කයි කත­න්දරකාරයා | Page 2 | සිළුමිණ

කයි කත­න්දරකාරයා

 

ඔහු දැන සිටියා,
නානා­විධ කයි කත­න්දර
කෙසේ නම් ඔහු ඒ කුස­ලතා
උකහා ගත්තේ ද යන්න
මට නිබද පැන­යක් ව ී

අප හමු­වුෙණ්
ඔහුගේ කුඩා නිව­හනේ
හරි­යට තනා නැති,
ඉස්තෝ­ප්පු­වේදි

කිසි කෙ‍නකු පෙනෙ­න්නට
සිටියේ නෑ ඒ නිව­හනේ
මා ප්‍රශ්න ක‍ෙළත් නෑ ඒ ගැන
කයි කත­න්දර කීම

ඔහුට රිසි විය තනිව ම
“ඇයි ඔබ මේ කතා
එක­තු­කොට නොලි­යන්නේ?”
මම අසමි.

“කාට පුළු­වන් ද ඕවා
මහ­ත්තයා ලිය­න්නකෝ
මම කිය­න්නම් කොතෙ­කුත්”
මම කල්පනා කර­මින්
පිට­ත්වෙමි ඔහු නිව­සින්

සුළි සුළ­ඟක් හමා ගියා
මහා වැස්සක් ඇද හැලුණා
එළි­වෙ­න­තුරු ගස් ඇඹරි ඇඹරි
බිමට කඩා වැටුනා

දැඩි නිශ්ශ­බ්ද­තාව
බිය­ක­රුය හැම දින ඉන්ප­සුව
කයි කත­න්දර කප්ප­රක් කී ඔහු
සිහි­සුන් නැතිව සිටියා
බිම වැටී

ඉන්ප­සුව මට ඇසුණේ
යම්ත­මින් ඔහුගේ හඬ
මතක බිඳක් පම­ණකි

‘ඔන්න මහ­ත්තයෝ හිටියා...
එක්තරා සිංහ­යෙක් මහා වන­යක
ඒ සිංහයා ලෙනෙන් පිට­වන වෙලාවේ
අන් සතුන් බලා ඉන්නේ
හික්මී­යන් ලෙසින්...”

සුන්දර කත­න්දර කරු
නික්මි ගිහින්
කත­න්දර ඉතිරි කර...
 

Comments