සතියේ මියු­සික් වීඩි­යෝව | Page 444 | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

මලවිගේ දෙවැනි ගීතය ‘දෙනෙත් සිත්තම්’

අද රසඳුන ගෙන එන ‘දෙනෙත් සිත්තම්’ ගීතය ගයන්නෙ සංජීව මලවිආරච්චි. ක්ෂේත්‍රයේ වැඩි දෙනෙකු නම් ඔහුව හඳුන්වන්නෙ මලවි නමින්. මලවිගෙ දෙවැනි ගීතය තමයි දෙනෙත් සිත්තම්. මලවි ක්ෂේත්‍රයට එන්නෙ ප්‍රසංග වේදිකා ‍නිවේදකයකු ලෙසට. කලක් එහෙම කටයුතු කළ ඔහු පසුකාලීනව ගීත ගයන්නට යොමු වෙනවා. ඔය අතරතුරදියි මලවිට හිතෙන්නෙ තමන්ගේ ම ගීතයක් ගයන්න. ඔහුගේ පළමු ගීතය රචනා කළේ අනෝමා විජයවර්ධන. ඇය ටෙලිනාට්‍ය පිටපත් රචිකාවියක්. ඒ පද රචනයට සංගීතය මුසු කළේ ජෝර්ජ් සේනානායක. හේමලාල් ගීතදේවගෙ ශබ්දාගාරයේ පටිගත කළ එම ගීතය තැනුණේ බංගලිදේශ තනුවකට අනුවයි. ‘ආදරයේ මායා’ ලෙසට නම් කළ එම ගීතයෙන් පසුවයි ඔහු දෙනෙත් සිත්තම් ගීතය පටිගත කළේ.

එය කසුන් ප්‍රීමාල්ගේ පද රචනයක්. සංගීතය සඳරුවන් ජයසිංහගේ. හරි ක්‍රියේෂන් මඟින් දෙනෙත් සිත්තම් ගීතයේ මියුසික් වීඩියෝව නිමකොට තිබෙනවා. මලවි වර්තමානයෙහි පදිංචිව සිටින්නේ බංගලාදේශයේ. ඔහු එහි පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මේ වනවිට දෙනෙත් සිත්තම් අන්තර්ජාලය හරහා නරඹපු ප්‍රමාණය ලක්ෂ අටකට වඩා වැඩි බව මලවි පැවසුවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක් ම තිළිණ කරන්නට ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

දෙනෙත් සිත්තම්හි පදමාලාව

දෙනෙත් සිත්තම් පාට කරමින් ඔය උරහිසේ තැබූ

කඳුළු පැල්ලම් මකා දැමුවේ ඔය දෑතමයි පැතූ

එදා දුක් නැති කළේ සෙනෙහසින් ඉන්නදෝ

මේ තරම් පෙම් කළේ ඔබත් හැර යන්නදෝ

යළිත් රිද්දන්නදෝ

ඇයගෙන් ලැබූ දුක් ‍වේදනා අමතකවෙලා

අලුතින් හීනෙ පෙම පිදුණේ ඔබගෙන් නිසා

කාටවත් දුන්නෙ නැති තරම් හිතේ ආදරය පුද කළා

මේ තරම් දුකක් හිමි වුණේ යළිත්

රැවටුණේ මං නිසා

මිතුරියක ලෙසින් මට ළ‍ංවෙලා පෙව්වත් වෙලා

කවදාකවත් නොලැබු තරම් පෙම් කළ නිසා

කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා

මේතරම් දුකක් හිමිවුණේ යළිත් රැවටුණේ මං නිසා 

 

Comments

ඔබ හරි නිහල්. මේ ගීතයේත් සංගීතයත් දැන් දිනපතා රාත්‍රි 8.30ට යන කවුරුන්ද ඔබ මගේ ටෙලිනාට්‍යයට දිල්වාලේ චිත්‍රපටියෙන් අමු කොපියක් ගෙන එය ගායනාකල තැනැත්තෙක්. මේ අයට කිසි ලැජ්ජාවක් නැහැ. රෙදි නැතුව වුනත් පාරෙ යයි.

සල්ලි තියෙන හැමෝම මෙහෙම වෙන රටක ජනප්‍රිය සින්දුවක් අරන් ඒක කොපි කරලා ජනප්‍රිය වෙන්න හිතලා මේ වගේ සිංදු හදනකොට ඒකට මාධ්‍යත් සපෝට් කරනකොට අන්තිමේ ඉවර වෙන්නෙ අර 1960 ගනන්වල වගේ ඉන්දියානු සංගීතය මේ රට බිලි ගන්න එකයි

ඔයාලා ඔක්කොම වැරදියි. බංගලි දේශය අපිට වඩා හැම දේටම ඉදිරියෙන්. දුප්පත් තමයි නමුත් දක්ෂතා අතින් ඉහලයි. සාගරයක් වගේ ඇති ජන ගී අපිට කොයින්ද? අයොන් චක්ලාඩර් , ගීත් ගංගුලි , අර්ජිත් සිංග් වගේ තරුන සංගීත ශිල්පීන් අපිට කොයින්ද? මේ වගෙ කොපි මාස්ටර්ලා තමයි මේ රටේ වැඩි, දැන් ක්‍රිකට් වලිනුත් වැදීගෙන එන්නෙ, බලා ඉන්නකෝ.

පිටු