2016 දී යෞවන සමාජවලින් රුපියල් ලක්ෂ 6000ක සංවර්ධන වැඩ | සිළුමිණ

2016 දී යෞවන සමාජවලින් රුපියල් ලක්ෂ 6000ක සංවර්ධන වැඩ

 පසුගිය වසරේදී මෙරට යෞවන සමාජ මඟින් රුපියල් ලක්ෂ 6000 ක පමණ සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ඇතැයි ද ඒ අනුව පාලම්, පාරවල්, ක්‍රීඩාංගණ, පන්සල් හා ළදරු පාසල් වැනි ජනතා හිතකාමී ව්‍යපෘති රැසක් ජනතාව සතුකර ඇති බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්.ජී.එස්. එරන්දක මහතා පවසයි.

යෞවන සමාජවලට සංවර්ධන වැඩ සඳහා රුපියල් 75,000 ක් ලබාදුන් බවත් එම මුදලින් සමහර යෞවන සමාජ රුපියල් ලක්ෂ 6 - 7 වටිනා ව්‍යාපෘති අවසන් කර ඇති බවත් සභාපතිවරයා පවසයි.

ඒ අනුව තරුණ සේවා සභාව මඟින් මෙරට යෞවන සමාජ 1500 ක් සඳහා ලක්ෂ 1200 ක මුදලක් ලබාදුන්නත් එම මුදල මඟින් රුපියල් ලක්ෂ 6000 ක් වටිනා සංවර්ධන කටයුතු අවසන් කර ඇති බවත් සභාපතිවරයා කීය.

මේ වසරේදී සෑම ‍යෞවන සමාජයකටම තම බල ප්‍රදේශයේ ජනතා හිතකාමී ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්ෂයක් ලබාදෙන බවත් එමඟින් අඩු ගණනේ රුපියල් ලක්ෂ 10,000 ක් වටිනා සංවර්ධන වැඩ කටයුතු රටට හිමිවනු ඇති බවත් සභාපතිවරයා පවසයි. 

Comments