![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/19/lighting.jpg?itok=q70f28W9)
ඉදිරි දිනවල දී වැස්ස වැඩි වෙන බවත් අකුණු අනතුරු ද වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසන්නේ අන්තර් මෝසම් සමයේ අවසානය, නිරිත දිග මෝසම් ආරම්භය සනිටුහන් වන මේ සමයේ මේ වැස්ස වැඩිවීම සෑම වසරකම සිදුවන බවයි.
මේ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත සවසට පුත්තලම සිට ගාල්ල මාතර වෙරළාශ්‍රිත ප්‍රදේශවල නිරිත දිග, බස්නාහිර මධ්‍යම ප්‍රදේශවල අකුණු සමඟම වැසි ඇතිවීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි සතිවලදී නිරිත දිග මෝසම ආරම්භ කරනු ඇතැයි ද ඒ අනුව දවසේ ඕනෑම වෙලාවක වැස්ස ඇතිවීමට ඉඩ ඇතැයි ද කේ.ආර්. අභයසිංහ මහතා පවසයි.