ඔහු දැන සිටියා,
නානාවිධ කයි කතන්දර
කෙසේ නම් ඔහු ඒ කුසලතා
උකහා ගත්තේ ද යන්න
මට නිබද පැනයක් ව ී
අප හමුවුෙණ්
ඔහුගේ කුඩා නිවහනේ
හරියට තනා නැති,
ඉස්තෝප්පුවේදි
කිසි කෙනකු පෙනෙන්නට
සිටියේ නෑ ඒ නිවහනේ
මා ප්‍රශ්න කෙළත් නෑ ඒ ගැන
කයි කතන්දර කීම
ඔහුට රිසි විය තනිව ම
“ඇයි ඔබ මේ කතා
එකතුකොට නොලියන්නේ?”
මම අසමි.
“කාට පුළුවන් ද ඕවා
මහත්තයා ලියන්නකෝ
මම කියන්නම් කොතෙකුත්”
මම කල්පනා කරමින්
පිටත්වෙමි ඔහු නිවසින්
සුළි සුළඟක් හමා ගියා
මහා වැස්සක් ඇද හැලුණා
එළිවෙනතුරු ගස් ඇඹරි ඇඹරි
බිමට කඩා වැටුනා
දැඩි නිශ්ශබ්දතාව
බියකරුය හැම දින ඉන්පසුව
කයි කතන්දර කප්පරක් කී ඔහු
සිහිසුන් නැතිව සිටියා
බිම වැටී
ඉන්පසුව මට ඇසුණේ
යම්තමින් ඔහුගේ හඬ
මතක බිඳක් පමණකි
‘ඔන්න මහත්තයෝ හිටියා...
එක්තරා සිංහයෙක් මහා වනයක
ඒ සිංහයා ලෙනෙන් පිටවන වෙලාවේ
අන් සතුන් බලා ඉන්නේ
හික්මීයන් ලෙසින්...”
සුන්දර කතන්දර කරු
නික්මි ගිහින්
කතන්දර ඉතිරි කර...