කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට කිසිම ගැටලුවක් නැහැ | Page 2 | සිළුමිණ

කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට කිසිම ගැටලුවක් නැහැ

මැදපෙරදිග රටවල් ගණනාවක් කටාර් රාජ්‍යය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කිරීම හමුවේ සිදු වී ඇති ගැටලු සහගත තත්ත්වයෙන් කිසිම ශ්‍රී ලාංකිකයකුට බලපෑමක් එල්ල වී නොමැති බව ‍විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් 125,000 පමණ පිරිසක් කටාර්හි රැකියාවල නියැළෙන අතර ඔවුන්ට යම් ආකාරයක තර්ජනයක් වුවහොත් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කටාරය ඉස්ලාමීය අන්තවාදයට සහාය දක්වන බව ප්‍රකාශ කරමින් ඔවුන් සමඟ සබඳතා අත්හැරීමට එක්සත් එමීර් රාජ්‍ය, සවුදි අරාබිය, බහරේනය, ‍ලිබියාව, යේමනය, ඊජිප්තුව යන රටවල් කටාර් රාජ්‍යය වෙත සිය දේශ සීමා වසා දමනු ලැබී ය. එයින් එරට ආහාර හිඟයක් ඇතිවිය හැකි බව ද අනතුරු ඇගවිණි. 

Comments