මොරගහකන්ද බලන්න ලක්ෂ තුනහමාරක් ඇවිත් | Page 11 | සිළුමිණ

මොරගහකන්ද බලන්න ලක්ෂ තුනහමාරක් ඇවිත්

මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නැරැඹීමට පසුගිය මාස හය ඇතුළත පාසල් සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයන් ලක්ෂ තුනහමාරකට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි. මින් පාසල් සිසුන් 46,000කට හා තවත් පුද්ගලයන් 70,000කට පමණ තම තොරතුරු මධ්‍යස්ථානයේදී සන්නිවේදන උපකරණ ඇසුරෙන් ව්‍යාපෘතිය පිළිබඳව මනා දැනුමක් ලබා දුන් බවද දයානන්ද මහතා පවසයි.

මෙලෙස පැමිණෙන පාසල් දරුවන්ට සංග්‍රහ හා ප්‍රවාහන දීමනා ලබාදෙන බවද එලෙස මොරගහකන්ද ව්‍යාපෘතිය නැරැඹීමට පැමිණීමට කැමැති අයට ඒ පිළිබඳව 0662053632 දුරකථන අංකය ඔස්සේ වැඩි විස්තර දැනගත හැකි බවද ඒ මහතා පවසයි.

Comments