ඇමැති මාරුවක් අත ළඟ? | සිළුමිණ

ඇමැති මාරුවක් අත ළඟ?

තම කැබිනට් මණ්ඩලය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස අවධානය යොමුකර ඇති බවත්, ඒ අනුව අකාර්යක්ෂම සහ චෝදනාවලට ලක්වූ ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ ඕනෑම මොහොතක වෙනස්වීමේ හෝ අහිමි වීමේ තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිළුමිණ සමඟ අදහස් දැක්වූ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේ පසුගිය කාලය තුළ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපයන්, මහජන අප්‍රසාදයට ලක්වීම සහ අකාර්යක්ෂම අමාත්‍යවරුන් පිළිබඳ අවධානය යොමුකළ බවත් කී ඇමැතිවරයා මේ වන විට ද දැඩි ලෙස ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව පවතින චෝදනාවල සත්‍ය අසත්‍යතාව අකාර්යක්ෂමතාව මත පවතින අමාත්‍යාංශ ඕනෑම අවස්ථාවක වෙනස්වීමේ හැකියාවක් පවතින බව අවධාරණය කළේය. 

Comments