![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/26/environment-school.jpg?itok=vhVQ28h1)
ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී පාසල් 4000 ක පාසල් නියමු භට කණ්ඩායම් පිහිටුවා පාසල් සිසු සිසුවියෝ ලක්ෂයක් පරිසරය සුරැකීමට යොමු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
මීට අමතරව 2020 වන විට රටේ සියලුම පාසල්වල පරිසර නියමු භට කණ්ඩායම් පිහිටුවන බවත් එම නියමුවන්ට පරිසරය සුරැකීම සතා සීපාවා සුරැකීම පිළිබඳව ජීව විද්‍යාත්මක දැනුමක් ලබාදෙන බවත් සභාපතිවරයා කියයි.
අපොස උසස් පෙළ සමත් වූවිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුවිශේෂ ලකුණු 4 ක් මෙම පරිසර නියමු භටයන්ගෙන් ජනාධිපති පදක්කම ලබාගත් අයට ලැබෙන බවත් ඒ මහතා පැවසීය.