නුවරඑළියේ වන උයනේ දැවැන්ත විනාශයක් | සිළුමිණ

නුවරඑළියේ වන උයනේ දැවැන්ත විනාශයක්

 මෙරට මුහුදු මට්ටමෙන් ඉහළින්ම පිහිටි ජාතික උද්‍යානයක් වන නුවරඑළියේ ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයේ අවට කැලෑ කැපීම හා වගා කිරීම නිසා තර්ජන රැසක් එල්ල වී ඇතැයි නුවරඑළියේ පරිසර ලෝලීහු පවසති.

වසර ගණනාවකට පෙර හෙක්ටයාර 55 ක්ව තිබූ මේ ජාතික උද්‍යානය දැන් හෙක්ටයාර් 29ක් බවට පත්ව ඇති බවත් ජාතික උද්‍යානය වටා අවට ඇති රූස්ස ගස් කපා හෝටල් සෑදීම හා වගා කිරීම නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බව ඔව්හු පෙන්වා දෙති.

අංකටුස්සා, සමනළ විශේෂ හා විවිධ පක්ෂි විශේෂ රැසක් ජීවත්වන මෙම ජාතික උද්‍යානය උමා ඔයේ ජල පෝෂක ප්‍රදේශය බවත් එය විනාශ වුවහොත් නුවරඑළියට පමණක් නොව අවට පහළ ප්‍රදේශවලට ද ජල හිඟයක් ඇතිවෙනු ඇති බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව අප කළ විමසීමකදී ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයේ නිලධාරීන් කීවේ, උද්‍යාන භාරකරු කිලිනොච්චියට මාරුකර යවා ඇති බවයි. අනිත් නිලධාරීන් කාර්යාලයේ නැති බවත් වනජිවි නිලධාරීහු කීය. 

Comments