
ජාතික ළමාරක්ෂක අධිකාරියෙහි නව සභාපතිනිය ලෙස නීතිඥ ධරිනි ද ලිවේරා මහත්මිය පත්ව සිටී. නීතිවේදී උපාධිධාරිනියක වන ධරිනි ද ලිවේරා මහත්මිය මානව හිමිකම් පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාලාභිනියක ද වේ. ව්‍යවස්ථා හා මානව හිමිකම් නීතිය පිළිබඳ පශ්චාද් උපාධිධාරිනියක වන ලිවේරා මහත්මිය ලන්ඩන් ට්‍රිනිට් විද්‍යාලයීය නාට්‍ය හා භාෂා අධ්‍යයන ආයතනය (Speech and Dram Trinity Collage London) හි බලපත්‍රලාභී ගුරුවරියක ද වන අතර එක්සත් රාජධානියෙහි ලන්ඩන් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් (London Academy of Dramatic art uk) වෙතින් මහජන ඇමැතීම සඳහා රන්පදක්කම් ලාභිනියක ද වේ.
ලිවේරා මහත්මිය මහා බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව හා සී ෂෙල්ස් ජනරජවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, යුරෝපා නීතිය, අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, අන්තර්ජාතික අපරාධ නීතිය හා පොදු අන්තර්ජාතික නීතිය යන විෂයයන් පිළිබඳ ආචාර්යවරියක ලෙස ද කටයුතු කරයි.
ශ්‍රී ලංකා පොලිසිය හා යුධ හමුදා නිලධාරීනට මානව හිමිකම් නීති උපදේශිකාව ලෙස ද කටයුතු කර ඇති ඇය ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ කමිටුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කමිටුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ කමිටුව යන කමිටුවල සාමාජිකාවක වශයෙන් ද කටයුතු කර ඇත. මේ වනවිට ඇය ජාතික කාන්තා කමිටුවෙහි සාමාජිකාවක ලෙස ද කටයුතු කරයි.