ඇළ මාර්ග අසල අනවසර තට්ටු ගොඩනැඟිලි ඉවත් කිරීමට පියවර? | Page 2 | සිළුමිණ

ඇළ මාර්ග අසල අනවසර තට්ටු ගොඩනැඟිලි ඉවත් කිරීමට පියවර?

 ඇළ මාර්ගයක් තිබේ නම් ඊට අඩි 20කට මෙපිට කිසිම ගොඩනැගිල්ලක් ඉදිකිරීම තහනම් බව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

මේ අතර ඇළ මාර්ග අසල එහි ස්වාරක්ෂක කලාපයේ ඉදි කළ අනවසර නීති විරෝධී මහල් ගොඩනැගිලි 36ක් වැල්ලවත්තේ හා බම්බලපිටියේ ඇතැයිද ඒවා කඩා ඉවත් කිරීමට නීතිමය පියවර ගැනීමට නඩු පවරන බවද ඇළ මාර්ග අනෙකුතු ගොඩනැඟිලි ඉදිරියේදී ඉවත් කිරීමට පියවර ගන්නා බවද අසේල ඉද්දවෙල මහතා පවසයි. යම් ගොඩනැගිල්ලක් ඇළ හා ජල මාර්ග අසල ඉදි කර ඇතැයි අදාළ පළාත් පාලන ආයතන ඊට‍ වගකිව යුතු බවද, ඒ ආයතනවල අවසරය ඇතිව ජලය හා විදුලිය ලබාදුන්නේ කෙසේද යන්න ගැටලුවක් බවද ඉද්ද‍ෙවල මහතා පවසයි.

ඒ අනුව වැල්ලවත්ත ගොඩනැගිල්‍ල කඩා වැටීමේ වගකීම අයිතිකරුට පමණක් නොව එම ගොඩනැගිල්ලට අදාළ සැලසුම් අනුමත කළ නිලධාරීන්, තාක්ෂණික ශිල්පීන් පමණක් නොව වරලත් ඉංජිනේරුවා පවා දැරිය යුතු බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි.

මේ අතර බස්නාහිර හා මහ නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා හා කොළඹ නගර සභාව කොල්ලුපිටිය සිට දෙහිවල ගල්කිස්ස දක්වා අන්තරායකාරී අනවසර ගොඩනැගිලි හා මහල් නිවාස 10000ක් ඇති බවත් ඒවාට විරුද්ධව ඉදිරියේදී තරා තිරම නොබලා ‍නීතිමය කටයුතු කරන බව ද ඇමැතිවරයා කියයි. 

Comments