
ජගත් පරිසර දිනයේ 44 වැනි සංවත්සරය ජූනි 5 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව පරිසර දිනයට පූර්ව සතිය ජාතික පරිසර සතිය ලෙස මෙවරත් නම් කර ඇත.
ඒ අනුව මෙවර මැයි 29 සිට ජූනි 5 දක්වා වූ සතිය ජාතික පරිසර සතිය ලෙස නම් කර ඇතැයි පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසයි.
මෙවර ජගත් පරිසර දින ප්‍රධාන ජාතික උත්සවය ජූනි 5 වැනිදා පෙරවරු 9 සිට කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඊට අමතරව ජාතික පරිසර සතියේ වැඩසටහන් 29 සිට ජූනි 5 වැනිදා දක්වා පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන මගින් රට පුරා ක්‍රියාවට නංවනු ලැබේ.
ඒ අනුව මැයි 29 දැනුම්වත් කිරීමේ දිනයයි. මැයි 30 පරිසරය පවිත්‍ර කිරීමේ දිනයයි. මැයි 31 කසළ කළමනාකරණ දිනය වන අතර ජූනි 1 වැනිදා රුක් රෝපණ දිනය වේ. ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ජූනි 2 වැනිදා වේ. ජූනි 3 වැනිදා ෛජව විවිධත්වය සංරක්ෂණ දිනය වන අතර ජූනි 4 වැනිදා තිරසර ඉඩම් කළමනාකරණ දිනය වේ.
මැයි 29 වැනිදා පරිසරය පිළිබඳව දැනුම්වත් කිරීමේ දිනය යි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා පවසන පරිදි එදින රෙට් ම ගැටලුවක් වන කසළ ගැටලුවට විසඳුමක් ලබාදීමට දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මැයි 29 වැනිදා රෙට් සෑම නිවසකට හා පළාත් පාලන ආයතනවල කසළ වර්ගීකරණය කිරීම සඳහා දැනුම්වත් කිරීම් කරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය මගින් එදින කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් 10 ක සිසු පරපුර, පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීම සිදු කරනු ලැබේ.
ඊට අමතරව කළුතර පාලින්ද නුවර මොරපිටිය විද්‍යාලීය පුස්තකාලයට පරිසරය ආශ්‍රිත පොත් 2 ක් පරිත්‍යාග කිරීම ද මෙදින මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කරනු ලැබේ.
30 වැනි දින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ජූනි පළමු වැනිදා රුක් රෝපණය සඳහා දිවයින පුරා දිසා වන නිලධාරි කාර්යාල 23 ක් මගින් රුක් රෝපණ වැඩසටහන් 300 ක් ක්‍රියාත්මක කරන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ මහතා පවසයි. මීට අමතරව රාජ්‍ය දැව සංස්ථාව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ද මෙවර ජාතික පාරිසරික සතිය වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවනු ලැබේ.
මේ යටතේ රාජ්‍ය දැව සංස්ථාව මඟින් දැව කල් තබා ගැනීම් පිළිබඳව දැනුම්වත් කිරීම් සිදු කරන බව රාජ්‍ය දැව සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ මහතා ‘සිළුමිණ’ ට පැවසීය.
මේ අනුව මෙවර ජාතික පරිසර සතිය ඇතුළත පරිසර සංරක්ෂණයට අදාළ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සිදුවන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසයි.