![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/23/1-3.jpg?itok=NP9CX6ZS)
කොළඹ නගර සභා බල ප්රදේශය ඇතුළත කුණු කසළ දැමුවහොත් ඒ අයට විරුද්ධව දඩ ගැසීමට හා නඩු පැවරීමට කටයුතු කරන බව කොළඹ නාගරික කොමසාරිස් බී.ඒ.කේ. අනුර මහතා පවසයි. මේ අනුව දැනටමත් 185 දෙනෙකුට නඩු පවරා ඇතැයි ද ඉදිරියේදී ද හමුදාව සහ පොලිසිය මඟින් කොළඹ නගරයේ ස්ථානවලට කුණු දමන අය ඇල්ලීමට කටයුතු කරන බවත් සීසීටීවී දර්ශන මඟින් ද ඉහත සිදුවීම් පිළිබඳව පරීක්ෂා කරන බවත් අනුර මහතා පවසයි.