාට සමානව කරුණාව දැක්වීම සහ, මෙත් කළ යුතු බැව් පෙන්වා දෙන බුදු දහමේ අවිහිංසාවාදී සංකල්ප ලොවේ ප්‍රගුණ කිරීමෙන් පමණක් මයි ...

අනාගතයේ බොහෝ දේ දුටු, ‘නොස්ත්‍රඩාමුස් නම් වූ අනාගත වක්තෘ වරයාත්’ බුදුන් වහන්සේගේ සංකල්ප දුටුවාද යන්න’ ඔබම නිගමනය කල යුතු වෙනවා.

Comments