රෝහල් 200ක් 'ඊ-හෙල්ත්' ව්‍යාපෘතියට | Page 12 | සිළුමිණ

රෝහල් 200ක් 'ඊ-හෙල්ත්' ව්‍යාපෘතියට

මේ වසර තුළ රජයේ රෝහල් 200ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැරසෙයි. මෙමගින් රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ ලියාපදිංචිය පරිගණකගත වන අතර, රෝගීන්ගේ වෛද්‍ය වාර්තාද පරිගණකගත කිරීමෙන් කරදරයකින් තොරව රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකි වෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරියකු සඳහන් කළේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ රෝහලකට ඇතුළත් වන රෝගියකුට තමන්ගේ සියලු තොරතුරු පරිගණක ඔස්සේ වෛද්‍යවරයාට බලාගත හැකි බවයි. මුල් අදියරේදී මේ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට සියලුම මූලික හා ශික්ෂණ රෝහල් ඇතුළත් කෙරේ.

Comments